Pages

Tuesday, February 28, 2012

සංසාර පුරුද්දට

තනිව යන්න මේ සංසාරේ
බැරිම හින්දයි මෙහෙම බැදුනෙ
පුරුදු විලසින් මතක උයනේ
සැරි සරා ඉමු සෙනෙහෙන් ආයේ....
                     නුපුරුදු හැගුමන් හදවත මත්තේ
                    ඉදහිට එබෙයි පුරුදු විලසේ
                    දස දහසක් සෙනග අස්සේ
                     ඔබේ දෙනෙතයි හිතේ ඇදුනේ....
මින් පෙර ආත්ම බවයේ
එකට එකතුව ඉන්න ඇත්තේ
දැකපු මුල්ම දිනයේ
ඒකයි හදවත සැලුනේ....

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..