Pages

Saturday, September 8, 2012

අහස් ගව්ව සිඹින තරම්.. 1 වෙනි දිගහැරුම


    හෝ..... ගාලා එක දිගට වහින්න ගත්ත වැස්සත් එක්ක කරන්න උන්න වැඩ දෙක තුනක්ම වතුරෙ ගියා වගෙ.වැඩ කියලා කිව්වට මට කියලත් මහ ලොකු වැඩ රාජකාරි නැති උනාට සතියට තුන් හතර වතාවක් පුස්තකාලය පැත්තට ගිහින් නිමාලි ලා ගෙදරටත් ගොඩ වෙලා  කයියක් දැම්මෙ නැත්තන් අවුරුද්දකට නෑවෙ නෑ වගේ තමයි.. ඒ නෑම කෙසේ වෙතත දැන් එලියට බැස්සනම දෙයියනේ කියලා හොද නෑමක් නා ගන්න තිබ්බ .
අම්මි  කුස්සියෙ උයනවා ඇති ගෑණු ලමයෙක් කියලා කිව්වට මොකො මාත් ඉතින් වැස්සකටවත් කුස්සියට ගොඩ වෙනවා යෑ උයන වෙලාවට, ඔන්න කන වෙලාවට නම් මං එතන.
කරන්ඩ දෙයක් නැති කමට බාගෙට මහලා තිබ්බ වෝල් හැගර් එකේ මල් තුන හතර ආයෙත් ගෙත්තම් කරන්න හිතුනත් වැස්සත් එක්ක එන කම්මැලි කමටද මන්දා ඒක කරන්ඩ හිතුනෙත් නෑ.
ලා කහපාටින් පේන්ට් කරලා තිබ්බ හතරැස් පුංචි කාමරේ ජනේලය ගාව බිත්තියටම කරලා  මං මගෙ පොත් තියන්නම කියලා හදා ගත්ත තරමක් ලොකු ලී පොත් රාක්කයේ තිබ්බ පොත් ඔක්කොම ටික ඇද උඩට දා ගත්තෙ කාලෙකින් අපිළිවෙළ වෙලා තිබ්බ "මගෙ පුංචි පුස්තකාලය" අස් කරලා දාන්නයි.
 දිලාංජලී ආකර්ෂා
හැම පොතකම ඉටි කවරයක් දාලා මුල් පිටුවේ මුල්ලකට වෙන්න වටකුරු අත්අකුරින් මං ලියා තිබුණා.
අනෙ බං දිලා..  කියවලා දවස් 2න් දෙන්නම්.. කියලා පොත් ගෙනිච්ච කට්ටියගෙම පරම්පරාවම මතක් කරගෙන මාස ගානක් ගිහිල්ලත් තාම ගෙනාවෙ නැති පොත් ටිකෙ නෝට් එකක් දාගත්තා..
ඇයි අප්පා අවුරුදුගානක් තිස්සෙ ආසාවෙන් තියන් ඉන්න පොත් ටික දන් දෙන්න යෑ මං.
 ඔන්න ඉතින් මගෙත් ලේ ගමනා ගමනය වැඩි වේගෙන එද්දි පොත් ගොඩ අස්සෙ තිබ්බ එක පොතක් නිසා මොහොතකට හුස්ම නැවතුනා වගේ දැනුනා.
දිලාට ආදරෙන්
-උත්පල-
හීනි දිගැටි පිරිමි අත්අකුරු මතක් කරන්නම අකමැති ජරා ජීර්ණ අතීතයට මාව ඇදන් ගියා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
හලෝ... මේ නංගිලා
 මාත් නිමාලිත් , තරුශිත් ප්‍රසිද්ධ ඉංග්‍රිසි භාෂාව කතා පුහුණු පාඨමාලාවකට ඇතුල් වීමට ගිය පළමු දිනයේ දහසක් පමණ ලමයි අතරේ ඇඩ්මිෂන් ලබා ගැනීමට  පොර කමින් ඉද්දි පිටු පසින් ඇහුනු උස්  හඩින් මම ගැස්සිලා ගියා. .
