Pages

Friday, October 12, 2012

අහස් ගව්ව සිඹින තරම් .. 6 වෙනි දිගහැරුම

කලින් කොටස් මෙතනින් බලන්න.


                               කාලය නම් ඉක්මනින් ගෙවිලා ගියා කියන්නත් බෑ..ඕනාවටත් වඩා හිමින් කාලය ගෙවිලා යද්දි හැමදාමත් මහ ලොකු වෙනසක් නැති මගේ ජීවිතයට පුංචි වෙනසක් එකතු කරගන්න මං සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තා.පුංචි කාලෙ ඉදන්ම සංගීතයට තිබ්බ ආසාව නිසාම විටෙන් විට ඉගනගත්තත් වැඩි දුර ඉගෙන ගන්න ඒ වෙද්දි මගෙ අසනීප තත්වය මට බාධාවක් උනා.ඒත් රෝහලේ වාට්ටුවකට වෙලා ගතකරපු මාස ගානෙ තරුණ  නර්ස් කෙනෙක් උන මේදා  මිස් ඉඩක් ලැබුන හැම වෙලාවකම මට වයලීනය වාදනය කරන්න ඉගැන්නුවා.අවුරුදු ගානකට පස්සෙ ආයෙමත් වයලීනයත් අරගෙන මගෙ පුංචි බයිසිකලයෙන්  හැමදාම උදේට "ස්වරාශ්‍රමයට" යන එක මට අලුත් අත්දැකීමක් උනා.ජීවිතේ වැඩිම කාලයක් හුදකලාවෙම ගෙවා දාපු මං  ආයෙමත් ස.රි.ග.ම   අතරින් හිතට  සතුටක් හෙව්වා.. 

                      උත්පල ජපන් ගිහිල්ලා දැන් මාස තුනකුත් ගිහිල්ලා ඒ කාලෙ ඇතුලත උත්පල කතා කරේ කොච්චර නම් අඩුවාර ගානක්ද..

උඹ මෝඩියෙක් දිලා ..ඒ විදියට හිත සැරෙන් සැරේ කොච්චර නම් කෑගහන්න ඇද්ද ඒත් ඒ හිතම උත්පලගේ ආදරේ හොයද්දි වෙන මොනා කරන්නද,
කවදත්  පුරුදු ඔංචිල්ලාවෙ ඉදගෙන මං වයලීනට වයන්න ගත්තෙ තනිවම හිතට එන දහසකුත් ප්‍රශ්න වලින් පැනලා යන්න ඕනා කමටයි.


හප්පේ.. මේකි රහත් වෙයිද මන්දා..
කාලෙකට පස්සෙ තරු..,නිමත් එක්කම  වත්තෙ ගේට්ටුවෙන් ඇතුලට ආවෙ "අහන් ..ඉන්න අහගෙන ඉන්න" ගීතයේ තාලයට ඇස් වහගෙනම වයලීනය වයමින් උන් ඉරියව්වට විහිලුවක් කරගෙනමයි.


අම්මෝ මොකද මේ උඹ අද නිමාව අල්ලගෙන ..මොකො උඹෙ වෙන්ඩ හස්බන්ඩා නැද්ද..

තරු..වත් නිමාවත් පිලිගන්න ඉස්සරහට යන ගමන් මාත් තරුවට විහිලු කලා.
ඉන්නවා ඉන්නවා ..ඒත් මේ 3 සිස්ටස්ලා අස්සට බ්‍රදර් කෙනෙක් අරන් එන එක හරි නෑ නෙ බං.
අනේ අම්මේ.. මේකිටත් දැන් ඩිංග ඩිංග මොලේ පෑදිලා නේද දිලා..

ඇහැක් ඉගිමරමින් නිමා..ත් අපේ විහිළු හවුල් උනා.
හරි හරි දැන් කියපන්කො උඹලගෙ විස්තර
තරුත් නිමාත් මාත් එකට ඉදගෙන ඔන්චිල්ලාවෙ පැද්දෙන ගමන් කතාවට වැටුනා.
අපි ගැන මොනා කියන්නද බං අපි ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවා නැද්ද නිමා..
ම්ම් ..ඔව් ඔව් මේ පේන්නෙ නැද්ද මේකි පිට්ටු බම්බුව වගෙ ඉන්නෙ සැප සහ සනීපෙ පේන්ඩම.

