Pages

Saturday, September 29, 2012

෴හිරු සැගවී ගොස් තුන් මාසයයි෴..

                                       
                        තාත්තා කෙනෙක් කියන්නෙ දරුවෙක්ගෙ ලෝකයේ රජ්ජුරුවොයි..ඒ දරුවගෙ ලෝකයම එලිය කරන හිරු කුමාරයයි ..හම්ම් මගේ ලෝකෙත් එහෙම රජ කෙනෙක් හිටියා ඒ රජ්ජුරුවො ගැන කතා කරන්න මේ මුලූ බ්ලොග් අවකාශයම ගත්තත් ඉඩ මදි වෙයි මට.ඒත් පුලුවන් විදියට මගෙ  පාරමිතාවට අදවත් ඒ ගැන  නොලිව්වොත් ඒක ලොකු අඩුවක් වෙයි..ඉතින් මේ සටහන ලෝකයක් වටින මේ ජීවිතයේ මා ලබපු අමිලම තිලිණය උන මගෙ රත්තරන් තාත්තා වෙනුවෙනුයි.

         මගේ තාත්ති වගෙ තාත්තා කෙනෙක් ලබන්න මමත් මගෙ නංගිත් පෙර ආත්මයක ලොකු පිනක් කරලා තිබ්බා. එහෙමත් නැත්තන් මං අදහන ධර්මය අනූව දෙවියන්වහන්සේ අපිට ආශිර්වාද කරලා තිබ්බා.ඒත් ඒ රත්තරං තාත්තගෙ ආදරය,රැකවරණය ,උණුසුම විදින්න අපිට වරම් තිබ්බෙ අවුරුදු 24 ක් විතරයි.ඒ 24 නුත් අවුරුදු දහයක්ම අපිට අහිමි උනා ඒ  අපි වෙනුවෙන් ලස්සන අනාගතයක් හදන්න මගෙ තාත්තට අපෙන් ඈත් වෙලා ඉතාලියට එන්න උන නිසා.
හරියටම මීට මාස තුනකට කලින් අද වගේ දවසක මගෙ රත්තරං තාත්තා අපිව දාලා සදහටම ගියා.ගෑනු ලමයෙක් විදියට මට තිබ්බ ලොකුම හයිය අත්වැල බිදිලා ගියා.මගේ ජීවිතෙ ගොඩක්ම සුන්දර මතකයන් අඩුයි එහෙම අඩුවෙන් උනත් තියෙන මතකයන් අතර ලස්සනම දවස් රැදිලා තිබ්බෙ මගෙ තාත්තා එක්කයි නංගටයි මටයි අවුරුදු 12ක් වෙනකම්ම ඒ තාත්තා එක්ක ගතකරපු කාලය ලස්සන හීනයක් වගේ. ඒ කාලෙ නංගටවත් මටවත් මතක තිබ්බෙ නෑ අපේ අම්මි ඉන්නවද කියලවත් ඒ තරම්ම තාත්තිත් එක්ක පුංචි  අපේ ලෝකයෙ පිරිලා තිබ්බෙ .ඉස්සර අපෙ තාත්තිට තිබ්බා හොන්ඩා වර්ගයෙ දිග බයික් එකක් ඕකෙ ඉස්සරහා ලොකු බඩගෙඩියක් වගේ තියෙන ටැංකිය උඩ  තියාගෙන නංගවයි මාවයි හැමතැනම එක්කන් යද්දි අපේ ලෝකයේ වීරයා උනේ අපේ තාත්තියා . එහෙම ගමන් යන හැම වෙලාවකම  අපේ තාත්ති මහා හඩින් සිංදු කිව්වා වැඩියෙන්ම කිව්වෙ අපිම ඒ කාලෙ වරද්ද වරද්ද කියන ලමා ගීතයක්.තාත්ති ඒක කිව්වෙත් අපි කියනවා වගෙ වරද්ද වරද්දමයි එතකොට නංගයි මායි තාත්තිට කෑගහනවා අපිව අවුස්සන්න ඕනා හින්දම  මට තාම මතකයි ඒ වෙලාවට තවත් හයියෙන් කෑ ගහන එකයි තාත්ති කලේ.


හැම සතියකට සැරයක්වත් අපි තාත්තිත් එක්ක බීච් ගිය හැටි ඒ ගිහින් ආවම මල් වලට වතුර දාන හෝස් එකෙන් මුහුදු වැලි යන්න අපි දෙන්නව හෝදපු හැටි.අපිට අවුරුදු 12 ත් වෙලා කකුල් බිම ගෑවෙද්දිත් පිට උඩතියාගෙන අස්සයා ගෝන් ටික් ටික් කරපු හැටි කොහොම විස්තර කරන්නද.අපි ලොකු උනා කියලත් අපේ තාත්තිට හැමදාමත් අපිව අර ඉස්සර කාලෙ උන්න බටුඇට කෙල්ලො දෙන්නමයි. මේ අකුරු ටික ටයිප් කරන මේ වෙලාවෙත් මගෙ   ඇස් දෙකට හෝ ගාලා කදුලු පිරෙනවා. අනේ ආයෙ කවදාවත් ඔයා ගාව හුරතල් වෙන්න ඔයා නෑ නෙ තාත්තියො  පුංචි වරදකටවත් අතක්වත් උස්සපු නැති ඔය අත්දෙකෙන් නංගිවවත් මාව වත් තව කෙනෙක්ට බාර දෙන්නවත් ඔයා උන්නනම්..


තව ටික දවසයි තියෙන්නෙ මගෙ නංගා ඔයාගෙ පොඩි දුව අලුත් කැදැල්ලක් හදන්න පිටත් වෙනවා.එදාට ඔයාගෙ අඩුව අපි කොහොම දරාගන්නද කියලා මං තාමත් හිතනවා.අලුත් ලෝකයකට පියනගන මගෙ නංගිගෙත් කවදාහරි  දවසක මගෙත් ජීවිත ඔයාගෙ ජීවිතයෙන් කියා දුන්න පාඩම්  නිසාම  එලිය වැටේවි.මගෙ ජීවිතේ මං දැකපු ලස්සනම යුවල උනේ ඔයයි අම්මියි ජීවිතේ හැම දෙයක්ම හරි ලස්සනට බෙදාගෙන ඔය දෙන්නා ජීවත් වෙලා අපිට දුන්න ආදර්ශය අපි ලබපු ලොකුම පාඩමයි.ඒ එක්කම ජීවිතකාලෙම රුපියල් සත වලට වඩා මිනිස්සු හරි හම්බ කරපු ඔයා අපිට දුන්න ලොකුම දෑවද්ද  මනුස්ස කම  ඉහවහා ගිය හොද මනුස්සයෙක්ගෙ  දුවක් එහෙමත් නැත්තම් හැමෝම අදුන්වන විදියට "බැසිල් අයියගෙ" දුව යන නම්බු නාමයයි.


