Pages

Tuesday, February 28, 2012

ආදරය කියන්නෙ මොකද්ද .. කාටද ඒ ගැන
 හරියටම කියන්න පුලුවන් ....

තමන්ට ජීවත් වෙන්න විතරමද කෙනෙකුට ආදරය ඕනා .
මට මේවට උත්තර හොයන්න හිතෙනවා ..ඒත් කවුද උත්තර දෙන්නෙ.
ගොඩක් පෙම්වතුන් දකිනවා අපි ඒත් හැම කෙනෙක්ම ඇත්තටම ආදරයමද කරන්නෙ .මං මෙහෙම කිව්වොත් ආදරය කියලා බොහොමයක් දෙනෙක් හදුන්වන්නෙ හිතේ ඇතිවන උමතුවකට කියලා.
මං කතාවක් කියන්නම්..
                              එක අඹුසැමි යුවලක් ඉන්නවා සැමියා අද බොහොමයක් පුද්ගලයන් මෙන්ම බේබදු චරිතයක් කියන්න පුලුවන්. ඔහු අසීමිතව තම කාලය ධනය තම බේබදු කම වෙනුවෙන් කා දමනවා.
හැබැයි ඔහු ඔහුගේ බිරිදට ආදරය කරනවා ඒත් ආදරය හැම තිස්සෙම ඔහු ප්‍රකාශ කලේ ගුටි බැට වලින්.හේතුවක් ඇතුව හෝ නැතුව ඔහු තම බිරිදට ගුටි බැට දෙන්න පෙලෙඹිලා තිබුනා
කාලය ගෙවිලා ගියා ඔහුගෙ බිරිද රෝගි වෙලා මියදුනා.
ඒ එක්කම සැමියාගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර බිරිදගෙ සොහොන ලගින් ඊට පසු දවසක සොයා ගන්නවා ඔහු තම බිරිදගෙ වියෝව දරාගන්න බැරිව වස පානය කර සියදිවි හානි කරගෙන තිබුනා.
ඔහුගේ ආදරය ගැන ඔබට කියන්න තියෙන්නෙ මොකද්ද ..          
                                        මං කිව්වොත් ඔහු ආත්මාර්ථකාමි උමතු පෙම්වතෙක් කියලා ඔබ මාත් එක්ක එකග වෙනවද? මං ආදරයට ආදරවන්තයන්ට ගරහනවා නෙමෙයි ,හැම පෙම්වතෙක්ම, මෙහෙමයි කියනවත් නෙමෙයි ඒත් කුමක් හෝ  හේතුවකට අද  බොහෝ විට ආදරය යැයි දකින්න ලැබෙන්නෙම ආත්මාර්ථකමි උමතුවක් ම පමණයි...! තම පෙම්වතා හෝ පෙමවතිය තමන්ටම පමණක් අයිති වස්තුවක් ලෙස දකින බොහෝමයක් පෙම්වතුන් ඒ නිසාම තම පෙම්වතියට හෝ පෙම්වතාට නීති පමුණනවා.
                                එහෙම නීති මාලාවකට බොහෝ විට යටත් වෙන්න වෙන්නෙ පෙම්වතියටයි.පිරිමියෙක් වීම නිසා හෝ  ශාරිරකව ගැහැනියකට වඩා ශක්තිමත් වීම නිසා හෝ එවැනි අවස්ථාවක අසරණ වෙන්නෙ යුවතියක්මයි. මං ඒ ගැන කතා කරන්නම් යුවතියක් ලෙසම හැබැයි බොහොමයක් යුවතියන් නියෝජනය කරමින් අසීමිතව ආදරය කරමින් ඒත් හිතෙන් දුක් විදින සැබෑම පෙම්වතියන්ව පමණක් නියෝජනය කරමින්
පෙම්වතියක් වුනාට පස්සෙ...

