Pages

Tuesday, February 28, 2012

සංසාර පුරුද්දට

තනිව යන්න මේ සංසාරේ
බැරිම හින්දයි මෙහෙම බැදුනෙ
පුරුදු විලසින් මතක උයනේ
සැරි සරා ඉමු සෙනෙහෙන් ආයේ....
                     නුපුරුදු හැගුමන් හදවත මත්තේ
                    ඉදහිට එබෙයි පුරුදු විලසේ
                    දස දහසක් සෙනග අස්සේ
                     ඔබේ දෙනෙතයි හිතේ ඇදුනේ....
මින් පෙර ආත්ම බවයේ
එකට එකතුව ඉන්න ඇත්තේ
දැකපු මුල්ම දිනයේ
ඒකයි හදවත සැලුනේ....

නොකියු පෙම

෴සෙල්ලම් ගෙදරත් අපි එක් වී තැනුවා
පුංචිම උන් ලෙස අපි ලග හිටියා
දුක් වෙන ඔබ දැක දෙනෙතට කදුලක් ඉනුවා
සිනහව වෙනුවෙන් ඔබෙ පෙරුමන් පිරුවා...
                                      එක පංතියෙ අපි එක ලග උන්නා
                                      පුංචිම දේ වුව සමසේ වින්දා
                                      ආදරයට ඔබෙ හිමිකම් පැතුවා
                                      එනමුදු නොකියු පෙම අද ඉකිබිද හැඩුවා.......... ෴

නිදි නැති රැය පහන් වෙන්න

෴ඔයත් එක්ක ලගින් ඉන්න
ජීවිත කාලෙම ගෙවන්න
මේ කෙල්ලට ඇවිත් ඉන්න
ඔය පපු තුරුලේ ඉඩක් දෙන්න....

හැබැහින් බැරිනම් තාම ඉන්න
හීනෙන්වත් ඇවිත් යන්න
නිදි නැති රැය පහන් වෙන්න
නලලත් මගෙ ඉඹලා යන්න....෴

ඔය දෑසින් මා දෙස බැලුවාම

෴ඔය දෑසින් මා දෙස බැලුවාම
වාවගන්න බැරි සෙනෙහක් දැනුනාය
පුංචි කදුලක් නෙතගින් වැටුනාට
සිනා පොකුරක් දෙතොලග රැදුනාය....
                                        කප්පරක්සෙනග යන එන මග සිටියාට
                                        ඔබෙ වන් රුවක් දුටුවේ නෑ තවම
                                        ආත්ම ගානක් තව ගෙවුනාට
                                        ඔබේ රුවමයි සිතෙ ඇදුනෙ හැමදාම.....
                                                                      දෑතින් දෑත පටලා මග වැටුනාම
                                                                        ඔබට ලංවෙලාම ඉන්නට සිත කීවාය
                                                                         රන්හූයෙන් බැද අතැගිලි එකවන දිනක
                                                                          ඔබගේම පතිනිය වී ඉන්නවා ලග හැමදාම....෴

සදාතනික පෙම

෴ශතවර්ෂයක් ගියත් තව
දූවිලි වෙලා අපේ ගත
මියැදුනත් අපේ සිත
සදා අමරණියයි අපේ පෙම.....
එකව ජීවත් වෙන්න බැරි වී
හුස්ම ටික අපේ සුලගේ පාවී
නිසල උනත් ගත ලොවෙන් වෙන්වී
ආතමය අපේ වෙන් නෝවේවී..........෴

ඔබ ඇවිත් ගිහින්

෴ඔය නෙත් මට කියපු කතාවේ
අඩුවක් නෑ දුටුවේ ඒ දිනේ
ඔබටම හිත දුන්නු නිසාවෙ
අඩනවා හිත රෑ තුන් යමේ....
          වෙරල සිඹින මුහුදු රළ වගේ
          ඔබ ඇවිත් ගියා පුදුමයක් සිතේ
          සිහිනෙන් විදි සුවදක් වගේ
          දැනෙනවා තවමත් සුවද ඔබ ලයේ...෴
ආදරය කියන්නෙ මොකද්ද .. කාටද ඒ ගැන
 හරියටම කියන්න පුලුවන් ....