       කාලය නම් ගෙවිලා යනවා අපේ  ජීවිතත් ගෙවිලා යනවා ඒත් ආයෙ කවදාවත් අපි ලග ඔයා නෑ.ඒත් ඔයා අපි ලග තියලා ගිය ගුණ සුවද හැමදාම තියෙනවා.. ආයෙත් මේ ඇස් දෙකට දකින්න නම් ඔයා නෑ තමයි ඒත් හිත ඇතුලෙන් හැමදාමත් මගෙ තාත්ති මා තුල ඉන්නවා මං ඒක දන්නවා.
ඒත් රජෙක් නැති තැන රාජ්ජ‍‍යයක් කොහෙද ඒ ගැන නම් මං තාමත්  හිතනවා .
ඔව්..


 ඔබ මට රජ කෙනෙකි ලොවේ
ඔබ හිටි තැන කිසිවෙකුත් නැතේ
හිරු කුමරුන් වී ඔබ අපේ ලොවේ
මල් පිබිදෙව්වා තවමත් මතක තියේ..


           අපේ ලෝකයට පමණක් නොව මුළු ලොවටම එලිය දුන්න ජීවය සැදුව මගේ තාත්තේ.... මෙසේ කියමි මම,


    ෴පය තබනා හැම තැන මල් පූදපු..යන යන තැන එලිය කරපු ඔබ, තබා ගිය ගුණ සුවදින් මම පෝෂනය වී ලෝකයට ආයෙත් පූදින්නෙමි.මගේ ලෝකයේ වීරයා ඔබ පණක් නිසාම කෙදිනක හෝ ඔබ වන් කෙනෙකු වෙන්නට වෙහෙසෙන්නමි. . එවන් දිනක  ලෝකය දෙස හිස ඔසවා බලා ඔබවන් උතුම් පියෙකුගේ දියණියක ලෙස සාඩම්බරයෙන්  හිනැහෙන්නෙමි.. ෴


Tuesday, September 25, 2012

අහස් ගව්ව සිඹින තරම්... 5 වෙනි දිගහැරුම



කලින් කොටස් මෙතනින් බලන්න
 අහස් ගව්ව සිඹින තරම්..4 වෙනි දිගහැරුම


උත්පලගෙ ලියුම මගෙ අතට දී නිමා ගිය පස්සෙ මං ලියුම දිග ඇරියෙ ගොඩක් නොඉවසිල්ලෙන්...       

ආදර දිලා,
මට ඔයා එව්ව ලියුම හම්බුනා.ඔයා කිව්ව වගේ මං එන්නම් ඔයාගෙ තාත්තව හම්බෙන්න හැබැයි දිලා මං ඔයාට නොකියපු දෙයක් තියෙනවා කියන්න ඒක මං ඔයාගෙන් හංගන්න හැදුවා නෙමෙයි මට ලබන සතිය වෙද්දි ජපන් යන්න වෙනවා. මගෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් හැම දෙයක්ම කරගත්තෙ ඉතින් මට අවුරුද්දු 2 වත් ඉන්න වෙනවා.ගිහින් ආවට පස්සෙ තමයි මට ඔයාලගෙ ගෙදර එන්න වෙන්නෙ එතකන් පොඩ්ඩක් ඉවසමු .මං එන සිකුරාදා මෙහෙන් පිටත් වෙනවා ඊට කලින් පුලුවන්නම් මාව මීට් වෙන්න .
                                                                                                                  මීට
                                                                                                                උත්පල


                                    මං ඇස් අදහගන්නට නොහැකිව උත්පලගේ අත්අකුරු දිගේ  නැවතත් නෙත් යැව්වා.මෙච්චර ලොකු තීරණයක් තනියම ගන්නට තරම් උත්පලට මා නොවැදගත් චරිතයක්දැයි මගෙ හිත කෑ ගැහැව්වා.
කල යුත්තේ මොනාද වෙන්නෙ මොනාද කියලා කිසි නිනව්වක් නැතිව මං කාමරේ එහා මෙහා කැරකුනා. නොනවත්වා උල්පතක් මෙන් ඇසට උනන කදුලු පිසදාමින් අවසානයේ කෙසේ හෝ උත්පලව මුණ ගැහෙන් මම තීරණය  කලා...........

                                      කොහොරි ගෙදරින් එලියට පැන ගන්න  කොච්චර උවමනා උනත් පහුගිය සති දෙකටම අම්මගෙන් කොහෙවත් යන්න අහන්න හයියක් මට තිබ්බෙ නෑ ඒත් ආයෙත් අවුරුදු ගානකට දකින්න නොලැබෙන ඒ මූණ දැක බලාගන්න ඇති  උවමනාව නිසාම අවසානයේ පුස්තකාලයට හෝ යන්නට අම්මගෙන් අහන්න මං ඉටා ගත්තා.


බ්‍රහස්පතින්දා හවස හොර වැඩක් කරන්න යන හිත වේගෙන් ගැහෙද්දි ඇන්තූරියම් මල් වලට සාත්තු කරමින් උන්න අම්ම ලගට මම කිට්ටු උනා.


අම්මා..
ම්ම්..
කම්මැලි අම්මා. කියවන්න පොතක්වත් නෑ පුස්ථකාලෙට ගිහින් එන්නම්.

 
කර කර උන්න වැඩේ මොහොතකට නවත්තලා අම්මා මං දිහා බැලුවේ සැකෙන් වගේ.


ඇයි තාත්තා ගෙනත් දුන්න පොත් කියවලා ඉවරද?
අනේ අම්මා ඒවා ඉවර කරලා කොච්චර කල්ද
ම්ම්..හරි ගිහිල්ලා එන්න හැබැයි එහෙ මෙහෙ රස්තියාදු වෙලා අහුවෙන්නෙ නෑ


පුංචි තරවටුවක් කරලා හරි මෙච්චර ලේසියෙන් එලියට යන්න අවසර දුන්න  එක ගැන හිතින් අම්මට පින් දිදි ඉක්මනටම ඇදුමක් දාගෙන  පුරුදු වාහනයෙන්ම මං එලියට බැස්සා.


කෙලින්ම කතා කරලා කියන්න බැරි උනත් නිමාගෙ අතේ උත්පලට කියා යැවූ විදියටම හරියටම 4 වෙද්දි මං පුස්ථකාලයට ආවා.
හතරයි කාල වෙද්දිත් උත්පල නැතුව යද්දි කවදාවත් නොදැනුනු බයක් මගෙ හිත පුරා නලියන්න ගත්තා.
පුස්ථකාල බිමේ කෙලවරකට වෙන්න තිබ්බ බංකුවක වාඩි වෙලා ඉස්සෙල්ලාම උත්පල මට ආදරෙයි කිව්ව තැන දිහා මං බලාගෙනම උන්නා.අපේ ආදරේ පටන් ගත්තු මේ බිමේදිම අපේ ආදරෙත් අවසාන වෙයිදෝ කියන හැගීම මගෙ ඇස් වලට කදුළු ගෙනාව.


දිලා..

