Pages

Tuesday, September 18, 2012

අහස් ගව්ව සිඹින තරම්... 4 වෙනි දිගහැරුම


කලින් කොටස් මෙතනින් කියවන්න,,
අහස් ගව්ව සිඹින තරම්..1 වෙනි දිගහැරුම
අහස් ගව්ව සිඹින තරම්...2 වෙනි දිගහැරුම
අහස් ගව්ව සිඹින තරම්..3 වෙනි දිගහැරුම

සුදු දූ...
සිකුරාදා උදේ කාමරේට වෙලා පොතක් කියවමින් ඉද්දි අම්මා මං ගාවට ආවා..
කතා කරපු විදියෙන්නම් මොනව හරි බරපතල දෙයක් වගේ කියලා හිතුන හින්දා පපුවත් පොඩ්ඩක් ගැහෙන්න ගත්තා ..
දූ ඔයා එදා නිගම්බු ගියෙ කාත් එක්කද ?
ගිය සතියෙ මං උත්පලත් එක්ක නිගම්බු ගියෙ අම්මට නිමා.. ත් එක්ක පොත් ප්‍රදර්ශනයක් බලන්න යනවා කියලා බොරුවක් කියලයි..දෙයියනෙ අම්මට මොනා හරි ආරංචි වෙලාවත්ද.....-??
නි..නි..මා..ත් එක්කනෙ අම්මා.
යාන්තම් වචන ගලපගෙන මං උත්තර දෙද්දි අම්මා මං දිහා බලන් උන්නෙ" උඹට මාව තම්බන්න බෑ පුතේ.." කියන්නක් මෙන් විනිවිද යන තරම් බැල්මකින්.
මේ අහන්න දූ මාත් ඔයාගෙ ඔය වයස පහු කරා ඔයා දැන් පොඩි ළමෙක් නෙමෙයි මොන වා හරි දෙයක් තියනව නම් ඔයාට දැන් මාත් එක්ක කියන්න පුළුවන් වෙන්න ඕනෙ.
අනේ .. අම්මා..
ඇත්තටම අම්මාට මූණ දී ගන්නට නොහැකිව මන් බිම බලාගෙන මිමිණුවා.
මේ බලන්න දූ මං ගොඩක් දේවල් දැන ගෙනයි අහන්නෙ පිරිමි ළමෙක් එක්ක ඔයාගෙ සම්බන්ධයක් තියනවා නේද.
විදුලියක් කෙටුවා වගේ අම්මා එකපාරම අහද්දි  මහා ලොකු වරදක් කරපු අපරාධ කාරයෙක් ගේ මාව ගැහෙන්න ගත්තා.
ම්ම්.. තවත් බොරු කිරිමට හයියක් නැති තැන මං ඔව් කියන්නට මෙන් ඔලුව වැනුවා.
සුදු දූ ඔයාව අපි හැදුවෙ මලක් වගෙ කිසිම දුකක් නොදි .ඔයාව කවදා හරි පිටට දෙද්දි අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා .
ගොඩක් තැම්පත් නිවුනු හඩකින් අම්මා කතා කරා.ඒ එක්කම ඉපදුනු දා ඉදන්ම කිසිම දුකක් වෙන්න නොදි මාව අම්මා තාත්තා බලා ගත්තු හැටි .මට ඇවිදගන්න වත් බැරිව ඉද්දි අම්මා මාව ඇවිද්දවන්න දුක් වින්ද හැටි කොච්චර අමාරු උනත් මගෙ හැම ආසවක්ම එකක් නෑර ඉෂ්ඨ කරන්න තාත්තා වෙහෙසෙන හැටි, හැම දෙයක්ම චිත්‍රපටියක් වගේ මගේ හිතේ මැවෙන්න ගත්තා.
තරුශිගෙ අම්මවත් මට ගිය සතියෙ හම්බුණා ..එයා දැකලා තිබ්බා ඔයා ඒ ළමයත් එක්ක එහෙ මෙහෙ යනව දවස් දෙක තුනක්ම .ඒ ළමයගෙ අයියා එහෙ යනවා එනවලු ..කොහොමත් මෙච්චර ආදරෙන් ඔයාව හදලා අපිට ඔයාව ඒ වගේ තැනකට දෙන්න ඕනා නෑ .තේරුණාද?
අනේ .. අම්මා .. එයා න..ර..ක නෑ නෙ.
ඇස් දෙකටම උල්පතක් මෙන් කදුළු උනද්දි මං යෙත් මිමිණුවා.
හොද නරක ඔයාට වඩා අපිට තේරෙනවා .අනික ඔයා තාම මිනිස්සු ගැන හරියට දන්නෙ නෑ  .මේවා ආරංචි වෙලා තාත්තටත් හොදටම තරහා ගිහින ඉන්නෙ ඒත් ඔයාට මුකුත් කියන්නෙ නැතුව හිටියෙ මං කියන දේ ඔයා අහයි කියලා..හිතුවක්කාර වෙලා තාත්තව තරහාඅවුස්ස ගන්න එපා ..
මෙතක් කල් දැකපු හීන සිතුම් පැතුම් හැම දෙයක්ම කැඩී බිදී  සී සීකඩ විසිර යනවා ගෙ පපුවට දැනෙද්දි වචනයක් වත් කියාගත නොහැකිවා මහා අසරණ කමකින් මං අම්මා දෙසම බලන් උන්නා.
හම්ම්ම්.. දැන් ඉතින් ඕනාවට වඩා ඔය ගැන හිතන්නෙ නැතුව ඉන්න..කවදා හරි ඔයාව හොදට ආදරෙන් බලාගන්න කෙනෙකුට ඔයාව දෙන්න බැරි උනොත් අපිටත් සැනසීමක් නෑ.
ඉකි ගගහා අඩන මගේ හිසට අතක් තබා අම්මා පැවසුවේ මුදු මොලොක් හඩින්.
මේකත් මං ගාව තිබ්බදෙන්.දැන් පංතිත් යන්නෙ නැති නිසා ඕනා නෑ .
මේසය මත තිබූ මගෙ ජංගම දුරකතනය අතට ගෙන තවත් මොහොතක් මා සනසන්නට මෙන් මා දෙස බලා උන් අම්මා කාමරෙන් ගියෙ ලොකු හුස්මක්ද පිට කරමින්..
 අවසානයේ  සියල්ල උඩු යටිකුරු වී මුලු ලෝකයම දෙපාමුල කඩාවැටුනාක්මෙන් දරා ගත නොහැකි දුකකින් කොට්ටයත් බදාගෙන මා හඩා වැටුනා