නිමා තරුගෙ පිටට තට්ටුවක් දාන ගමන් කියද්දි අපි තුන් දෙනාම ඉස්සර දවස් වල පංති ගිය කාලෙ වගේ මහා හයියෙන් හිනා උනා.


ආ..මං බැලුවා මේ කවුද කැකිරි පලන්නෙ කියලා
ගේ ඇතුලෙ ඉදන් අම්මා අපි අතරට ආවා.
අපි මේ දිලාව  බලන්න ආවා ඇන්ටි.
ඒක හොදයි මෙයත් ඉතින් පාලුවෙන්නෙ ඉන්නෙ.
ඇන්ටි අපි ලබන සතියෙ ට්‍රිප් එකක් යනවා ඇන්ටිලත් එනවද?

කිසිම දෙයක් මට නොකියම තරූ  අම්මගෙන් ඇහැව්වා.
මට රංජනිත් කතා කරා දරුවො , මේ අන්කල්ගෙ වැඩ නිසා මටයි අන්කල්ටයි එන්නත් බෑ.. දිලාව කවදාවත් මං නැතුව පිට යවලා නෑ නෙ.


අනේ දිලාව එවන්න ඇන්ටි අම්මත් යනවනෙ  බය වෙන්න එපා ...


තනියම එවන එකට වඩා ඔයාලා දන්නවනෙ දිලා ඉන්න තත්වෙ

 
ඒගැන නම් බය වෙන්න එපා ඇන්ටි අපි දිලාව පරිස්සමින් බලාගන්නම්
එවර  කතාවට හවුල් උනේ නිමා,
ම්ම් බලමුකො බලමුකො අන්කල්ගෙන අහලා කියන්නම්කො මං.


අනේ ඇන්ටි එහෙනම් අන්කල්ගෙන් අහලා කොහොම හරි දිලාව එවන්න මෙයත් ඉන්නෙ තනියමමනෙ


හරියට අගක් මුලක් නොදන්න මේ කතාවෙ අවසානෙ වෙනකම්ම මං ඔහේ බලන් උන්නා
ඔය ලමයි දෙන්න කාලා යන්න ඉන්න මං බොන්න මොනා හරි හදන් එන්නම්.
ටික වෙලාවකින් අම්මා ගෙට ගියාට පස්සෙ මං තරුයි.. නිමා දිහා බැලුවෙ සැකෙන් වගේ
මොකද්ද බං ඒ හරුපෙ
හරි හරි ඉතින් උඹට වැඩේ කියන්ඩ කලින් අම්මා ආවනෙ

තරු..වා ත්තර දුන්නෙ අහන්නත් කලින් වගෙ
ආආ..ඒකත් එහෙමද එහෙනම් කියපන්කො බලන්න දැන්


මෙහෙමයි..අපේ ගෙදරයි අසංකලාගෙ ගෙදර අයයි ඔක්කොම ට්‍රිප් එකක් යනවා නුවරඑලි සතියක් විතර ඉන්නවා. ඉතින් උඹලා දෙන්නත් එන්න ඕනෙ .නිමාට නම් අවුලක් නෑ ඇන්ටි ශේප්.උඹව ඉතින් ගන්න අමාරුයිනෙ මං ඉතින් අම්මටත් කිව්වා අම්මා ඇන්ටිටයි අන්කල්ටයිත් එක්කම ඔන්න ඉන්වයිට් කරලා ,දැන් ඉතින් අන්කල් ගෙනුත් අහලා උඹලාගෙ අම්මගෙන් අවසාන ප්‍රතිපලය එනකන් ඉන්න තියෙන්නෙ.
මවා ගත්තු ලතාවකට එක දිගට කියවගෙන ගිය තරූ මන් දිහා බැලුවෙ උඹ ලෑස්තියිනෙ කියන්නා වගෙ.


හරි බං ඒත් උත්පල..