උත්පලගෙ හඩින් මං එකවරම ගැස්සී ගියා.
උත්පල..
දෙනෙතට නැගුන කදුලු පිසදමමින් මං හිනා උනා.
ඇයි  මේ අඩලා

ආයෙමත් අලුත් කරගත්තු හිනාවකින් මන් උත්පල දිහා බලාගෙනම උන්නා
එන එකක් නෑ කියලා හිතුනා.
පිස්සු ද ළමයො හෙට යන්න ලෑස්ති කරගන්න දේවල් ගොඩක් තියෙන්වා ඒකයි පොඩ්ඩක් පරක්කු උනෙ.
හෙට කීයටද යන්නෙ
අහන්න දේවල් ගොඩක් මුවට ආවත් මං උත්පලගෙන් ඇහැව්වා.
පාන්දර 4 වෙද්දි යනවා මෙහෙන් 7.45 ට ෆ්ලයිට් එක තියෙන්නෙ
ම්ම්..පරිස්සමින් ගිහින් එන්න.
කිව යුතු එකම දේ ඒ යැයි සිතාගෙන මං කිව්වා
දිලා..
මං අහන්නම ආසා හඩින් උත්පල කතා කලා
මා එක්ක තරහා නෑ නේද
අනේ නෑ උත්පල ඔයා කොහොමත් ඔහොම පිලිවෙලක් වෙන එකට මට සතුටුයි.
ඔව් දිලා මෙහෙම ගියෙ නැත්තන් කවදාවත් මට ඔයාව ලං කරගන්න බැරි වෙනවා.


අහන්න දේවල් කොච්චර තිබ්බත් ඒ හැම දෙයක්ම උත්පලගෙ කතාවට යටයි නේද කියලා හිතාගෙන ආයෙත් අවුරුදු ගානකට නොදකින් ඒ මූණ දිහා බලාගෙන මං හිනා උනා.ඕනා වෙලා තියෙන්නෙ අඩන්න උනත් හොද ගමනක් යද්දි එසේ නොකල යුතුයි හිතුන නිසාම අමාරුවෙන් නොහඩ ඉන්න මං වගබලාගත්තා.
කවදාවත් වෙනස් වෙන්නෙ නෑ නේද
උත්පලගෙ උරහිසට ඔලුව තියාගෙනම මං ඇහැව්වා
කවදාවත් නෑ දිලා..මාව විශ්වාස නැද්ද ආ..
විශ්වාසයි දෙයියනේ ඒත් බයයි ඔයා නැති උනොත් මං මැරෙයිනෙ

නොහඩා ඉන්න හිතාගෙනම උන්නත් එක් වරම මට ඇඩුණා.
හරි මං දැන් යන්නම් දිලා.. හෙට යන්න ඕනානෙ අඩන්නෙ නැතුව ඉන්න දැන්.
හා කියනවා ඇර එපා කියන්නට බැරි කොට මං උත්පලගෙ නලලට හාදුවක් දී හිද උන් තැනින් නැගිට්ටෙ තවත් මෙතන හිටියොත් මහ හඩින් හඩන්නට වේ යැයි දැනුනු බයටත් එක්කයි.



                                                                 නින්දත් නොනිද්දත් අතර වැඩි වේලාවක් අඩමින්ම මම රැය පහන් කරා උදෑසන 5 වෙද්දි තවත් නින්දක්නම් මං අහලකටවත් ආවෙ නෑ.තව පැය දෙක තුනකින් උත්පල මගෙන් ගොඩාක් දුර යනවා කියලා දැනෙද්දි මගෙ ඇස් වල කදුලු ආයෙත් අලුත් උනා.කිව්ව වගේම දවසක මගෙ තාත්තගෙන් උත්පල මාව අහන්න ඒවි කියන බලාපොරොත්තුවෙන් මං මගෙ හිත හදාගන්න උත්සහා කරා.


ඔබ මගෙමයි කියා
හිත හීනයක් හැදුවා
ඒ හීනේ මට තියා
යනවද ඈතට ඔයා..


                  හිත හදාගන්න විදියක් නැති කොට මගේ ඩයිරියෙ මම ලියා තැබුවා. ඉද හිට හිතට එන දුකක් සතුටක් වචනයට පෙරලන එක මට ඇත්තටම සැනසිල්ලක් උනා.
පොතක් කියවන්නද,මැහුමක් ගොතන්නද අද දවස ගෙවා ගන්න එක මට ලොකු ප්‍රශ්නයක් වෙලා.දවල් 2ත් පහුවෙලා  උත්පල දැන් කොහෙ ඇද්ද ජපන් වලින් බහින්න තව කොච්චර වෙලා යයිද කිසිම දෙයක් හිතාගන්න බැරිව මං ඇදටම වෙලා උන්නා.උත්පලගෙ ගෙදර අයවත් අදුන ගෙන නොහිටීම ගැන මුල්ම වරට මට ලොකු පසු තැවීමක් දැනුනා.දැන් ඉතින් උත්පලම කතා කරනකන් මං සිටිය යුතු නොවෙද.


සුදු දූ කන්නෙ නැද්ද ආ
ලගටම ඇවිත් අම්මා කතා කරනකන් මං නොකෑ බව මට ගානක් උනේ නෑ
බඩගිනි නෑ අම්මා
මොකද නැති වෙන්නෙ ආ..උදේට කාලත් නෑ.
අනේ මට කන්න බෑ අම්මා

අම්මාගෙන ගැලවිය නොහැකි බව දැන දැනම මං උත්තර දුන්නා.
කෝ බලන්න සනීප නැද්ද
නලලට අත තබා උන බලමින් අම්මා විමසද්දි අම්මා ගැන් උපන් අසීමිත සෙනෙහසකින් මගෙ හිත පිරී ගියා.
ටිකක් රස්නෙයිනෙ පුතේ..අමාරුද
රාත්‍රිය පුරා අඩපු නිසත් එකපාරම ඔරොත්තු නොදෙන දුක නිසත් මට උණ  ගැනීම අරුමයක් නෙමෙයි.
ඇගත් ටිකක් රිදෙනවා අම්මා
ඉන්න මං කොත්තමල්ලි පස් පන්ගුව තම්බන්නම් ..අඩු උනේ නැත්තම බෙහෙත් ටිකක් ගමු .
මොනා හරි කමු දු නැතුව පැනඩෝල් එකක්වත් බොන්න බෑ නෙ.
හම්ම්ම්..කමු අම්මා

තවත් අම්මට කරදර දිය නොහැකිව මං කිව්වා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


                                 සතියකටත් වඩා ගත උනා.තවමත් උත්පලගෙන් ආරංචියක් නෑ විටින් විට නිමා..ගෙන් ඇහැව්වත් නිමාටත් ඒ ගැන කිසි දෙයක් ආරංචි වෙලා තිබ්බෙ නෑ.හිතේ දුකටත් බයටත් මාව තව තවත් අසනීප උනා
පහු උන දවස්වල එක රැයක්වත් හරියට නින්දක් මගෙ  අහලකටවත් ආවේ නෑ .
දූ.. මෙන්න යාලුවෙක් ඇවිත්.
කාමරය වී කල්පනා කර කර ඉද්දි අම්මා සාලයේ ඉදගෙන කෑ ගැහැව්වා.
අවුල් වී ගිය කොන්ඩය පීරගෙන මං දඩි බිඩියෙ තරප්පු පෙල බැහැගෙන සාලෙට ආවා
ආනේ තරූ..
උස මහත ලස්සන ලංදාරියෙක්  එක්ක ඇවිත් උන්න තරූ මාව වැලදගත්තා.
ඇති යාන්තම් උඹට මෙහෙට එන පාර මතක් උනා.
අනේ එහෙම අමතක වෙනවද බං දන්නවනෙ වෙඩින් එක නිසා වැඩ ටිකක් වැඩි නේ
අවුරුදු 3ක ආදරයක ප්‍රතිපලයක් විදියට තරූ ලගදීම විවාහ වෙන බව මං දැනන් උන්නා.
උඹ කෙට්ටු වෙලා දිලා
 තරූ මං දිහා අනුකම්පාවෙන් බලන් කිව්වා.
උත්පල ගැන මුකුත් ආරංචියක් නැද්ද තරූ
ඒක කියන්න  තමයි කෙල්ලෙ මං මේ දුවන් ආවෙ.