බොහෝ වේලාවක් ගිය පසු හදිස්සියේම යමක් සිහිවුනාක් මෙන් ඇදෙන් නැගිට මං උත්පලට ලිපියක් ලිවීමට ටන් ත්තා.

ආදර උත්පල
            ඔයාට ලියන මේ වෙලාවෙ මං ඉන්නෙ දරාගන්න බැරි දුකකින් ඒ ඔයා මට අහිමි වෙයි කියන බයටයි.අපි ගැන හැමදෙයක්ම දැන් අපේ ගෙදරින් දන්නවා ආයෙ කවදවත් ඔයා එක්ක සම්බන්ධයක් තියා ගන්න එපා කියලා මට නීතියකුත් දාලා.. ඔයාව මට කොච්චර ඕනාද කියන එක එයාලට කියන්න මට තාම හයියක් නෑ. ඔයාම එන්න උත්පල හැම දෙයක්ම කියන්න මගෙ තාත්තට එයා නපුරෙක් නෙමෙයි .ආදරයක් තේරුම් ගන්න බැරි කෙනෙකුත් නෙමෙයි.අනේ එයාට තේරුනොත් ඔයා මාව  එයා වගේම ආදරෙන් බලාගන්නවා කියලා ඔක්කොම හරි යයි.ඉතින් කියන්න ඔයා එනවා නේද?මං බලන් ඉන්නවා ඔයා එනකන්.. පරිස්සමින් ඉන්න
                                                        මීට
                                               ඔයාගෙ  දිලා..


                    කලයුතු එකම දේ දැන් කරන්න ඕනෙ උත්පලයි කියන හැගීමෙන් ලිපිය ලියලා අවසාන කරපු මම  ලියුම් කවරයක ලියුම  දමා පරිස්සමට පොතක් ඇතුලේ තැබුවේ..ඉක්මනටම නිමා..අතේ උත්පලට ලැබෙන්න සලස්වනවා කියලා හිතාගෙනයි.
 පසුදා දවස උදාවෙද්දිම නිමා..ට කතා කරන්න අවස්ථාවක් එන තුරු මං බලා ගෙනම උන්නා.. දවල් වරුවේ අම්මා කුස්සියේ උයන අතරතුර ගෙදර දුරකථනයෙන් මං නිමා..ට කතා කලා.
මොකද බං උනේ ..අන්න උත්පල මටත් කතා කරලා උඹ ගැන අහැව්වා උබ ෆෝන් එකත් ඕෆ් කරගෙන මක් කරනවද?
කිසිවක් කියන්න ඉඩක් නොතියම නිමා.. මගෙ ඇගට කඩන් පැන්නා.
වෙන්න තියන ඔක්කොම වුනා ..