තමන්ට ජීවත් වෙන්න විතරමද කෙනෙකුට ආදරය ඕනා .
මට මේවට උත්තර හොයන්න හිතෙනවා ..ඒත් කවුද උත්තර දෙන්නෙ.
ගොඩක් පෙම්වතුන් දකිනවා අපි ඒත් හැම කෙනෙක්ම ඇත්තටම ආදරයමද කරන්නෙ .මං මෙහෙම කිව්වොත් ආදරය කියලා බොහොමයක් දෙනෙක් හදුන්වන්නෙ හිතේ ඇතිවන උමතුවකට කියලා.
මං කතාවක් කියන්නම්..
                              එක අඹුසැමි යුවලක් ඉන්නවා සැමියා අද බොහොමයක් පුද්ගලයන් මෙන්ම බේබදු චරිතයක් කියන්න පුලුවන්. ඔහු අසීමිතව තම කාලය ධනය තම බේබදු කම වෙනුවෙන් කා දමනවා.
හැබැයි ඔහු ඔහුගේ බිරිදට ආදරය කරනවා ඒත් ආදරය හැම තිස්සෙම ඔහු ප්‍රකාශ කලේ ගුටි බැට වලින්.හේතුවක් ඇතුව හෝ නැතුව ඔහු තම බිරිදට ගුටි බැට දෙන්න පෙලෙඹිලා තිබුනා
කාලය ගෙවිලා ගියා ඔහුගෙ බිරිද රෝගි වෙලා මියදුනා.
ඒ එක්කම සැමියාගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර බිරිදගෙ සොහොන ලගින් ඊට පසු දවසක සොයා ගන්නවා ඔහු තම බිරිදගෙ වියෝව දරාගන්න බැරිව වස පානය කර සියදිවි හානි කරගෙන තිබුනා.
ඔහුගේ ආදරය ගැන ඔබට කියන්න තියෙන්නෙ මොකද්ද ..          
                                        මං කිව්වොත් ඔහු ආත්මාර්ථකාමි උමතු පෙම්වතෙක් කියලා ඔබ මාත් එක්ක එකග වෙනවද? මං ආදරයට ආදරවන්තයන්ට ගරහනවා නෙමෙයි ,හැම පෙම්වතෙක්ම, මෙහෙමයි කියනවත් නෙමෙයි ඒත් කුමක් හෝ  හේතුවකට අද  බොහෝ විට ආදරය යැයි දකින්න ලැබෙන්නෙම ආත්මාර්ථකමි උමතුවක් ම පමණයි...! තම පෙම්වතා හෝ පෙමවතිය තමන්ටම පමණක් අයිති වස්තුවක් ලෙස දකින බොහෝමයක් පෙම්වතුන් ඒ නිසාම තම පෙම්වතියට හෝ පෙම්වතාට නීති පමුණනවා.
                                එහෙම නීති මාලාවකට බොහෝ විට යටත් වෙන්න වෙන්නෙ පෙම්වතියටයි.පිරිමියෙක් වීම නිසා හෝ  ශාරිරකව ගැහැනියකට වඩා ශක්තිමත් වීම නිසා හෝ එවැනි අවස්ථාවක අසරණ වෙන්නෙ යුවතියක්මයි. මං ඒ ගැන කතා කරන්නම් යුවතියක් ලෙසම හැබැයි බොහොමයක් යුවතියන් නියෝජනය කරමින් අසීමිතව ආදරය කරමින් ඒත් හිතෙන් දුක් විදින සැබෑම පෙම්වතියන්ව පමණක් නියෝජනය කරමින්
පෙම්වතියක් වුනාට පස්සෙ...