ඒත් දෙයියනෙ කියලා අඩුවක් නැතුවම පිහිටල තිබ්බ කටින් වක්කඩ කැඩුවා වගේ වචන අතෑරලා දාන තරුශිය පුරුදු වචන හරඹය පටන් ගත්තා.
අනේ ..අයියලා ෆෝන් එක නම් ගෙදර දාලා ආවෙ කමක් නෑ කියන්නකො ඇයි ඇමතුවෙ කියලා.
ඔය සියුමැලි අතපය අඹර ගන්නෙ නැතුව පැත්තකට වෙන්ඩකො.. අපිට හරි ඉස්සර වෙන්ඩ.
ඇත්තටම කොල්ලොයි කෙල්ලොයි අස්සෙ එක තැන තෙරපි තෙරපි උන්න මට හිතුනෙත් අතක් පයක් නැතුව එලියට යන්න වෙයි කියලා.
ආආඅ.. ඇයි එතකොට අපි ක්ලාස් එකට එන්නෙ හාල්පොත පෙන්නලද.
අපොයි අපේ එකිත් එක්කත් බෑ අප්පා.. ඇදලා නා ගනියිද මන්දා..
හරි හරි අයියලා ඔයාල ඉතින් ඉස්සර වෙලා අපිටත් එක්ක අරන් දෙන්ඩකො එහෙනම්.
අන්න එහෙම මොලේ ඇති කතාවක් කිව්වෙ නම් නිමාලි.
අන්න එහෙම එන්නකො නංගිලා .
එහෙම කියලා ඉස්සරහට පැන ගත්තු කොල්ලො රංචුව ගැන ෂුවර් නැති හින්ද නිමාලියයි තරුශියයි ඇඩ්මිශන් ලබා ගැනීමේ මෙහෙයුමෙ දිගටම නිරත වුණා.. මටත් එක්ක එහෙනම් සටන් කරපල්ලා කියලා සෙනග අතරින් මං ඈත් වෙලා පැත්තකට වෙන්න තිබුනු පුංචි පංති කාමරයක බංකුවක් මත ඉදගත්තෙ  මේ තෙරපිල්ල නම් මට ඔරොත්තු දෙන්නෙ නැති හින්දමයි..
දැනට අවුරුදු 5 ට විතර කලින් ඇති වුනු එක්තරා රෝගි තත්වයක් නිසා මට එක්තැන් වෙන්න වුණා. මගෙ අම්මගෙ ඩොක්ටර්ස්ලගෙ නිවැරිදි වෙද හෙද කම් වල පිහිටින් රෝද පුටුවකම ගෙවන්න තිබ්බ ජීවිතෙන් යාන්තම් ගැලවිලා පය බිම තියලා ඇවිදින්න පුලුවන් තත්වෙකට ම ඇවිත් තිබුනා. ඒත්..තවමත් හරි හැටි වාරු නැති දෙපයත් එක්ක මගෙ වයසෙ අනිත් කෙල්ලො වගේ දුව පැන නටන්න මට තහනම් ..  
හම්ම්... මුල්ම කාලෙ ඒ ගැන මහ ගොඩක් හිතලා දුක් වුනත් මේ වෙද්දි මටම ආවේණික රටාවක් එක්ක මේ ජීවිතයට මං හුරු වී සිටියා.
ලේසි නෑ නේද කිත්සිරි සර් ගෙත් ක්ලාස් එන එක.
මං ඉදන් වුන්න තැනට එහාට වෙන්න තිබ්බ කෙටි තාප්පයට එක දනිස්සක් නමාගෙන කොල්ලන්ටම ආවේනික විදියකට හේත්තු වේගෙන කොල්ලෙක් මා එක්ක කතාවට වැටුණා..
ඔව් .. කවුද හිතුවෙ මෙහෙම දුකක් විදින්න වෙනවා කියලා.
ඔයාටත් එක්ක යාලුවො දෙන්න ගනියිනෙ නේද..
දැන් අහම්බෙන් කතාවට වැටුණා කියලා හිතුවට එහෙම නෙමෙයි කියලා මට ඒ කතාවෙන්  නම් තේරුණා.
ඔයා කොහොමද දන්නෙ ඒක,
කොහොම හරි දන්නවනෙ..
හීන් හිනාවක් එක්ක ලස්සනට කතාව මග ඇරපු හැටි..මේ නම් හොද කපටියෙක් වගෙයි .