තරූගෙ  වචන අදහගත නොහැකිව මං තරූගෙ අත තදින් අල්ලගත්තා.
උත්පල කෝල් කලා දිලා..උඹට කතා කරන්න ඕනා කිව්ව
අනේ මං කොහොමද කතා කරන්නෙ තරූ
ම්ම් මේක තියාගනින්

හෑන්ඩ් බෑගයෙන් පුංචි හෑන්ඩ් ෆෝන් එකක් එලියට ගෙන තරූ මගෙ අතට දුන්නා.
ඕක මගෙ පරණ ෆෝන් එක කෙල්ලෙ උඹ තියාගනින්,උත්පල උඹට කෝල් කරයි .
අනේ උඹට පින් තරූ..
හරි හරි ,එත් උඹ මේ ආදරේට අහිංසක වැඩි දිලා..
හ්ම්ම්,, දැන්නම් මටත් එහෙම හිතෙනවා තරූ.

උත්පල උඹට ඇත්තටම ආදරෙයිද නැද්ද කියන්න මං තාමත් දන්නෙ නෑ බං මොනා උනත් ඕනාවට වඩා අහිංසක වෙන්න එපා කෙල්ලෙ ඒක හැමතිස්සෙම ගැලපෙන්නෙ නෑ.


තරූගෙ කතාවෙ ඇත්තක් ඇතැයි මටද හිතුණා.ඒත් උත්පලට මේ හිතෙ ඇති උන ආදරය කොහොම අඩුතක්සේරු කරන්නද  මේ ආදරේ මිරිගුවක් උනත් ඒ පස්සෙම දුවගෙන ගිහින් හති වැටෙන්නට හරි මේ හිත ලෑස්ති වෙලා ඉන්න හැටි මටම පුදුමයි.
එහෙනම් මං යන්නම් දිලා.. වෙඩින් කාඩ් එක දෙන්න මං ආයෙ එනවා හොදෙ.
හා තරූ මොනාහරි වෙන්න තියනවා නම් කියන්න


මට සමුදී කාරයට නැගුනු ආදරවන්තයන් දෙස මං බලාගෙනම උන්නා උත්පලත් එක්ක මේ විදියට යන්න එන්න අපේ වෙඩින් එකට සූදානම් වෙන්න මගෙ හිතෙත් කොච්චර හීනද ,පපුව පුරා හීන් රිදුමක් දැනෙද්දි මං ඉහලට ගත් ලොකු හුස්මක් වාතලයට මුසු උනා.
           මුළු දවසම ඔහේ ගෙවිලා ගියා. කොයි මොහොතක හරි උත්පල කෝල් කරයි කියන බලාපොරොත්තුවෙන් මං වෙනදට වඩා සැහැල්ලුවෙන් උන්නා.
රෑට කෑම කාලා ඇවිත් මෙට්ටය යට සගවන් උන්න ෆෝන් එක මං අතට ගත්තෙ උත්පල කතාකරලද කියලා හිත හිත.
පිට රට නොම්මරයකින් ඇවිත් තියෙන මිස්ඩ් කෝල් එක දකිද්දි ෆෝන් එක දමා යන්න උන එක ගැන ඇති උනේ පසුතැවීමක්.
ඇදට වෙලා ෆෝන් එකත් අතේ තියාගෙනම මං ආයෙමත් උත්පලගෙන් ඇමතුමක් බලාගෙනම උන්නා
දන්නෙම නැතුව නින්ද ගිහින් තියෙද්දි ෆෝන් එකේ දෙදරුමට මං ඇහැරුනා.
උත්පල..
උතුරා යන සතුටකින් මම දුරකතනය කනේ තියා ගත්තා.
දිලා..නිදිද
නෑ උත්පල කියන්න ඔයා හොදින්ද
මං හොදින් දිලා.. සොරි කතා කරන්න පරක්කු උනාට
කමක් නෑ උත්පල ඔයා හොදින්ද කියලා දැන ගන්නයි මට ඕනා 


මං ගැන බය වෙන්න එපා මෙහෙ කිසි ප්‍රශ්නයක් නෑ..ඔයා හොදින් ඉන්න
ආයෙ කතා කරනවා නේදා ආ..

පුලුවන් විදියට කතා කරන්නම්..


තවත් විනාඩි 15 ක් විතර උත්පලත් එක්ක කතා කර කර උන්නට පස්සෙ කොට්ටෙත් තුරුල් කරගෙන මං දෙනෙත් පියාගත්තෙ සතියක් තිස්සෙ හරි හැටි නින්දක් නොලබපු හැම රැයකටම හරි යන්න අද රැයනම් සුව බර වෙනු ඇතැයි සිතමින්

                                                                   මතුසම්බන්ධයි.

Friday, September 21, 2012

෴නොනිමි ප්‍රාර්ථනා෴

                                          රාත්‍රී අහස දෙස මං නෙත් යොමාගෙනම උන්නෙමි..රැහැයියන්ගෙ හඩත් ඉද හිට ඇහෙන බල්ලෙකුගෙ උඩුබිරුමත් රාත්‍රීයෙ  මූසල බව තවත් දෙගුණ තෙගුණ කරයි.අරියාදුවට වගේ තැනින් තැන දිලිහෙන තාරුකාත්  යාන්තමට මෝදු වේගන එන අඩ සදත් ඇරෙන්නට  වෙන කිසිවක් මගෙ නෙත් මානයේ නොගැටෙයි ..කඩාවැටෙන තරුවක් දෙස මං බලාගෙනම උන්නෙමි ...‍‍"කඩා වැටෙන තරුවක් දිහා බලාගෙන දෙයක් පැතුවොත් ඉශ්ඨ වෙනවා..." කලකට ඉහතදී නැරඹුව චිත්‍රපටියක කියෙවුනා මට මතකය..හීන් හිනාවක් දෙතොලින් එලියට පැන්නෙ මං මටම සරදම් කරන්නාක් මෙනි.සියල්ල සුනු විසුනුව විනාශ වී ගිය කල මට මොන ප්‍රාර්ථනාද..

දවස් ගනනක සිට මා වට  සිටි සියල්ලෝම දැන් විසිර ගොස්ය ඔවුහු මට අනුකම්පා කලහ..මා සැනසූහ.එහෙත් ඒ කිසිවෙක් අතර මගේ යැයි කිසිවෙක් නැත.