ඔන්න ඔන්න ඕකනෙ උඹත් එක්ක බැරි
නිමා මෙච්චර වෙලා අල්ලගෙන උන්නු මගෙ අත අතාරිමින් අහකබලා ගත්තා.
හරි දැන් මොකද්ද උත්පලගෙ අවුල
තරු කතා කරේ තරහෙන් වගේ
උත්පලට කියන්නෙ නැතුව එච්චර දුර ගමනක්..
මං වචන අද්ද අද්ද වගේ කියද්දි නිමා මැද්දට පැන්නා
හරි මට ඉස්සෙල්ලා කියපන් උත්පල කී දවසක් උඹට කතා කරාද කියලා ආ.. අඩු ගානෙ උඹට ඕන වෙලාවට කතා කරන්න කියලා උඹට නම්බර් එකක්වත් දීලා තියෙනවද? උඹ මෙතන උත්පල උත්පල කියලා නහින්න හදනවා එවුනාට ඌට උඹට තරම් කැක්කුමක් නෑ බං.
හුස්මක්වත් නොගෙන නිමා කියවගෙන යද්දි මටත් හොරෙන් මගෙ ඇස් වලට උනපු කදුලක් හංගගන්න මං උත්සහා කරා.
මේ බලපන් දිලා..
ඕනාවටත් වඩා ඔලුව බිමටම කරගෙන උන්න මගෙ උරහිසට අත තබමින් නිමා සංසුන් හඩින් කතා කලා


උඹ දන්නවා අපි උඹට ආදරෙයි.අපි වගෙ තැලිලා පොඩි වෙලා නෑ අර ඇන්ටියි අන්කලුයි උඹව හැදුවෙ මලක් වගෙ ඉතින් ඇයි මෙහෙම ආදරයක් නිසා දුක් විදින්නෙ ආ..ඒකත් ආදරයක් හරියට නොදන්න කෙනෙක් නිසා.
මං දන්නෙ නෑ  වෙන කිසි දෙයක් මං උත්පලට ආදරෙයි එච්චරයි මං දන්නෙ
ඉතිං ඒ ඇතිද ආ.,

තරූ ප්‍රශ්න කරේ මං ගැන උපන් දුකකින්
මට උත්පල කිසි වරදක් කරේ නෑ නෙ
මං මගෙන්ම අහමින් උන්න ප්‍රශ්නෙ තරු අහද්දි මං උත්තර දුන්නෙ උසාවියෙ විත්තිකූඩුවෙ ඉන්න අපරාදකාරයෙක් වගෙ .


මේ අහපන් දිලා උඹට මං ආයෙත් කියනවා හරකියෙක් වගෙ වැඩ කරන්න එපා.උත්පල කියන්නෙ මේ වෙද්දි පිට රටක ඉන්න කොල්ලෙක් උඹ ගේ ඇතුලට වෙලා ගෙයි ගෙම්බා වගෙ ඉන්නෙ .හිතන්න එපා උඹ වගෙ හැමෝම අවංකයි අහිංසකයි කියලා.


අනේ මං දන්නෙ නෑ තරූ.. උත්පල කවදා හරි මේ ගෙදරට ඇවිත් තාත්තා එක්ක කතා කරයි කියලා මං බලන් ඉන්නවා එතනින් එහාට කරන්න දෙයක් දන්නෙ නෑ මං,


ම්ම්..හරි හරි අපි බලමුකො එහෙම දවසක දැනට උඹ ඉතින් උත්පලගෙ  ගෑනි වගෙ  ඕන එකයි එපා එකයි හැම එකම අහ අහා ඉන්නෙ නැතුව මේ ගමන යන්න වරෙන්.
හ..හරි..ඒත් කිසි දෙයක් හිතාගන්න බැරුව මං ගොත ගැහුවා
ඇයි උත්පල බනිනවද උඹට

මගෙ මූණට එබෙමින්ම තරු ඇහැව්වා.


ගමන බිමන ගැන විතරක් නෙමෙයි ඇදුම පැලදුම ගැන පවා උත්පල ප්‍රශ්න කරද්දි තරූට දිය යුතු උත්තර" ඔව් "කියලා උනත් උත්පල ගැන තවත් නිමාවත් තරූවත් අහිතක් හිතයි කියන බයට මං උත්තර නොදීම ඉදගෙන උන් තැනින් නැගිට්ටා.