*   පිරිමි යාලුවන්(මා මෙහි යාලුවන් ලෙස අදහස් කරන්නෙ සැබෑ යහලුවන්ව විතරයි) ඉන්න බෑ.. ඇතම් විට යෙහෙලියන්වත් සීමා කරන්න ඕනා.
* කා එක්කවත් වැඩි කතා බෑ
* අදින්න පලදින්න ඕනා ඔහු කැමති විදියට
* යන එන තැන් කලින්ම කියන්න ඕනා.
                                                                    මේ මුලික දේවල් ටික මෙයිට එහා ගිය ගොඩක් දේවල් තියෙනවා මේ පුංචි දෙයක් එහෙ මෙහෙ වීම නිසා අනන්තයටම කලකිරෙන්න තරම් දේවල්  සිද්ද වෙනවා ඒත් ආදරය කියන හැගීමත් එක්ක ගොඩක් දුර ගිය බොහොමයක් යුවතියො ඒ සම්බන්ධයෙන් අත්මිදෙන්න හිතන්නෙ නෑ. තමන්ගෙ හිතේ තියන ආදරය නිසාම මේ දේවල වලට අවනත වෙන කෙල්ලෙක් ටිකෙන් ටික තමන්වම නැති කර ගන්නෙ තමන්ටවත් නොදෙනෙන්නයි.ඒත් ඒ කැප කිරීමට වටිනා කමක් කෝ තමන්ගෙ ආදරයෙන් තමන්ට අන්තිමට ඉතුරු කලකිරීමක් විතරමද?
                                                  පෙම්වතෙකුට ඇයි බැරි අනිත් කෙනාගෙ නිදහසට ගරු කරමින් ඇයට ඇය විදියට ම ඉන්න දීලා තමන්ගෙ අතේ රූකඩයක් කර ගන්නෙ නැතුව ආදරය කරන්න එහෙනම් ආදරය කොච්චර සුන්දරද? හිතන්න මේ හැම දෙයක්ම අනිත් කෙනාව විශ්වාස නැති නිසා නේද එහෙම විශ්වාසයක් නැති තැන ආදරයට පැවැත්මක් තියෙන්න පුලුවන්ද? මං පුද්ගලිකව විශ්වාසකරන එක දෙයක් තියනවා ආදරය සදාදරණිය වෙන්නෙ අනෙකා ගැන තම හිතේ ඇතිවන ගරුත්වයත් එක්කයි.
                        විශේෂයෙන් යුවතියක් බොහෝවිට තම පෙම්වතා තුලින් තම පියාගෙ ,සහෝදරයගෙ,හොදම මිතුරගෙ චායාව දකිනවා ඒ සෙනෙහස ආරක්ෂාව බලාපොරොතු වෙනවා ඒ හැම බලාපොරොතුවක් එක්කම ඔහු ගැන ලොකු ගරුත්වයක් හිතේ ඇති කරගන්නවා කාලයත් එක්ක ඒ ගරුත්වය අඩු වැඩි වීමත් එක්කයි ඇයගේ හිතේ ඔහු ගැන ආදරයට පැවැත්මක් ඇති වෙන්නෙ ඒ ආදරය තමන් කෙරෙහි පවතින භක්තියක් හෝ කලකිරීමක් කරගන්නෙ ඔහුමයි.ඒක තමන් කෙරෙහි පවතින භක්තිමත් හැගීමක් කරගන්න පුළුවන් උනොත් ඔහු පුදුම තරම් වාසනාවන්ත පෙම්වතෙක් වෙයි.
                                                                           මං මේ කතා කරේ අද බොහොමයක් දකින්න ලැබෙන දේ වගේම ආදර කරන්නන්ගෙ එකම එක  පැත්තක් විතරයි . මේ හැම දෙයකට ම සාධාරණ හෝ අසාධාරණ නිදහසට කාරණා තියෙන්නෙත් පුලුවන්.මං මුලින් කිව්වා වගේ  මං මේවා කියන්නෙ කෙල්ලෙක්ම විදියට විතරමයි එහෙමයි කියලා ආදරයෙදි හැම තිස්සෙම කෙල්ලෙක්ම හරි කියනව නම් නෙමෙයි .
                                මේ හැම දෙයක් අතරෙ කසල ගොඩකින් මැණිකක්  හමුවෙනවා වගේ උත්තරීතර සෙනෙහස සැබෑ ලෙසම පිලිබිඹු කරමින් ආදරය ලබන්නටත් වඩා ආදරය දෙන සැබෑ පෙම්වතුන් ඉන්නවා ඔවුන් තම පෙම්වතියගෙ නිදහසට ගරු කරනවා, ඇයගේ අදහස් වලට ගරු කරනවා ,ඇයව රකිනවා ,ඇයව විශ්වාස කරනවා. එහෙව් පෙම්වතුන් දේවත්වයෙන් පෙම්වතියකගෙ හිතේ පැල්පදියම් වෙනවා .එහෙම ආදරයක් ලාබ නම් නෑ ලේසියෙන් හිමි වෙන්නෙත් නෑ ඒ වගේම එහෙම  ආදරයක් ලබන්න හැම කෙල්ලක්ම වාසනාවන්තත් නෑ.