දයාබර කසුන් ..ජීවිතයෙන් කිසිම දෙයක් නොලද ‍‍‍‍‍‍‍අනාථයෙක් ලෙස ඉපිද ඔහේ ගෙවී ගිය මේ ජීවිතයට අරුතක්  ජීවයක් දුන්නෙ ඔබ නොවෙද,,
දැනට අවුරුදු හතරකට පමණ පෙර පල්ලියේ ගීතිකා කණ්ඩායමට ගිටාර් වාදන ශිල්පියෙකු ලෙස ඔබත් සාමාන‍ය්‍ය ගායන ශිල්පිනියක් ලෙස මාත් එක්ව ගත කල ඒ කාලය අප ආදරවන්තයන් කල හැටි කෙතරම් අපුරුද.. කිසිදා කිසිවෙකුගෙන් නොලද ආදරය  ඔබෙන් ලබන්නට තරම් මා මේ ජීවිතයෙ එකම එක වරක්  වාසනාවන්ත වී තිබුණි.උපතින්ම මව්සෙනෙහස අහිමි ගිය ඔබ සල්ලිකාර තාත්තා කෙනෙකුගෙ දෙවනි පුතා වුනත් සල්ලි උඩ  පිනුම් ගහන නාස්තිකාරයෙකුවත් අහංකාර චරිතයක්වත් නොවීය.  


ජීවිතය කියන්නෙ සල්ලි නෙමෙයි නෙතු ජීවත් වෙන්ඩ සල්ලි ඕනෙ ඒත් සල්ලි නිසා ජීවිතේ පාවා දෙන්ඩ බෑ..

 
ඒ ඔබේ ජීවන පාඨයයි..
 ධනයට බලයට වියරූ වැටී ඔබව සල්ලිකාර පවුලක කෝටිගානක දේපල හිමි එකම දියණියට  විවාහ කරදීමට ඔබේ පියා මානබලකරද්දි ඒ හැම දේපලකටත් තම උරුමයටත් පයින් ගසා ඔබ පාරට බැස්සේ ඒ නිසාය.


අහිංසක මිනිස්සුන්ගෙ දාඩිය විකුණන් නොකා සල්ලි කාරයෙක් වෙන්න මට පුලුවන් නෙතූ..

 
උගත් කම පමණක්ම තම  දායාදය කරගත් ඔබ මා මත්තෙම සියල්ල සැලසුම් කලේය.මා දුක් නොවිදිය යුතුයැයි කී ඔබ අවසානයේ මා මේ දෙමහල් පුංචි නිවහනේ හිමිකාරියද කලේය.


දැනට මාසයකට ඉහතදී ඔබේ බිරිද වී මා මේ නිවසට  කැන්දා ආවද මියෙන තුරු ඔබේ උනුසුමේ රැදෙන්නට මට පින් මදි වූවාය.


කවදාවත් ඔය ඇස් දෙකට කදුලක් දෙන්නෙ නෑ මැණික..

 
ඒ ඔබ දුන් පොරොන්දුවයි.
අනේ එදින මා අසනීප නොවුනානම්. මගේ පුංචිම ලෙඩකටත් ඔබ කලබල නොවුනානම් ඒ සැමටම වඩා ඔබ රිය නොපැදුවා නම් ඔබ අදටත් මා ලග නොවෙද..


කවදාවත් මට කලින් මැරෙන්න නම් එපා මහත්තයෝ
 මැරුණත් දාලා යන්න   බැරි වෙයි .. මැණික

 
ඔබේ උනුසුමට ගුලි වුන දවසක ඔබ මා සැනසූ හැටි තවමත් මගේ දෙසවන රැව් දෙයි..
රාත්‍රිය තවමත් නිහඩයි .. බැල්කනියෙ ටයිල් පොලවට වී හිදගෙනම මං දෑස් පියා ගතිමි..දෙකපුල් උණුසුම් කරමින් අලුත් උන කදුළු බිදුවක් රූරා වැටෙනවා පමණක් මට දැනුනි..
එකවරම හමාගිය සිසිල් සුලගක් මගෙ ගත වෙලාගත්තාක් මෙන් දැනෙද්දි විද පුරුදු සුවදක් නාස් පුඩු සිපගන්නට විය.මා සලිත් වී ගියෙමි එනමුදු දෑස් නොඇරියෙමි මා ජීවත් කල මා රැක ගත් ඒ රත්තරන් අත් දෙක මා හිස මතයැයි මට දැනෙයි .මං දෑස් පියාගෙනම ඒ සුවදට තව තවත් ඉව කෙරුවෙමි..


මගෙ කසුන් කියන්න ඔයා ඉන්නවා නේද ..මං රහසින් මිමිණුවෙමි..
දාලා ගියෙ නෑ මැණික.. සිහිනෙන් මෙන් කසුන් මුමුණනු ඇසෙයි. 

 
               මම දෑස් ඇරියෙමි .පුරුදු උණුහුමක් ගත පුරා විහිදෙද්දි ජීවයක් ලදිමියි  හැගීගියෙ නිරායාසයෙනි.එකනෙහිම  දෙඅත් රූටා විත් මා උදරය මත වැටුනි . ඉතින් මා සිනාසුනෙමි මෙතෙක් වෙලා මා විදි තනිකමෙන් පාලුවෙන් මං මිදුනාක් මෙනි.ආදර කසුන් ඔබ මා හැර නොගිය බව දැන් මම දනිමි  අපේ ආදරය මා කුසතුල යලි පණ ලබන බව මම අදහමි විශ්වාස කරමි ඉතින් මට තනියක් කොහිද ඔබ මා ලගම බව මම දනිමි..

                                                                                                                        ෴නිමි෴

Tuesday, September 18, 2012

අහස් ගව්ව සිඹින තරම්... 4 වෙනි දිගහැරුම


කලින් කොටස් මෙතනින් කියවන්න,,
අහස් ගව්ව සිඹින තරම්..1 වෙනි දිගහැරුම
අහස් ගව්ව සිඹින තරම්...2 වෙනි දිගහැරුම
අහස් ගව්ව සිඹින තරම්..3 වෙනි දිගහැරුම