හරි හරි දැන් ඔක්කොම හරි තාත්ති හා කියපු ගමන් මාත් එහෙනම් ඔන්න එනවා හරිනෙ .
අන්න එහෙම වරෙන්කො මචො ..


හිමිහිට පැද්දෙමින් තිබ්බ යකඩ ඔන්චිල්ලාවට මාව ආයෙමත් ඇදලා ගන්න ගමන් තරුවා කෑ ගැහැව්වා.



ඊලග සතියෙ සිකුරාදා රෑ වෙද්දි මම නුවරඑලි ගමනට සියල්ල සූදානම් කරගත්තේ ගමනට තාත්තාගේද කැමත්ත ලැබුන පසුවයි. ඒ වෙනකනුත් උත්පලට මේ ගමන ගැන කියන්න නොහැකි වීම ගැන දුකක් හිතේ තිබුනත් උත්පලගෙන් මේ වෙනකනුත් නොලැබුන ඇමතුම ගැන නොහිතා ඉන්න මං හිත හදාගත්තෙ .ඉද හිට සතියකට සැරයක් හෝ සති දෙකකට සැරයක් පමණක් උත්පල කතා කරන බව දන්න නිසයි.


සුදු දූ
තාත්තා කාමරයට ආවෙ මං ඇදුම් බෑගය සූදානම් කරද්දියි.
ඔක්කොම ලෑස්තිද
 ..ඔව් තාත්තා

කකුල කැපෙන්නෙ නැති සපත්තු දෙකක් දාන් යන්න.වැඩියෙ ඇවිදින්න යන්න එපා හරිද

 
ඇද උඩ ඉදගෙන උන්න මගෙ ඔලුව අතගාමින් තාත්තා කිව්වෙ.මොන්ටිසෝරි යන දරුවෙක්ට කියන්නා වගෙයි. හැමදාමත් දැනෙන තාත්තගෙ  ඒ අසීමිත සෙනෙහසට මම  ආසා කරා.මේ ලෝකෙ කාටවත් නැති හොද අම්මා තාත්තා කෙනෙක් මට දුන්න දෙවියන්ට මම හැමදාමත් ස්තූති කෙරුවා.
දූට කිසි අමාරුවක් වෙන එකක් නෑ නේද
නෑ.. තාත්තා බය වෙන්න එපා .රංජනී ඇන්ටිත් ඉන්නවනෙ
ඔයා ආසා හින්දා යැව්වට ඔයා එනකන් අම්මටයි මටයි නින්ද යන එකකුත් නෑ.

ගොඩක් ආදරෙන් තාත්තා එහෙම කියද්දි මං තාත්තට තුරුල් උනේ පුංචි එකෙක් වගෙ.
ආ මේ සල්ලි ඔයා තියා ගන්න.. අම්මා රංජනී ඇන්ටිටත් දෙයි වියදම
එවුනාට ගන්න එකක් නෑ තාත්තා

තාත්තා රුපියල් පන්දාහක් මගෙ අතට දෙද්දි මං කිව්වෙ රංජනී ඇන්ටි සල්ලි නොගන්න බව දන්න නිසයි.
එවුනාට එහෙම හරි නෑ නෙ දරුවො.සතියක් ඉන්නත් එපැයි.
ඒකත් ඇත්ත අම්මට එහෙනම් කෝකටත් දීලා බලන්න කියන්නකො .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

                                                                                               
                                                                 ---- මතු සම්බන්ධයි-------

23 comments:

  1. අමුතුම කතාවක්..... !!!! ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හැමදාමත් කතාව කියවනවට වගේම දිරිගැන්වීමටත් ස්තූතියි සචිත් :)

      Delete
  2. ටිකක් වෙලා යද්දිනේ මතක් උනේ මේ අර අපි කියව කියව හිටපු කතාව කියලා.ඉක්මනට ඉක්මනට කතාව දානවනම් හොදා.නැත්නම් රසවිදින්න බෑ.

