Pages

Monday, November 5, 2012

මගේ කවි හිත

                                        ඔන්න මං අලුත්ම ලේබල් එකක් යටතෙ පොඩ්ඩක් වෙනස් විදියෙ නිර්මාණයක් කරන්න හිතුවා. මේ මගේ කවි හිත ම තමා මේ කවි ,නිසදැස් මං කාලයක් තිස්සෙ ලියපුවා.මගෙ  හිතට දැන්න දේවල් මහා ලොකු දැනුමක් නැතුවට කොලයකුයි පෑනකුයි අරගෙන මං කුරුටු ගෑවා.මේවත් එහෙම ලියවුන ඒවා . මගෙ අතින් ලිය උන අනිත් හැම කවියකටම නිසැදසකටම වඩා මං මේවට ආදරෙයි.. පොඩ්ඩක් බොලදයි තමා ඒත් මේ බොලද කමට නම් කවුරුත් දොසක් කියන්නෙ නම් නැති වෙයි.එහෙම නේද?  ඒ නිසාමයි මේ ටික මේ විදියට එකකට එකක් පෙලගස්සවන්න හිතුනෙ.මේ හැම කවියකම   පුංචි ආදර  කතාවක් තියෙනවා.කතාව කාගෙද කියලා පස්සෙ දවසක වෙනම විදියකට කියන්නම්.. ඔයාලත් එහෙනම් බලලා කියන්නකො මගේ මේ උත්සහය කොහොමද කියලා.

(දැන් ඔන්න ඉතිං සමහරක් අයට හිතෙනවා ඇති නිශියා වෙන වෙන ඒවා ලියනවා .ලිය ලිය හිටපු කතාව ලියන්නෙ නැද්ද කියලා.ඇත්ත මං ඒක ලියන්න කල් ගන්නවා වැඩි ඒ ගැන නම් සමාවෙන්න. හිතලා නෙමෙ උනත් ඊලග කොටස දාන්න මට හැමදාම කල් ගන්න උනා.මං දන්නවා නවකතාවක් එහෙම ලියලා නම් හරි යන්නෙ නෑ.ඇත්තම කිව්වොත් ඉස්සර මේ නිශියා ගෙදරටම වෙලා හිටපු නිසා ඕන තරම් කාලෙත් තිබ්බා.ඒත් දැන්නම් තත්වෙ වෙනස් ඒ නිසා මං හිතුවා ටිකක් වැඩිපුර කාලෙ අරගෙන එකපාරම මුලු නවකතාවම දානවා කියලා.මං කලිනුත් කිව්ව වගේ මහා ලොකු දැනුමක් නැතුවම ආසාවට ලියන්න ගත්තට මොකද නවකතා කෙරුවාවත් ලේසිම නෑ.වෙලාවකට හිතෙනවා ඔන්න ඔහෙ ඉක්මනට ඉවරයක් කරලා දාන්න ඒත් මට ඕනෙ මගෙ හිතේ ඇදුන කතාවම හදිස්සියක් නැතුව පුලුවන් තරම් හොදට ලියන්න .ඒ නිසා ඔන්න යාලුවනෙ "අහස් ගව්ව සිඹින තරම් " පොඩි කාලෙකට දාන්නෙ නෑ ආයෙ එකපාර මුලු කතාවම දාන්නම්.එදාට දැන් වගේම මගෙ කතාවෙ හොද නරක කියලා  අඩුපාඩු පෙන්නලා දෙන්න අනිවා.. එන්න.)


  මටවත් නොතේරෙන සිතුවිලි පොදියක මං උන්නෙ අතරමං වෙලා..ඔයා හිටියෙ ගොඩක් ඈතක හම්ම් ..ගොඩාක් ඈතක මට ලංවෙන්නවත් බැරි තරම් ඈතක .ඔයා හරියට කලුවරම විතරක් රජ කරපු රෑක අහසෙ පායපු සද වගේ .ඒ සඳේ එලියට මං ලෝයි .. කවදාවත් අත පොවන්නවත් බැරි මානයක ඉදන් ඒ සඳටම මං පෙම් බදිවා---
                                            