මං උත්පල ඔයා?
මං දිලාංජලී
ශා .. ලස්සන නමක්නෙ ..
කම්මුල් දෙකට ලේ පිරීගෙන  යනවා වගෙ දැනෙද්දි මං බිම බලාගත්තෙ මේ ආගන්තුක කොල්ලගෙ කතාවටද එහෙමත් නැත්තම් මිතුරු කමකට වඩා එහා යන්න හදන මෙ බැල්මටද කියලා මටම හිතාගන්න බැරි උනා.
එහෙනම් ක්ලාස් එකේදි හම්බෙමුකො.
කෙටි තාප්පයට උඩින් පනින ගමන් උත්පල යන්න හැරුණා.
ආ..දිලාංජලි ඔය පොත පොඩ්ඩක් අරන් දෙනවද.
මේ යකා මේක හිතලා දාලා ගියාද නැත්තන් ඇත්තටම අමතක වුනාද  කියලා හිත හිතම  මං පොත අරගෙන කෙටි තාප්පයට එහා උන්නු උත්පලට දුන්නා.
පොත අරගෙන හැරිලා යනවා වෙනුවට උත්පල අමාරුවෙන් අඩි තිය තිය ගිය මං  දිහාම බලාගෙන උන්නා.
කකුල මොනා වෙලාද.
ඔන්න ඉතින් දෙයියනෙ කියලා මෙයත් මට ආගන්තුක නැති ප්‍රශ්නෙම ඇහැව්වා.
ආ.. ඒ මේ පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා.
කටට හුරු වෙලා තිබ්බ කෙටි වාක්‍යයෙන්ම මං උත්තර දුන්නා.
ඇක්සිඩන්ට් එකක් කිව්වෙ,,
අයියෝ ... මේකටත් ඕන්නැති මගුලක් නෑනෙ ඇයි අප්පා..ලේසියට ඇක්සිඩන්ට් එකක් වුනා කියලා කිව්වෙ නැත්තන්  හිටිහැටියෙ කකුල් පණ නැති උනා කියන්ඩයැ.. මදෑ මාත් අහුවුන ගිරේ.
ආ.. ඒක මේ පොඩි ඇක්සිඩන්ට් එකක්..
ඉක්මනටම මෙතනින් පැනගනඩ ඕනා වුනත් මේක ඊට පස්සෙ ආයෙත් මගෙ ගමන් ඉරියව් නිරීක්ශණය කරයි කියලා හිතුන හින්ද එහෙම්ම හිටියා..
දිලා.. හරි හම්බුනා යං
දෙයියො එව්වා වගෙ නිමාලි, තැරුෂි අපිටත් එක්ක ඇඩ්මිෂන් අරන් දෙනවා කිව්ව කොලු රෑනත් එක්ක ආවා..
ආ.. හම්බුනා නෙමෙයි ගෙනත් දුන්නා කියන්ඩ
ඔන්න ආයෙත් අර කටකාර කොල්ලා කට ඇරියා..
ආ ඔව් ඔව්.. මෙයාලා තමා අරන් දුන්නෙ .
ඒ එක්කම තරුශිත් කිව්වා.
කටපොඩ්ඩක් වැඩි වුනාට පේන  තරන් නරක නෑ එහෙනම්.
නිමාලිගෙ අතෙ පැටලිලා පංති කාමරෙන් එලියට එන ගමන් මං කිව්වා.
අඩෙ.. උත්පලයා කොහෙද උඹ අතුරුදහනෙ වුනෙ.
කණ්ඩායමෙ වැඩියෙන්ම කියවපු කටකාරයා උත්පල ගෙන් අහැව්වා..
ම්ම් එහෙනම් උත්පලත් මෙ දඩ්බ්බරයන්ගෙ රෑනෙමයි.
උඹල ඉතින් මටත් එක්කම පොරකන හින්දා මං පොඩ්ඩක් පැත්තකට වුනා බං.
අනේ යකො ..  අපේ පහනම පත්තු වෙනකන්  හිටියා උඹ එලිය බලන්ඩ නේද,
එහෙම තමයි බං කල්‍යාණ මිත්‍රයො..
කෙටි තාප්පෙන් මෙහාට ආයෙත් පැන්න උත්පල යාලුවගෙ කරට අතක් දාගෙනම  අපිත් එක්කම එකට වැටුණා-------