හීන් ඉකියක් මුවින් පිට වෙද්දි මං කිව්වා.
දිලා..ඇයි මේ ..
අම්මා ඔක්කොම දැන ගෙන නිමා.. තරු ලගෙ අම්මගෙන් විස්තරත් අහලා උත්පල ගැන අනේ  මන් දන්නෙ නෑ නිමා.. මට උත්පලව අතාරින්නලු මං කොහොමද නිමා එහෙම කරන්නෙ මං මැරෙයිනෙ.
මේ අහපන් දිලා ඉස්සෙල්ලා කියපන් උඹ හොරෙන් නේද ඔය කතා කරන්නෙ.
හ්ම්ම්...
හිටපන් මං එන්නම් උඹව බලන්න අපි කතා කරමු හරිද
අනේ ඉක්මනට වරෙන් නිමා..
හරි හරි මං එන්නම් දැන් හරකි වගෙ ඔතන අඩලා ඇදගෙන නාන්නෙ නැතුව වෙනසක් නැතුව හිටපං.
ම්ම් හරි..
නිමා.. ගෙ වචන වලට පොඩි එකෙක් වගේ අවනත වූ මං දුරකථනය ලගින් ඈත්ව කාමරයට ගියා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


දිලා..
මටත් නොදැනිම ඇදට වී උන් මගේ ඇස් පියවීගෙන යන්න හදද්දිම වගේ නිමා.. කාමරේට එබුණා.
ආ..උඹ ආවද
ඔව් ඔව් එන්න කලින් උඹලගෙ අම්මටත් මාට්ටු වුණා.
මා අසලින්ම ඇදේ පැත්තකින් වාඩි වෙන ගමන් නිමා.. උත්තර දුන්නා.
ආ..අම්මා මොනාද කිව්වෙ.උඹට බැන්නද
කොට්ටය ඇද විට්ටමට හේත්තු කර  මම ඇදේ ඉදගත්තා
නෑ.. නෑ  අම්මා උඹට ආදරෙයිනෙ බං
උඹෙ හිත හදන්නලු.. ඕනවට වඩා කල්පනා කරන්න දෙන්න එපාලු පව් බං බය ඇති උබ ලෙඩ වෙයි කියලා.
හ්ම්ම්..පව් අම්මා 

ම්ම්..හැබැයි මට කිව්වා ඔන්න උඹගෙ වැරදි වැඩ වලට උදව් කරන්න එපා කියලා.
ඉදගෙන උන් මගෙ කකුලට පුංචි තට්ටුවක් දමා තවත් ටිකක් මට කිට්ටු වෙන ගමන් නිමා..කිව්වා
අනේ..ඉතින් උඹත් මාව තනිකරන්නද යන්නෙ
එකාපාරටම හිතට ආපු බය නිසා මං නිමා ගෙ අත තදින් අල්ල ගත්තා.
පිස්සුද බං..මං ඉන්නව උඹට ..ඒත් උඹට හොදක් වෙන්නයි ඕනෙ හරිද.
මං දන්නවා බං උඹ මට ආදරෙයි.
හරි හරි දැන් කියපන් මොකද උනෙ.
සිදු වූ සියල්ල නිමා..ට විස්තර කර කියද්දි නිමා හැමදාමත් වගේ බාධාවක් නොකරම මට ඇහුන්කන් දී ගෙන හිටියා.
අවසානයෙ දෙනතට නැගුන කදුලු පිසදාගෙන මං උත්පලට ලිවු ලියුම නිමාට දුන්නා.
හරි උඹ දැන් නාඩා හිටපන් මං උත්පලට කියන්නම් ඔක්කොම. ඒත් උඹ හිතනවද  අන්කල් උත්පලට කැමති වෙයි කියලා
හම්ම්. කැමති වෙයි
මහා ගොඩක් දුර හිතන්න ඇති බය හින්දම මං නිමා..ට කෙටියෙන් උත්තර දුන්නා..
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