සුදු දූ...
සිකුරාදා උදේ කාමරේට වෙලා පොතක් කියවමින් ඉද්දි අම්මා මං ගාවට ආවා..
කතා කරපු විදියෙන්නම් මොනව හරි බරපතල දෙයක් වගේ කියලා හිතුන හින්දා පපුවත් පොඩ්ඩක් ගැහෙන්න ගත්තා ..
දූ ඔයා එදා නිගම්බු ගියෙ කාත් එක්කද ?
ගිය සතියෙ මං උත්පලත් එක්ක නිගම්බු ගියෙ අම්මට නිමා.. ත් එක්ක පොත් ප්‍රදර්ශනයක් බලන්න යනවා කියලා බොරුවක් කියලයි..දෙයියනෙ අම්මට මොනා හරි ආරංචි වෙලාවත්ද.....-??
නි..නි..මා..ත් එක්කනෙ අම්මා.
යාන්තම් වචන ගලපගෙන මං උත්තර දෙද්දි අම්මා මං දිහා බලන් උන්නෙ" උඹට මාව තම්බන්න බෑ පුතේ.." කියන්නක් මෙන් විනිවිද යන තරම් බැල්මකින්.
මේ අහන්න දූ මාත් ඔයාගෙ ඔය වයස පහු කරා ඔයා දැන් පොඩි ළමෙක් නෙමෙයි මොන වා හරි දෙයක් තියනව නම් ඔයාට දැන් මාත් එක්ක කියන්න පුළුවන් වෙන්න ඕනෙ.
අනේ .. අම්මා..
ඇත්තටම අම්මාට මූණ දී ගන්නට නොහැකිව මන් බිම බලාගෙන මිමිණුවා.
මේ බලන්න දූ මං ගොඩක් දේවල් දැන ගෙනයි අහන්නෙ පිරිමි ළමෙක් එක්ක ඔයාගෙ සම්බන්ධයක් තියනවා නේද.
විදුලියක් කෙටුවා වගේ අම්මා එකපාරම අහද්දි  මහා ලොකු වරදක් කරපු අපරාධ කාරයෙක් ගේ මාව ගැහෙන්න ගත්තා.
ම්ම්.. තවත් බොරු කිරිමට හයියක් නැති තැන මං ඔව් කියන්නට මෙන් ඔලුව වැනුවා.
සුදු දූ ඔයාව අපි හැදුවෙ මලක් වගෙ කිසිම දුකක් නොදි .ඔයාව කවදා හරි පිටට දෙද්දි අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා .
ගොඩක් තැම්පත් නිවුනු හඩකින් අම්මා කතා කරා.ඒ එක්කම ඉපදුනු දා ඉදන්ම කිසිම දුකක් වෙන්න නොදි මාව අම්මා තාත්තා බලා ගත්තු හැටි .මට ඇවිදගන්න වත් බැරිව ඉද්දි අම්මා මාව ඇවිද්දවන්න දුක් වින්ද හැටි කොච්චර අමාරු උනත් මගෙ හැම ආසවක්ම එකක් නෑර ඉෂ්ඨ කරන්න තාත්තා වෙහෙසෙන හැටි, හැම දෙයක්ම චිත්‍රපටියක් වගේ මගේ හිතේ මැවෙන්න ගත්තා.
තරුශිගෙ අම්මවත් මට ගිය සතියෙ හම්බුණා ..එයා දැකලා තිබ්බා ඔයා ඒ ළමයත් එක්ක එහෙ මෙහෙ යනව දවස් දෙක තුනක්ම .ඒ ළමයගෙ අයියා එහෙ යනවා එනවලු ..කොහොමත් මෙච්චර ආදරෙන් ඔයාව හදලා අපිට ඔයාව ඒ වගේ තැනකට දෙන්න ඕනා නෑ .තේරුණාද?
අනේ .. අම්මා .. එයා න..ර..ක නෑ නෙ.
ඇස් දෙකටම උල්පතක් මෙන් කදුළු උනද්දි මං යෙත් මිමිණුවා.
හොද නරක ඔයාට වඩා අපිට තේරෙනවා .අනික ඔයා තාම මිනිස්සු ගැන හරියට දන්නෙ නෑ  .මේවා ආරංචි වෙලා තාත්තටත් හොදටම තරහා ගිහින ඉන්නෙ ඒත් ඔයාට මුකුත් කියන්නෙ නැතුව හිටියෙ මං කියන දේ ඔයා අහයි කියලා..හිතුවක්කාර වෙලා තාත්තව තරහාඅවුස්ස ගන්න එපා ..
මෙතක් කල් දැකපු හීන සිතුම් පැතුම් හැම දෙයක්ම කැඩී බිදී  සී සීකඩ විසිර යනවා ගෙ පපුවට දැනෙද්දි වචනයක් වත් කියාගත නොහැකිවා මහා අසරණ කමකින් මං අම්මා දෙසම බලන් උන්නා.
හම්ම්ම්.. දැන් ඉතින් ඕනාවට වඩා ඔය ගැන හිතන්නෙ නැතුව ඉන්න..කවදා හරි ඔයාව හොදට ආදරෙන් බලාගන්න කෙනෙකුට ඔයාව දෙන්න බැරි උනොත් අපිටත් සැනසීමක් නෑ.
ඉකි ගගහා අඩන මගේ හිසට අතක් තබා අම්මා පැවසුවේ මුදු මොලොක් හඩින්.
මේකත් මං ගාව තිබ්බදෙන්.දැන් පංතිත් යන්නෙ නැති නිසා ඕනා නෑ .
මේසය මත තිබූ මගෙ ජංගම දුරකතනය අතට ගෙන තවත් මොහොතක් මා සනසන්නට මෙන් මා දෙස බලා උන් අම්මා කාමරෙන් ගියෙ ලොකු හුස්මක්ද පිට කරමින්..
 අවසානයේ  සියල්ල උඩු යටිකුරු වී මුලු ලෝකයම දෙපාමුල කඩාවැටුනාක්මෙන් දරා ගත නොහැකි දුකකින් කොට්ටයත් බදාගෙන මා හඩා වැටුනා

බොහෝ වේලාවක් ගිය පසු හදිස්සියේම යමක් සිහිවුනාක් මෙන් ඇදෙන් නැගිට මං උත්පලට ලිපියක් ලිවීමට ටන් ත්තා.

ආදර උත්පල
            ඔයාට ලියන මේ වෙලාවෙ මං ඉන්නෙ දරාගන්න බැරි දුකකින් ඒ ඔයා මට අහිමි වෙයි කියන බයටයි.අපි ගැන හැමදෙයක්ම දැන් අපේ ගෙදරින් දන්නවා ආයෙ කවදවත් ඔයා එක්ක සම්බන්ධයක් තියා ගන්න එපා කියලා මට නීතියකුත් දාලා.. ඔයාව මට කොච්චර ඕනාද කියන එක එයාලට කියන්න මට තාම හයියක් නෑ. ඔයාම එන්න උත්පල හැම දෙයක්ම කියන්න මගෙ තාත්තට එයා නපුරෙක් නෙමෙයි .ආදරයක් තේරුම් ගන්න බැරි කෙනෙකුත් නෙමෙයි.අනේ එයාට තේරුනොත් ඔයා මාව  එයා වගේම ආදරෙන් බලාගන්නවා කියලා ඔක්කොම හරි යයි.ඉතින් කියන්න ඔයා එනවා නේද?මං බලන් ඉන්නවා ඔයා එනකන්.. පරිස්සමින් ඉන්න
                                                        මීට
                                               ඔයාගෙ  දිලා..