විනාඩි විස්සක්  විතර පෝලිමෙ ඉන්න වුනාට අපේ කාණ්ඩයට අලුතින් එකතු වුන දඩබ්බරයන්ගෙ කට කැඩිච්ච කතා ටිකයි අපේ තරුශියගෙත් ඊටම නොදෙවෙනි කටයි හින්දා ඒ වෙලාවත් නොදැනිම ගෙවිලා ගියා . ක්ලාස් එකට ඇතුල් වෙද්දිම ගාල කඩා ගත්තු හරක් ටික වගෙ දුවගෙන ගිහින් අපිටත් එක්කම ක්ලාස් එකේ මැදටම වෙන්න ඉඩක් අල්ල ගන්න අපෙ කණ්ඩායමට ඉබේම වගෙ එකතු වුන උත්පල ඇතුලු පිරිසනම් අමතක කරේ නෑ.
ඉතින් එදා ඉදන් තරංග ,ප්‍රසාද්, වරුණ, උත්පල අපිට ආගන්තුක වුනේ නෑ ...................
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මාසයක් දෙකක් යද්දි ඉංග්‍රීසි පංතිය අපි හැමෝටම සිනාවෙන් පිරුණූ අපූරු තෝතැන්නක් වුණා..
නිමාලිත් ,තරුශිත් මාත් ගෙනියන බත් පතට වග කියන්න කට්ටිය ඉන්න නිසා ටිකක් ලොකුවට පාර්සලය අරන් එන්න අපි පුරුදු වුණා .ඉරිදා දවස විහිළුවෙන් තහළුවෙන් ගෙවිලා යද්දි ඒ හැම දෙයක් අස්සෙම උත්පල යාළු කමකට එහා ගිය දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන බව මට දැනුණා.
දිලා ලස්සනයි ..
පංතිය වෙලේ චිට් එකක ලියලා උත්පල මගෙ පැත්තට දාලා අර පුරුදු අමුතු  බැල්මෙන් මං දිහා බලන් උන්නා.
හීන් හිනාවකින් දෙතොලින් පනිද්දිම  මං ඉක්මනටම පොත දිහාට මූණ ඔබා ගත්තෙ කාන්දමක් වගෙ ඒ දිහවට ඇදෙන මගෙ හිතට පුංචි තරවටුවකුත් කරගෙනමයි.
පංති ඉවර වෙලා බස් නැවතුමට  වෙනකන්ම අපිත් එක්ක පිස්සු කරකර ආපු කොලුරෑනෙන් හා තරූගෙන් වෙන් වෙලා නිමාලිත් මමත් එකම බස් එකට නැග්ගෙ අපි දෙන්නගෙම ගමනාන්තය එකම තැන හින්දා..පාසලේ පුංචිම දවස් වල ඉදන් ම මං ලග සහෝදරියක් වගෙ දුකට සැපට වුන්න නිමාලි මගේ හොදම මිතුරියයි..
හැමදාම වගේ අපේ ගේ ගාවටම මාව ඇරලවන්න එන්න  නිමාලි පුරුදු වෙලා උන්නා .. ගෙදරට යන පුංචි බොරලු පාරෙ හෙමින් හෙමින් අඩි තිය තිය නිමාලිත් මාත් පුරුදු විදියට ඇවිදගෙන ගියා.
දිලා උඹ උත්පල ගැන හිතනවද?..
පොඩ්ඩක් හිත ගැස්සිලා ගියත් පුංචිම පුංචි දෙයක්වත් නිමාලිගෙන් හංගන් ඉන්න බැරි නිසාම මොකක් හරි හොරයක් අහු වෙයි කියලා බයටම මං හිස් අහස දිහා බලාගෙනම හුස්මක් හෙලුවා.
ඒ ගැන මංවත් දන්නෙ  නෑ බං.
එහෙම කිව්වට උඹටත් හොරෙන් උබ උත්පලට ඇදෙනවා ඒක මට පේනවා.
මං බයයි බං මං වගෙ කෙල්ලෙක්ට මොකට ආදරේ කරන්න එනවද මෙච්චර කෙල්ලො ඉද්දි.
ආදරේ කරන්ඩ බාහිර කිසි දෙයක් අදාල නෑ බං . අනික එහෙම කියන්ඩ උඹ කැත කෙල්ලෙක් නෙමෙයිනෙ ඕනම කොල්ලෙක් උබට ලව් කරන්ඩ එනවා හැබැයි ඒ එන එකා  උඹව හොදට බලාගනියි ද කියන එක නම් උඹට හිතන්න වෙනවා.
මං හිතනවා නිමා ඒකයි ආදරෙ කරන්ඩ බය, හිත තලා ගන්ඩ බෑ එක පාරක්වත්.
එහෙම කිව්වට උඹම දවසක කියයි ආදරේ නොකර ඉන්න බෑ කියලා.
ම්ම්.. බලමු.