                         අද ඉරිදා සතියකට පස්සෙ තාත්තා ගෙදර ඉන්න දවස.පාන්දරම නැගිටිද්දි තාත්ති ඊයෙ රෑ ගෙදර එන්න ඇතැයි කියන සිතුවිල්ලෙන් මං මොහොතක් නොසන්සුන් නා,
උත්පල ගැන අම්මා මා එක්ක කතා කරා වගේ අද අදවසෙ කොයි වෙලේ හරි තාත්තාත් මාත් එක්ක කතා කරයි දෝ කියන ප්‍රශ්නය මගෙ හිතෙ රැව් දුන්නා..
වෙනදටත් වඩා වෙලා අරගෙන මූණ සෝදා ඇදුමක් දා ගෙන මං පහලට බැස්සෙ ගැහෙන හදවතින්.
සුදු දූ..
සාලයට වී පත්තරයක් බලමින් උන් තාත්තගෙ හඩින් මං ගැස්සී ගියා.
තාත්තා..

දැන්ද නැගිට්ටෙ ආ.. මෙන්න  මං දූට පොත් වගයක් අරන් ආවා
කිසිම වෙනසක් නැතුව තාත්තා නිල් පාට තරමක් ලොකු බෑග් එකක් මට දික් කලා
අනේ..තෑන්ක්ස් තාත්තා..
හිතට දැනුනු බය අතුරුදහන් වෙද්දි මං තාත්තාගෙ ගෙල බදාගෙන කම්බුලක් සිප ගත්තා.
කෝටියක් ප්‍රශ්න ආවත් ඒ හැම ප්‍රශ්නෙට නිවැරදිම උත්තර හැමදාමත් මගෙ තාත්තා හොයා ගත්තා.කිසිම දවසක අම්මටවත් මටවත් නිකරුනේ බැණ නොවැදුන මගෙ තාත්තා අදත් මට වචනයක්වත් නොකියා සිටින්නෙ අම්මා කිව්වට පස්සෙ ආයෙත් එකම දේ කියලා මගෙ හිත නොරිදා සිටිය යුතුයැයි හිතෙහින්දා වෙන්ති.

  මා ගැන ඇති අසීමිත ආදරය නිසාම මා කවදාවත් හිතුවක්කාරියක් වේවි යැයි තාත්තා හිතන්නෙ නෑ.

ඒ එක්කම ටී එම් ජයරත්නයන්ගෙ අම්මා සකි මම ඒ ලොව හිරුය රිදී.. ගීතයෙ  "මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ..මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ"  කියන පද පේලිය මගෙ හිතට ආවෙ   මගෙ තාත්තා ගැන අසීමත භක්තියක් ආදරයක් මගෙ හිතේ අළුතෙන්ම උපද්දවමින්.


ආ.. මොකද මේ ලොකු ළමයෙක් හුරතල් වෙන්නෙ ආ..
තේ කෝප්ප දෙකක් අතිනගෙන අම්මා සාලයට ආවෙ හිනා වේගනමයි.
අනේ බලන්නකො තාත්තා.. අම්මාට ඊරිසියාවද කොහෙදො.
අම්මගෙ කතාවට බොරු තරහක් මවා ගනිමින් මං තාත්තා ඉදන් උන් පුටුවෙ පත්ත උඩ වාඩි නා.
හරි හරි දැන් ගිහිල්ලා ඉක්මනට ලෑස්ති වෙන්න ගමනක් යන්න.
තාත්ති මගෙ පිටට තට්ටුවල් දාන ගමන් කිව්වා.
කොහෙද යන්නෙ ..?
ගෙදරටම වෙලා හෙම්බත් වෙලා උන් මං ඇහැව්වෙ ගොඩක් ආසාවෙන්


අපි අද බීච් ගිහින්.ලන්ච් එකත් එලියෙන් අරගෙන ආච්චිලගෙ ගෙවල් පැත්තෙත් ගිහින් එමු.ගෙදරටම වෙලා ඉදලා දුවටත් එපා වෙලා ඇතිනෙ .
අනේ මරු තාත්තා නියමයි !!