                    කලයුතු එකම දේ දැන් කරන්න ඕනෙ උත්පලයි කියන හැගීමෙන් ලිපිය ලියලා අවසාන කරපු මම  ලියුම් කවරයක ලියුම  දමා පරිස්සමට පොතක් ඇතුලේ තැබුවේ..ඉක්මනටම නිමා..අතේ උත්පලට ලැබෙන්න සලස්වනවා කියලා හිතාගෙනයි.
 පසුදා දවස උදාවෙද්දිම නිමා..ට කතා කරන්න අවස්ථාවක් එන තුරු මං බලා ගෙනම උන්නා.. දවල් වරුවේ අම්මා කුස්සියේ උයන අතරතුර ගෙදර දුරකථනයෙන් මං නිමා..ට කතා කලා.
මොකද බං උනේ ..අන්න උත්පල මටත් කතා කරලා උඹ ගැන අහැව්වා උබ ෆෝන් එකත් ඕෆ් කරගෙන මක් කරනවද?
කිසිවක් කියන්න ඉඩක් නොතියම නිමා.. මගෙ ඇගට කඩන් පැන්නා.
වෙන්න තියන ඔක්කොම වුනා ..

හීන් ඉකියක් මුවින් පිට වෙද්දි මං කිව්වා.
දිලා..ඇයි මේ ..
අම්මා ඔක්කොම දැන ගෙන නිමා.. තරු ලගෙ අම්මගෙන් විස්තරත් අහලා උත්පල ගැන අනේ  මන් දන්නෙ නෑ නිමා.. මට උත්පලව අතාරින්නලු මං කොහොමද නිමා එහෙම කරන්නෙ මං මැරෙයිනෙ.
මේ අහපන් දිලා ඉස්සෙල්ලා කියපන් උඹ හොරෙන් නේද ඔය කතා කරන්නෙ.
හ්ම්ම්...
හිටපන් මං එන්නම් උඹව බලන්න අපි කතා කරමු හරිද
අනේ ඉක්මනට වරෙන් නිමා..
හරි හරි මං එන්නම් දැන් හරකි වගෙ ඔතන අඩලා ඇදගෙන නාන්නෙ නැතුව වෙනසක් නැතුව හිටපං.
ම්ම් හරි..
නිමා.. ගෙ වචන වලට පොඩි එකෙක් වගේ අවනත වූ මං දුරකථනය ලගින් ඈත්ව කාමරයට ගියා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


දිලා..
මටත් නොදැනිම ඇදට වී උන් මගේ ඇස් පියවීගෙන යන්න හදද්දිම වගේ නිමා.. කාමරේට එබුණා.
ආ..උඹ ආවද
ඔව් ඔව් එන්න කලින් උඹලගෙ අම්මටත් මාට්ටු වුණා.
මා අසලින්ම ඇදේ පැත්තකින් වාඩි වෙන ගමන් නිමා.. උත්තර දුන්නා.
ආ..අම්මා මොනාද කිව්වෙ.උඹට බැන්නද
කොට්ටය ඇද විට්ටමට හේත්තු කර  මම ඇදේ ඉදගත්තා
නෑ.. නෑ  අම්මා උඹට ආදරෙයිනෙ බං
උඹෙ හිත හදන්නලු.. ඕනවට වඩා කල්පනා කරන්න දෙන්න එපාලු පව් බං බය ඇති උබ ලෙඩ වෙයි කියලා.
හ්ම්ම්..පව් අම්මා 

ම්ම්..හැබැයි මට කිව්වා ඔන්න උඹගෙ වැරදි වැඩ වලට උදව් කරන්න එපා කියලා.
ඉදගෙන උන් මගෙ කකුලට පුංචි තට්ටුවක් දමා තවත් ටිකක් මට කිට්ටු වෙන ගමන් නිමා..කිව්වා
අනේ..ඉතින් උඹත් මාව තනිකරන්නද යන්නෙ
එකාපාරටම හිතට ආපු බය නිසා මං නිමා ගෙ අත තදින් අල්ල ගත්තා.
පිස්සුද බං..මං ඉන්නව උඹට ..ඒත් උඹට හොදක් වෙන්නයි ඕනෙ හරිද.
මං දන්නවා බං උඹ මට ආදරෙයි.
හරි හරි දැන් කියපන් මොකද උනෙ.
සිදු වූ සියල්ල නිමා..ට විස්තර කර කියද්දි නිමා හැමදාමත් වගේ බාධාවක් නොකරම මට ඇහුන්කන් දී ගෙන හිටියා.
අවසානයෙ දෙනතට නැගුන කදුලු පිසදාගෙන මං උත්පලට ලිවු ලියුම නිමාට දුන්නා.
හරි උඹ දැන් නාඩා හිටපන් මං උත්පලට කියන්නම් ඔක්කොම. ඒත් උඹ හිතනවද  අන්කල් උත්පලට කැමති වෙයි කියලා
හම්ම්. කැමති වෙයි
මහා ගොඩක් දුර හිතන්න ඇති බය හින්දම මං නිමා..ට කෙටියෙන් උත්තර දුන්නා..
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


                         අද ඉරිදා සතියකට පස්සෙ තාත්තා ගෙදර ඉන්න දවස.පාන්දරම නැගිටිද්දි තාත්ති ඊයෙ රෑ ගෙදර එන්න ඇතැයි කියන සිතුවිල්ලෙන් මං මොහොතක් නොසන්සුන් නා,
උත්පල ගැන අම්මා මා එක්ක කතා කරා වගේ අද අදවසෙ කොයි වෙලේ හරි තාත්තාත් මාත් එක්ක කතා කරයි දෝ කියන ප්‍රශ්නය මගෙ හිතෙ රැව් දුන්නා..
වෙනදටත් වඩා වෙලා අරගෙන මූණ සෝදා ඇදුමක් දා ගෙන මං පහලට බැස්සෙ ගැහෙන හදවතින්.
සුදු දූ..
සාලයට වී පත්තරයක් බලමින් උන් තාත්තගෙ හඩින් මං ගැස්සී ගියා.
තාත්තා..

දැන්ද නැගිට්ටෙ ආ.. මෙන්න  මං දූට පොත් වගයක් අරන් ආවා
කිසිම වෙනසක් නැතුව තාත්තා නිල් පාට තරමක් ලොකු බෑග් එකක් මට දික් කලා
අනේ..තෑන්ක්ස් තාත්තා..
හිතට දැනුනු බය අතුරුදහන් වෙද්දි මං තාත්තාගෙ ගෙල බදාගෙන කම්බුලක් සිප ගත්තා.
කෝටියක් ප්‍රශ්න ආවත් ඒ හැම ප්‍රශ්නෙට නිවැරදිම උත්තර හැමදාමත් මගෙ තාත්තා හොයා ගත්තා.කිසිම දවසක අම්මටවත් මටවත් නිකරුනේ බැණ නොවැදුන මගෙ තාත්තා අදත් මට වචනයක්වත් නොකියා සිටින්නෙ අම්මා කිව්වට පස්සෙ ආයෙත් එකම දේ කියලා මගෙ හිත නොරිදා සිටිය යුතුයැයි හිතෙහින්දා වෙන්ති.

  මා ගැන ඇති අසීමිත ආදරය නිසාම මා කවදාවත් හිතුවක්කාරියක් වේවි යැයි තාත්තා හිතන්නෙ නෑ.