    නියමයි.ලියන්න දිගටම

    ReplyDelete
    Replies
    1. හිතලා කල් ඇරියා නෙමෙයි ධම්මික, වැඩ ගොඩක් නිසා අතපහු උනා උත්සහා කරන්නම් ඉක්මනට ඔක්කොම දාන්න.
      ඔබෙත් දිරිගැන්වීම ශක්තියක්

      Delete
  3. හොදයි නගෝ, දිගටම ලියන්න, අපි අසාවෙන් කියවනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩොකා අයියා දිගටම අනිවා කියවන්න .

      Delete
  4. ගොඩක් දිලානේ අක්කියෝ උම්ම්ම්ම්ම්ම්ම්මා හොදේ

    ලස්සනයි කතාව

    ReplyDelete
    Replies
    1. එහෙනම් ප්‍රීති!!! නේද මලේ

      Delete
  5. වෙනද වගේම අදත් කතාව ලස්සනයි

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේ අදත් කියවපු එක වටිනවා

      Delete
  6. පහුවුන කොටස් එක්ක ඔක්කොම කියෙවුවා... බලා ඉන්නව අනික් කොටසත් එනකම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනිති
      සතුටුයි කියෙව්වට

      Delete
  7. මම දැන් කොටස් කතා කියවන්න ගන්නේ ඒ කතාවේ සම්පූර්ණයෙන්ම ලියලා ඉවර වුනාට පස්සේ කියලා තීරණයක් අරගෙන ඉන්නේ..හිහි.. නැත්නම් බලාගෙන ඉන්න එක බොහොම අමාරුයි.. :)

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ලෙඩේ තියනවා හරි එහෙනම් අනිවා..ඉවරඋනාම බලන්නකො ඔක්කොම :)

      Delete
  8. නවකතාකාරිනියකගේ පුතෙකු වශයෙන් සහ පොත්පත් රාශියක් කියවා අතදකීම් ඇති විචාරකයෙකු වශයෙන් මට කියන්නට තිබෙන්නේ. මේ කතාවට ඇගයීමක් කතාව අවසානයේදී දක්වන්නම් කියාය. හැබැයි ඔන්න කියවන ආව ඔබගේ කතාව.
    නිෂි ඔබගේ දිහාට පැමිණෙන්නට පාර සොයාගන්න බැරිව තිබුනේ දැන්නම් සේව් කොරගත්ත පාර.

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද කෝරලේ මහත්තයා.ආසාවට නවකතාවක් ලියන්න ගත්තට ලියද්දි තේරෙන්නෙ ඒ දේ හරියට කරන්න කොච්චර අමාරුද කියලා ඒ නිසාම අදුනිකයෙක් හැටියට ඔබේ ඇගයීම බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා..

      පාර හරියට සෙට් කරගත්තු එකනම් ලොකු දෙයක්

      Delete
  9. නියමයි! ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරුටත් ජයම වේවා!!!!!

      Delete
  10. මමත් ආවා ඕන්න ඔයාගේ ගිමන්හලට.හොඳ කථාවක් ජය ඔබට!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මගෙ පාරමිතාවට යාලුවා.
      ඔබටත් ජය!!!!

      Delete
  11. අපෝ ඇති යාන්තම් කතාව දාන්න මතක් වෙලා,,,
    මං මේ හිත හිත හිටියේ කතාව කියවන්න ගෙවල් හොයන් යන්න වෙයිද කියලා....
    ලස්සනයි නිෂි,,, කතාව වෙනස්ම පැත්තකට යනවා වගේ,,,, ම්ම් බලමුකෝ....
    කොහොම උනත් දිගටම ලියන්න,,,,, ඉක්මනට කතාවේ කොටස් ටික දාන්න,,,


    ටන්කුයි හොදේ.. කතාව පරක්කු කොරාට.....

    ReplyDelete
    Replies
    1. හී.. හී .. වෙල්කම් ඔදෙ :D

      පුලුවන් තරම් ඉකමනට දාන්න බලන්නම් කතාව හැබැයි ඉතින් පොඩ්ඩක් පරක්කු උනොත් ඔහොම පල් කරන්න ඔට්ටු නෑ හලිද :P

      Delete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..