Pages

Tuesday, February 28, 2012

සමිදෙ

෴උදුවප් සීතල සුලග
සියොලග සිඹිනා විටෙක
සාමයෙ සමගියෙ මිහිර
හදවත පුබුදයි සබද..
දුදනන් සුදනන් කරන
ආදරයක මහිම
පෙන්වා ලෝකයට
දෙව්කුමරුණි ඔබ පැමිණ
පෙන්වා දුන්නා දිනක....
ධනයට බලයට ගැතිව
මිනිසුන් නොමිනිසුන් කරන
මේ යනෙනා ගමන
නවතාලන්නට සමිද
හදවතෙ ගැඹුරුම තැනක
නැවතත් ඔබ වඩිනු මැන.......... ෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..