සමිදෙ

෴උදුවප් සීතල සුලග
සියොලග සිඹිනා විටෙක
සාමයෙ සමගියෙ මිහිර
හදවත පුබුදයි සබද..
දුදනන් සුදනන් කරන
ආදරයක මහිම
පෙන්වා ලෝකයට
දෙව්කුමරුණි ඔබ පැමිණ
පෙන්වා දුන්නා දිනක....
ධනයට බලයට ගැතිව
මිනිසුන් නොමිනිසුන් කරන
මේ යනෙනා ගමන
නවතාලන්නට සමිද
හදවතෙ ගැඹුරුම තැනක
නැවතත් ඔබ වඩිනු මැන.......... ෴

ඉන්නව නම් සදා ලගින්

෴නෙතින් මගේ දෙසම බලා
සෙමින් සෙමින් කථා කලා
ආදරයෙන් සිත සනසා
ජීවිතයට ඔබ ආවා...
              මල් යායක් පිපී ගොසින්
              සිත් යායම පිරී පෙමින්
              කුමරුවනේ ඔයා ඇවිත්
              වසන්තයක් උදා කරන්..
                         සිහිනයකින් වගේ ඇවිත්
                          දේදුන්නක් ඇදී ගොසින්
                           රත්තරනේ ඔයා ඉතින්
                            ඉන්නවනම් සදා ලගින්....... ෴

නොනිමෙන සුසුමකි

෴සැරිසරා නික්මී
කදුලක් වී
ඉපදී...
පිපෙනා මුදු දෙකපුල්
මත්තේ,
නොනිමෙන සුසුමකි
පපු තුරුලත
ඔබ සැගවී.......෴

මා දුර නිසා

෴රෑ අහස එලිකෙරුව සදකැන් දරා
සිත් අහසේ රජ කරමු සෙනෙහස දරා
හිමිකාරි වෙන්න ඔය දෙඅතේ  පැටලී මෙදා
හිතුවාට කම් නැද්ද මා දුර නිසා....
      එතී එතී දැවටෙන්න සිත් සේ සදා
      හිමිනැද්ද මට ඉන්න සිත සනසලා..
ඒ දකින මල් සිහින හංගා තබා
නිදි නැතුව සිත මාගෙ ඉකිබිදින නිසා
නෙත් ගාව සිහිනෙන් ලගවිත් ඔයා
පවසන්න මගෙ මැණික නිදියන්න කියා ...෴

දියණි මා ඔබේ

෴දියණිය වී මා ඔබගේ
තුරුලේ සෙනෙහෙන් නැලවූනේ
අම්මේ ඔබ මාගෙ
ලෝකයෙ සදු වූයේ...
        දසමසක් මා කුස දැරුවේ
       තුරුලට ගෙන රැක්කේ
       තාමත් නෑ  මා බිම තිබ්බෙ
       ඔබ උකුලත සුව යහනක් තැනුනේ...
              ලෝකය හෙට ජයගන්නේ
              ඔබෙ දෝණි හිනැහෙන්නෙ
              කිසිදින නෑ තනිවෙන්නෙ
              සුදු අම්මා  මගෙ ලග ඉන්නෙ....෴


පියාණනි

෴සෙනෙහස අප ලෝකයට
නොඅඩුවම ලැබුනි උල්පතක් ලෙස
ජීවිතයම අප එකලු කල
ඔබයි හිරු අප ලෝකයට......
පහන් තරුව විය යනෙන මග
රන් වැටක් විය අප සුරැකි කර
නොදන්නා ලෝකයට
මගපෙන්වා අප පුබුදු කල...
පියාණනි මතු සංසාරේ දිනෙක
බුදු වෙන්න නම් එපා ඔබ
උපදිමි  මතු බවයෙත් මම
ඔබෙ දියණීය වී ආයෙම......෴‍‍

ආයෙමත්

෴දිනිදු නැග ඇවිත්
සිතිජයේ සැගව
යයි යලිත්
කෙනෙකු හමුවී හදින්
වෙන්වි යාවි සොවින්....
ඉතිරිකර මතකයන්
කදුළු මල් ලෙසින්
නැවත නැවතත් ඇවිත්
පෙලාවි සිත ආයෙමත්........෴

සද ඈතයි

෴ඈත දිලිහෙන
       සද මත්තේ
සෙනෙහස 
       පිදුවේ රහසේ
සුසුමන් හෙලුවෙමි
         රෑ සයනේ
සද ඈතයි
         මම පොලවේ ...෴