ආයෙමත් තාත්තගෙ කර හයියෙන බදාගෙනම කම්බුලක් ඉඹගෙනම මං හිදගෙන උන්න තැනින් නැගිට්ටෙ අද දවස ගොඩක් සුන්දර වෙනු ඇතැයි දැනුනු සතුටත් එක්ක.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


           නිමා...... අතේ උත්පලට ලියුම යැවූ පසු ඔහුගෙන් පිලිතුරක් එනතුරු මං මග බලාගෙන උන්නා.කාටත් හොරෙන් උත්පලට කෝල් එකක් දෙන්න හිත බල කරත් .අම්මාට අහුවෙයි කියලා දැනුනු බය නිසාම මං උත්පලගෙ පිලිතුර ලැබෙනකන් ඉවසුවා.
හිතුව විදියට සතියකට විතර පස්සෙ උත්පලගෙ ලියුමත් අරගෙන නිමා ගෙදර ආවා.
උත්පල ඔයාට මොනා හරි කිව්වද නිමා
ලියුම කියවන්නට පෙර මං නිමා.. ගෙන් ඇසුවා.
මට උත්පල මීට් වුනේ නෑ දිලා.. තරූට දීලා තිබ්බෙ මට ඊයෙ තරුවා ගෙනත් දුන්නෙ  ඇන්ටි උත්පල ගැන ඒකිගෙන් අහයි කියලා මෙහෙ ඇවිත් නෑ..

දැන් ඒ ගැන් මුකුත් අහන්නෙ නෑ නිමා.මං ඔක්කොම නවත්තලා කියලා හිතල වෙන්න ඇති.
පව් දිලා.. උඹව විශ්වාස කරනවා ඇන්ටි
මං දන්නවා නිමා.. අම්මලත් උත්පලට කැමති වෙයි නැත්තන් එයාලට දුකක් දුන්නොත් මට හෙණත් ගහයි.
ම්ම් හරි හරි මං යන්නම් බං සදුදා ඉදන් ජොබ් එකට යන්න තියනවා..ඊට කලින් ගොඩක් වැඩ තියනවා බං කරගන්න.. අද ආවෙ උඹ උත්පලගෙ ලියුම එනකම් මෙතන නහින බව දන්න හින්දා

අනේ හොදයි නිමා..ඒත් උඹ ගියාම මටයි පාලුයි..
හරි හරි සෙනසුරාදා, ඉරිදා ගෙදරනෙ බං මං එන්නම් උඹව බලන්න.
උඹට ගොඩක් පිං ..උඹ නැත්තන් මට මොනා වෙයිද දන්නෙ නෑ.......


උත්පලගෙ ලියුම මගෙ අතට දී නිමා ගිය පස්සෙ මං ලියුම දිග ඇරියෙ ගොඩක් නොඉවසිල්ලෙන්...                            

                                                                   මතුසම්බන්ධයි...

20 comments:

  1. හුරේ මමයි එක....

    නියමයි නිෂි ලස්සනයි ඒත් ටිකක් වැඩියෙන් දැම්මනම් හොදා,,,
    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ඉහී... ඔයාට ඉතින් කොච්චර දැම්මත් මදිනෙ :p

      Delete
  2. ඕං කොමෙන්ටුවක් පස්සෙන් වැටිලා මාත් ආවා.....කතාවනම් මුල ඉදන්ම බලන්න වෙනවා...ඒත් දැන් වෙලාවක් නෑ....එන්නං ඈ ආයිත්..

    ReplyDelete
    Replies
    1. ආව එක සතුටක්..
      ආයෙත් නෑවිත් කොහොමද එන්නම ඕනෙ...:)

      Delete
  3. dan hari, meka hoya ganna tibuna amaruwak.

    kawda mata kalin awe?


    Lassanayi naga, digatama liyanna.

    ReplyDelete
    Replies
    1. හික්..හික්. අල අලයා තමා ඇවිත් තියෙන්නෙ ඩොකා අයියෙ..

      Delete
  4. lassanai nishiyo eth ammala kiyana deth ahanna ona neda

    ReplyDelete
    Replies
    1. ම්ම්..අම්මලා දරුවන්ට වරදක් කරන්නෙ නෑ නෙ.. නේද උමා..

      Delete
  5. කොමෙන්ටුවක් පස්සේ පන්නගෙන මේ ආපු ගමන්.මොකක් හරි අවුලක් නිසා බ්ලොගර්ලගෙන් warning එකක් ආවා මෙහෙට එද්දි.පොඩ්ඩක් ඒ ගැන හොයා බලන්ඩෝ... ලස්සනට කතාව ලියලා තියෙනවා...

