Pages

Saturday, March 17, 2012

ආපසු යන්නට පාර කියනවද

මේක නෙතුගේ පෝස්ට් එකක්
දැකලා ලියවුනේ...
. "ආපසු යන්නට පාර කියනවද " එක මගේ හිතට ගොඩක් දැනුනා...


ආපසු යන්නට පාර කියනවද
ආ මග දුර වැඩි නිසා
මංමුලා වී පාර අසනවිට
මංසලකුණු කියලා දෙනවද 
ආ පසු යා යුතුමයි සිතෙන නිසා.........

ආ පාරේ කටු තිබුනට රළු නෑ ඔබ උන්නු නිසා
අනන්තයට යන්නම ආසයි 
එනමුත් බය වැඩි මගදී ඔබ නැති වේය කියා.....
දිය බිදුවක් සොයා යමි පිපාසය දැනෙන නිසා
මිරිගුව ඔබ නම් පසුපස විත් හතිලමි 
එකම පිලිසරනත් ඔබම නිසා....

Thursday, March 15, 2012

රණවිරු පුතු...


රටක් රකින්නට රන් වැටක් උනේ
කැපකර මුළු දිවියම තුරුණු වියේ 
බෝම්බයට ගිනි අවියට කිසිම දිනේ
නසින්නට බෑ මගේ පුතා කිසිම දිනේ............

කුසින් වදා මෙලොවට නුබ අනිත කලේ 
රටට ලොවට බරක් වෙන්න නම් නොවේ
තමන් නසා අනුන් රකින පුතුන් ලොවේ
ජාති ජාතිත් පතනවා අම්මා නුබේ................

නුබේ අම්මා...


ඇදී  වත පමණක් සන්තකයට තිබුනට මගේ 
සන්තකයට තිබුනේ සෙනෙහස නොඅඩුවම හිතේ
බඩගින්නට නොකා නොබී කුස පිරවුවට නුබේ
නුබේ අම්මා බඩගින්නට ඇත පානවා පිටට පුතේ.................