  හැගීම්, සිතුවිලි එක්ක මං ගොඩාක් ලතවුනා ඔයාගෙම වෙන්න ඔයාට අයිතිය කියන්න මට ඕනෙ .ඒත් ඔයා ඈතයි . .හිතට එන හැගීම් මං කොහොම කියන්නද, ඔයාව කොච්චර හිත ඉල්ලුවත්  ඒ හැගීම් වචන වලට පෙරලන්න අකුරුත් නැති ගානයි.ඉතින් මං හැම දෙයක්ම හීන වලට පෙරලුවා.... මගේ හීන ලෝකෙ ම්ම් .. ඒ ලෝකෙ මං ඔයා එක්කමයි  . ඒත් ...ඒ හීන මට නිදාගන්න නම් දෙන්නෙම නෑ.


                              මේ සතුට කොහොම දරාගන්නද... ඔයා මගෙම වෙලා මටම අයිති උනා.ඔයා වසන්තයක්ම වෙලා මගේ  ජීවිතේට ඇවිල්ලා.. ගිම්හානෙ නිමා උනා. දැන් ඉතින් ඔයා හැමදාටම මං ලගම ඉන්න. මේ පපුවෙ හුස්ම වැටෙන අන්තිම තත්පරෙත් ඔයා මං ලගම ඉන්නව නම්....ම්ම්ම් ඔව් ඔයා  හැමදාමත් මං ලගින්ම ඉන්න රත්තරං..


          කොහොම දරන්නද මේ ආදරේ.. හීනෙන් වගේ ඇවිත් මෙච්චරම පෙරලියක් කරන්නෙ කොහොමද ඔයා එන්න කලින් මං හිටියෙ අතරමං වෙලා වගෙ ..ඔයා ඉරිතැලිලා ගිය පොලවට අනෝරා වැස්සක් වගෙ  .මං හිටියෙ මේ මුලු අහසෙම පියාඹන්න ආසවෙන් ඒත්..  ඒක කරන්න මං දැනන් උන්නෙ නෑ ඔයා ඇවිත් මට අත්තටු දුන්නා ..ඉතින් තවත් මොකටද  බලන්  ඉන්නෙ.  පියාඹනවා මං මේ මුලු අහසෙම.

හිතින් ඔයා මගෙ ලගමයි..ගතින් ගොඩාක් ඈතයි .හම්ම් ..අපි පව්කාර පෙම්වතුන්ද නැත්තම් මේ අපේ අවාසනාවද..හැබැහින් නම් බෑ තමයි ඒත් හීනෙන් හරි මේ මුහුදු මායිමෙන් මෙහාට එන්න.නැත්තන් රෑ අහසෙ තරුවක් වෙලා හරි මට පේන්න එන්න..ඒත් නැත්තම් මේ හුලගෙ වත් ඔයා ඉන්න එහෙමවත් මං ඔය සුවද විද ගන්නම්..


කවි හිත කියපු කවි ඉවර නෑ තව තියෙනවා ..
෴මතු සම්බන්ධයි෴

21 comments:

  1. හරිම ලස්සනයි නිශි මම කොහොමත් මෙ වගෙ ලිපි කියවන්න ආසයි.....

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම අදත් මගෙ නිර්මාණයක් රසවිදලා සතුටක් ලැබුව නම් ඒක මට ලොකු සතුටක් .. බොහොම ස්තුතියි සචිත්

      Delete
  2. harima hagimbara limiyak nishiyo me lipiye ithuru kotasa liyana dawasata me loke thiyena hama sathutakma oyata labila thiyevi

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමා මගෙ හොදම යාලුවෙක් විදියට හැමදාම ඔයා ඒ දේ ප්‍රාර්තනා කරන බව මං දන්නවා..
      කොහොමත් කොච්චර කල් ගියත් "ලෝකෙ තියෙන ලොකුම සතුට" මං ලගටම එනකන් මේක "මගේ කවි හිත" අවසාන කරන්නත් බෑ උමා ..දන්නවනෙ අවසානෙට ලියන කවිය තාම මගෙ අතින් ලියවිලා නෑ..