                                                                                                මතුසම්බන්ධයි..

12 comments:

  1. පටන් ගැන්නමනම් එල.. හොද කතාවක ඇරඹූමක් වගේයි... එහෙනම් සුභ පැතුවා ඔං...

    අඩෝව් අකුරැ ලොකු කරපිය

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්ඩ එපා බොල ලොකු කරා මං..
      තන්කුයි හොදෙ පූවො සුබ පැතුමට

      Delete
  2. කතාවනම් ලස්සනයි නිෂියෝ...... පටන් ගැන්ම හොදා හැබැයි එකෙක්වත් මැරෙන්න බෑ
    හරිය.... ඔන්න එහෙනම් උණුසුම් සුබ පැතුම්..... දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. තන්කුයි තන්කුයි ශා... කියන්න බෑ කියන්න බෑ මැරෙන්ඩත් පුලුවන් අනෙ මං නම් දන්නෙ නෑ ඕං..

      Delete
  3. arambaya mehema nam awasanayath hoda wei kiyala hithanawa...jaya wewa...!

    ReplyDelete
    Replies
    1. එහෙම්ම හිතමු ටුටියො..දිගටම බලන්නකො අලිද

      Delete
  4. Replies
    1. මේ මොකද්ද දගේ මේ???? කොහොම උනත් තැන්කු හොදෙ ආවට මේ පැත්තෙ

      Delete
  5. අඩෙ අප්පා මේ තියෙන්නෙ නියෙමෙටම සෝයි සෝයි කෙල්ලේ මගේ උණුසුම් සුභ පැතුම් අලුත් ලේඛිකාවට. ශෝකාන්තයකින් කෙළවර නොවෙන බොහොම ප්‍රේමණිඋඉය කතාවක ඇරඹුම මේ කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මෙ..ඒ වචන ටිකට හෙන ෆිට් එකක් ආවා කවියො ,, ඇයි ඉතින් එසේ මෙසේ එකියක් යෑ කිව්වෙ.දක්ෂ ලේඛිකාවක්නෙ.. ආයෙත් තැන්කු හොදෙ මුල ඉදන්ම දුන්න ශක්තියට

      Delete
  6. නියම ස්ටාර්ට් එකක් නිශ්.keep it up nishi.best of luck

    ReplyDelete
  7. tnx .. fnd,,,
    දිගටම බලන්න හොදෙ

    ReplyDelete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..