    //කොහොමත් මෙච්චර ආදරෙන් ඔයාව හදලා අපිට ඔයාව ඒ වගේ තැනකට දෙන්න ඕනා නෑ .තේරුණාද?//

    ගොඩාක් අම්මලා මේ වගේ මෝඩ විදියට හිතනවා.ඒක නම් හරිම කණගාටුදායක දෙයක්.මොකද එයාලා හිතන්නේ ආදරය කරන කොල්ලට වඩා අහසින් පාත් වෙන යෝජිත මනමාලයෙක්ගෙන් හොඳ රැකවරනයක් ආදරයක් ලැබෙයි කියලා.ඒක එහෙම වෙනවනම් ඉතාමත් සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්.ඒත් ඒක මෝඩ මතයක්... මම නම් කියන්නේ තමන්ගේ විවාහ වෙන සහකාරයා හෝ සහකාරිය ගැන තීරණය ගන්න පුළුවන් තමන්ට මිසක් අම්මලා තාත්තලට නෙමෙයි... අම්මලා තාත්තලට කරන්න පුළුවන් ඒ ලමයා කොහොම කෙනෙක්ද කියලා හොයා බලන්න විතරයි.මොකද නරක කෙනෙක් නම් ඒ බව තේරුම් කරලා දෙන එකයි හොඳ.හැබැයි නරක මනින්න ඕනේ කුල මල ආගම් එක්ක නෙමෙයි....

    ගොඩක් අම්මලා තර්ජනය කරනවා තෝ අරූව බැන්දොත් මම ගිනිතියාගන්නවා වහ බොනවා කියලා... හැබැයි මලාට කරන කෙනෙක්නම් දැකලම නෑ තාම.හැබැයි ඔහොම කියපු අය අම්බානකට ඉන්නවා අපේ වටේ පිටේ වගේම නෑදෑයොනුත්.පොඩ්ඩක් මුරණ්ඩු වෙලා තමන්ගේ මතේ වෙනස් නොකරන තැනක හිටියනම් ඒකත් විසඳගත්තෑකි... මේ මමත් එහෙමයි....

    මගේ කොමෙන්ටුව අම්මා කෙනෙක් දැකලා හිත රිදවගන්න අවශ්‍ය නෑ හැබැයි ඉතින් කරන්නේ වැරදි වැඩේ කියලා තේරුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි ගැමියා මේ පැත්තට ආවට..
      100% ක් මං එකගයි ඔයාගෙ කතාවට ..ඒත් තමන් ආදරෙන් හදා වඩාපු දරුවව ආගන්තුක මනුස්සයෙක් හොදට බලාගනිද කියන දේට බය වීම අරුමයක් නෙමෙයි නේද?? ඒත් හැම දෙයක් දිහාම සාධාරන විදියකට බලලා දෙමව්පියො තීරණයක් නොගත්තොත් අනිවාර්යෙන්ම දුක් විදින්න වෙන්නෙ දරුවන්ට..පස්සෙ ඒ දුක දිහා බලාගෙන දෙමව්පියන්ටත් සැනසීමක් නැති වෙනවමනෙ.

      Delete
  6. ඔන්න යාන්තන් මේ පැත්තට එන්න පුලුව්න උනා. ඔය කරල තියෙන්නෙ පුදනකොටම කාපි යකා කියලා අම්මට මාට්ටුනෙ දැන් ඉතින් මොකෝ වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අම්මේ... ඇති යානතම් අර පුරශ්නෙ හරි ගියා කවියො..
      ඒකනෙ අප්පා මේ අම්මලා එක්ක නම් මුකුත් කොරන්ඩ බෑ නෙ..

      Delete
  7. ලියුමේ මොනවද තිබුනේ බලන්න තවත් ඉන්ට එපැයි ඉතින් ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉන්ටකො ඉතින් ටිකක් ..

      Delete
  8. අනේ කෝ අප්පා ඉතුරු ටික... ඉක්මනට දාන්න හොඳේ...
    ඔන්න මං පනුච්චිත් ආවෝ...

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දාන්නම් පනිච්චියෙ,
      ආපු එක සතුටක්..

      Delete
  9. Replies
    1. ම්ම් ඔව් ඔව් අද තමයි :)

      Delete
  10. ටිකක් පරක්කු වුනා මෙ පැත්තට එන්න කතව නම් වෙනදා වගෙම අපුරුයි...\
    නිශි කියන නම ලස්සනයි... ජය.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සචිත් ,
      පරක්කු වෙලා හරි ආවනෙ ඒ ඇති.

      Delete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..