      Delete
    2. හා දැන් උමා විතරයි එහෙම හිතන්නේ සැකයි මේ ඒ ගැන

      Delete
  3. Replies
    1. හැමදාමත් වගේ මගෙ නිර්මාණ රසවිදිනවට ස්තුතියි ඩොකා අයියා..

      Delete
  4. හරිම අපුරුයි යාලු..ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිරු..
      ඔයාටත් ජයම වේවා!!!

      Delete
  5. සැක සහිතයි ඇයි දැන් ගෙදරට වෙලා ඉන්නේ නැත්තේ (කොයිවෙලෙත් බොලා ස්කයිප් එකේ ඔන්ලයින් ඉන්නේ :/ එත කියනවා ගෙදර නෑලු )

    ReplyDelete
    Replies
    1. හපෝයි!! ඇයි බොල උණහපුළුවො ගෙදර හිටියොත් විතරද ස්කයිප් එන්න පුලුවන් අනිත් එක ඔය කියන තරම් මං එන්නෙත් නෑ ස්කයිප් ඒ ගැන නම් ඉතින් දන්නෝ දනිති ..

      Delete
    2. අපෝ මේවා මහා අසාදාරන බ්ලොග් අපිට නිදහසේ කමෙන්ට් කරන්නත් බැ ඉහි ඉහි ඉහි ඉහි ඉහි ඉහි කමෙන්ට් දාපුවම ප්‍රයිවට් එකේ ඇවිත් බනිනවා කැතයි හරිය

      Delete
  6. මෙකි කියන බොරු මම බලන බලන සැරේ මෙකි ඔන්ලයින්


    ඔව ඔව දන්නෝ දනිති තමා ;)

    ReplyDelete
  7. අමාරුවෙන් වුනත් කියවා ගත්තා.. හරිම ලස්සනයි.. අනේ කෙල්ලේ..හොඳ කෙල්ල වගේ පින්තූර දාන්නේ නැතුව ටයිප් කරලා දාන්නකෝ.. කියවන්න අමාරුයි.. :)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනා රෙඩ් .. කියද්දි වෙච්ච අපහසුවට ආයෙ එහෙම නොවෙන්න වගබලාගන්නම්කෝ.. ගොඩක් ස්තූතියි ආවට ..

      Delete
  8. අගෙයි...හො ද කිවි සිතිවිලි තියෙන හිතක්ද තියෙන්නේ...අනික තමා මං මේ රහසින් අහන්නේ ...ලඟදි බූට් එකක්වත් වැදුනද..නෑනේ...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. රතී.. ආපු ගමන් රහස් නෙ අහන්නෙ .. කොහොම උනත් පැමිනීම සතුටක්

      ඔබත්
      නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

      Delete
  9. හප්පේ ගොඩ දවසකින් එන්නත් බැරි උනා පාරත් අමතක වෙලයි තිබුනේ. කොහොම වෙතත් ලව් ටෝක් වැහෙන පොස්ටුවක් කිව්වා නිෂි

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා කෝරලේ මහත්තයෝ .. මේ පැත්තට එන පාර අමතක උනාට පාරමිතාව අමතක කරනවා එහෙම නෙමෙයි හොදෙ..

      පෝස්ටුව ලව් ටෝක් වෑහෙන විදිට දැනුන නම් ඒකත් ලොකු සතුටක්නෙ ..

      Delete
  10. මම මෙහෙට අවේ නම් අදමයි :)
    //හිතින් ඔයා මගෙ ලගමයි..ගතින් ගොඩාක් ඈතයි .හම්ම් ..අපි පව්කාර පෙම්වතුන්ද නැත්තම් මේ අපේ අවාසනාවද..හැබැහින් නම් බෑ තමයි ඒත් හීනෙන් හරි මේ මුහුදු මායිමෙන් මෙහාට එන්න.//මේ ටික මේ විදිහටම මටත් හිතිලා තියනවා :)

    ReplyDelete
    Replies
    1. රෙහානිව සතුටින් පිලිගන්නවා පාරමිතාවට..

      රෙහානිත් ඈත් ඉදන් ආදරේ විදින කෙනෙක් වගෙයි..

      Delete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..