*   පිරිමි යාලුවන්(මා මෙහි යාලුවන් ලෙස අදහස් කරන්නෙ සැබෑ යහලුවන්ව විතරයි) ඉන්න බෑ.. ඇතම් විට යෙහෙලියන්වත් සීමා කරන්න ඕනා.
* කා එක්කවත් වැඩි කතා බෑ
* අදින්න පලදින්න ඕනා ඔහු කැමති විදියට
* යන එන තැන් කලින්ම කියන්න ඕනා.
                                                                    මේ මුලික දේවල් ටික මෙයිට එහා ගිය ගොඩක් දේවල් තියෙනවා මේ පුංචි දෙයක් එහෙ මෙහෙ වීම නිසා අනන්තයටම කලකිරෙන්න තරම් දේවල්  සිද්ද වෙනවා ඒත් ආදරය කියන හැගීමත් එක්ක ගොඩක් දුර ගිය බොහොමයක් යුවතියො ඒ සම්බන්ධයෙන් අත්මිදෙන්න හිතන්නෙ නෑ. තමන්ගෙ හිතේ තියන ආදරය නිසාම මේ දේවල වලට අවනත වෙන කෙල්ලෙක් ටිකෙන් ටික තමන්වම නැති කර ගන්නෙ තමන්ටවත් නොදෙනෙන්නයි.ඒත් ඒ කැප කිරීමට වටිනා කමක් කෝ තමන්ගෙ ආදරයෙන් තමන්ට අන්තිමට ඉතුරු කලකිරීමක් විතරමද?
                                                  පෙම්වතෙකුට ඇයි බැරි අනිත් කෙනාගෙ නිදහසට ගරු කරමින් ඇයට ඇය විදියට ම ඉන්න දීලා තමන්ගෙ අතේ රූකඩයක් කර ගන්නෙ නැතුව ආදරය කරන්න එහෙනම් ආදරය කොච්චර සුන්දරද? හිතන්න මේ හැම දෙයක්ම අනිත් කෙනාව විශ්වාස නැති නිසා නේද එහෙම විශ්වාසයක් නැති තැන ආදරයට පැවැත්මක් තියෙන්න පුලුවන්ද? මං පුද්ගලිකව විශ්වාසකරන එක දෙයක් තියනවා ආදරය සදාදරණිය වෙන්නෙ අනෙකා ගැන තම හිතේ ඇතිවන ගරුත්වයත් එක්කයි.
                        විශේෂයෙන් යුවතියක් බොහෝවිට තම පෙම්වතා තුලින් තම පියාගෙ ,සහෝදරයගෙ,හොදම මිතුරගෙ චායාව දකිනවා ඒ සෙනෙහස ආරක්ෂාව බලාපොරොතු වෙනවා ඒ හැම බලාපොරොතුවක් එක්කම ඔහු ගැන ලොකු ගරුත්වයක් හිතේ ඇති කරගන්නවා කාලයත් එක්ක ඒ ගරුත්වය අඩු වැඩි වීමත් එක්කයි ඇයගේ හිතේ ඔහු ගැන ආදරයට පැවැත්මක් ඇති වෙන්නෙ ඒ ආදරය තමන් කෙරෙහි පවතින භක්තියක් හෝ කලකිරීමක් කරගන්නෙ ඔහුමයි.ඒක තමන් කෙරෙහි පවතින භක්තිමත් හැගීමක් කරගන්න පුළුවන් උනොත් ඔහු පුදුම තරම් වාසනාවන්ත පෙම්වතෙක් වෙයි.
                                                                           මං මේ කතා කරේ අද බොහොමයක් දකින්න ලැබෙන දේ වගේම ආදර කරන්නන්ගෙ එකම එක  පැත්තක් විතරයි . මේ හැම දෙයකට ම සාධාරණ හෝ අසාධාරණ නිදහසට කාරණා තියෙන්නෙත් පුලුවන්.මං මුලින් කිව්වා වගේ  මං මේවා කියන්නෙ කෙල්ලෙක්ම විදියට විතරමයි එහෙමයි කියලා ආදරයෙදි හැම තිස්සෙම කෙල්ලෙක්ම හරි කියනව නම් නෙමෙයි .
                                මේ හැම දෙයක් අතරෙ කසල ගොඩකින් මැණිකක්  හමුවෙනවා වගේ උත්තරීතර සෙනෙහස සැබෑ ලෙසම පිලිබිඹු කරමින් ආදරය ලබන්නටත් වඩා ආදරය දෙන සැබෑ පෙම්වතුන් ඉන්නවා ඔවුන් තම පෙම්වතියගෙ නිදහසට ගරු කරනවා, ඇයගේ අදහස් වලට ගරු කරනවා ,ඇයව රකිනවා ,ඇයව විශ්වාස කරනවා. එහෙව් පෙම්වතුන් දේවත්වයෙන් පෙම්වතියකගෙ හිතේ පැල්පදියම් වෙනවා .එහෙම ආදරයක් ලාබ නම් නෑ ලේසියෙන් හිමි වෙන්නෙත් නෑ ඒ වගේම එහෙම  ආදරයක් ලබන්න හැම කෙල්ලක්ම වාසනාවන්තත් නෑ.

6 comments:

  1. ඇත්ත තමයි අද ඉන්න හුගක් ආදරවන්තයෝ ආත්මාර්ථකාමී විදියට ආදරේ කරන්නේ ඔයා හොදට ලියල තියෙනවා නිශියෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු...
      එහෙම හුගක් ආත්මාර්ථකාමී පෙම්වතුන් ඉද්දි
      පරාර්ථකාමී පෙම්වතුනුත් බොහොම අඩුවෙන් වුනත් ඉන්නවා නේද...

      Delete
  2. ou nishi athmarthakami adarawanthayo athara sabaa pararthakami pemwathunuth innawa..habai e athalossai ehema neda...?saaba adaraya hadunana pararthakami penwathun me lowa thula wedi wediyen bihi wenna kiyala api pathamu.ethakota adare sundarai..godak lassanai nithi liyala thiyanawa..digatama liyanna..

    ReplyDelete
  3. ස්තුතියි ටුටියෝ පාරමිතාවට ගොඩ වුනාට.
    අර අතලෝස්සක් දෙනා අතර ඉන්න කෙනෙක්ව හමුවෙලා නැති
    වුනොත් එක තමා ලොකුම අවාසනාව නේද ටුටියෝ?...

    ReplyDelete
  4. aththa kathawak akkiyo lassanata liyalath thiyanawa godak lassanai

    ReplyDelete
  5. ස්තුතියි නංගියො.. ආයෙත් එන්න හොදෙ

    ReplyDelete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..