ඒ එක්කම ටී එම් ජයරත්නයන්ගෙ අම්මා සකි මම ඒ ලොව හිරුය රිදී.. ගීතයෙ  "මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ..මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ"  කියන පද පේලිය මගෙ හිතට ආවෙ   මගෙ තාත්තා ගැන අසීමත භක්තියක් ආදරයක් මගෙ හිතේ අළුතෙන්ම උපද්දවමින්.


ආ.. මොකද මේ ලොකු ළමයෙක් හුරතල් වෙන්නෙ ආ..
තේ කෝප්ප දෙකක් අතිනගෙන අම්මා සාලයට ආවෙ හිනා වේගනමයි.
අනේ බලන්නකො තාත්තා.. අම්මාට ඊරිසියාවද කොහෙදො.
අම්මගෙ කතාවට බොරු තරහක් මවා ගනිමින් මං තාත්තා ඉදන් උන් පුටුවෙ පත්ත උඩ වාඩි නා.
හරි හරි දැන් ගිහිල්ලා ඉක්මනට ලෑස්ති වෙන්න ගමනක් යන්න.
තාත්ති මගෙ පිටට තට්ටුවල් දාන ගමන් කිව්වා.
කොහෙද යන්නෙ ..?
ගෙදරටම වෙලා හෙම්බත් වෙලා උන් මං ඇහැව්වෙ ගොඩක් ආසාවෙන්


අපි අද බීච් ගිහින්.ලන්ච් එකත් එලියෙන් අරගෙන ආච්චිලගෙ ගෙවල් පැත්තෙත් ගිහින් එමු.ගෙදරටම වෙලා ඉදලා දුවටත් එපා වෙලා ඇතිනෙ .
අනේ මරු තාත්තා නියමයි !!

ආයෙමත් තාත්තගෙ කර හයියෙන බදාගෙනම කම්බුලක් ඉඹගෙනම මං හිදගෙන උන්න තැනින් නැගිට්ටෙ අද දවස ගොඩක් සුන්දර වෙනු ඇතැයි දැනුනු සතුටත් එක්ක.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


           නිමා...... අතේ උත්පලට ලියුම යැවූ පසු ඔහුගෙන් පිලිතුරක් එනතුරු මං මග බලාගෙන උන්නා.කාටත් හොරෙන් උත්පලට කෝල් එකක් දෙන්න හිත බල කරත් .අම්මාට අහුවෙයි කියලා දැනුනු බය නිසාම මං උත්පලගෙ පිලිතුර ලැබෙනකන් ඉවසුවා.
හිතුව විදියට සතියකට විතර පස්සෙ උත්පලගෙ ලියුමත් අරගෙන නිමා ගෙදර ආවා.
උත්පල ඔයාට මොනා හරි කිව්වද නිමා
ලියුම කියවන්නට පෙර මං නිමා.. ගෙන් ඇසුවා.
මට උත්පල මීට් වුනේ නෑ දිලා.. තරූට දීලා තිබ්බෙ මට ඊයෙ තරුවා ගෙනත් දුන්නෙ  ඇන්ටි උත්පල ගැන ඒකිගෙන් අහයි කියලා මෙහෙ ඇවිත් නෑ..

දැන් ඒ ගැන් මුකුත් අහන්නෙ නෑ නිමා.මං ඔක්කොම නවත්තලා කියලා හිතල වෙන්න ඇති.
පව් දිලා.. උඹව විශ්වාස කරනවා ඇන්ටි
මං දන්නවා නිමා.. අම්මලත් උත්පලට කැමති වෙයි නැත්තන් එයාලට දුකක් දුන්නොත් මට හෙණත් ගහයි.
ම්ම් හරි හරි මං යන්නම් බං සදුදා ඉදන් ජොබ් එකට යන්න තියනවා..ඊට කලින් ගොඩක් වැඩ තියනවා බං කරගන්න.. අද ආවෙ උඹ උත්පලගෙ ලියුම එනකම් මෙතන නහින බව දන්න හින්දා

අනේ හොදයි නිමා..ඒත් උඹ ගියාම මටයි පාලුයි..
හරි හරි සෙනසුරාදා, ඉරිදා ගෙදරනෙ බං මං එන්නම් උඹව බලන්න.
උඹට ගොඩක් පිං ..උඹ නැත්තන් මට මොනා වෙයිද දන්නෙ නෑ.......


උත්පලගෙ ලියුම මගෙ අතට දී නිමා ගිය පස්සෙ මං ලියුම දිග ඇරියෙ ගොඩක් නොඉවසිල්ලෙන්...                            

                                                                   මතුසම්බන්ධයි...

Sunday, September 16, 2012

ඉස්සර අපි එක වගෙයිලු.. කොයි කාටත් දෙන්නව පැටලුනා..



                           අනේ ශෝයි පැටව් ටික නේ.. පින්තූරෙ ඉන්න බෝනික්කො ටික දකිද්දි එහෙම හිතනව නේ..ඉතාලිය වගේ රටක ඉදගෙන මේ වගේ පැටව් නම් අනන්තවත් පාරෙදි බස් එකේදි දකින්න හම්බෙනවා මට.. නිල් පාට ඇස් තියෙන සුදු බෝල ගෙඩි වගේ පැටව් දකිද්දි නම් අල්ලලා මිරිකන්න හිතෙනවා..ඇයි අප්පේ බෝනික්කන්ට පණ ඇවිත් වගේ නෙ,
ඔන්න ඔන්න ඉතින් කට්ටිය වලිගෙ පාග ගන්න එපා මං මේ ඉතාලියෙ ඉන්න බෝල බබාල ගැන නෙමෙයි කියන්න යන්නෙ හොදෙ,,
ලගදි දවසක් පාරෙ යද්දි එකම වගේ සුදු බෝලා බබාලා දෙන්නෙක්ව ගෝකාට් එකේ දාගෙන යනවා දැක්කම මට  මගෙ පුංචි කාලෙ මතක් වුණා.. එකම වගෙ සපත්තු දාලා එකම වගේ ගවුම් අන්දලා එකම හෙයාර් කට් එක දාලා කිසිම වෙනසක් නැති ෆොටො කොපි කරලා වගේ  කෙලි පැටික්කියො දෙන්නා දකිද්දි නංගයි මාවවයි තමා මට ඉතින් මැවිලා පෙනුනෙ ..
 මරු නේ... තුන් හතර දෙනෙක්ව එකට අරන් යද්දි..

දැන් ඉතිං ඔන්න දන්නෙ නෑ වගේ බලන්න එපා මොකෝ මේ එකම වගේ දෙන්නෙක්ව දැක්කම මං අතීත ආවර්ජන කරන්නෙ මොකද කියල..
ඔයාලා ඉතින් දන්නවනෙ මාත් ඉතින් එකම අච්චුවක කොපියක් තමා ඒ කියන්නෙ මායි නංගයි නිවුන් සහෝදරියො කියන එකනෙ.
ම්ම්ම්... ඔන්න ඉතින් ඉස්සෙල්ලා ඒ කථාව අහන්නකො ..(අහන්න නෙමෙයි කියවන්න හොදෙ)




 අපේ  තාත්තියට ඉස්සෙල්ලම ආරංචි උනාම අපේ තාත්තියා තාත්තියෙක් වෙන්න යනවා කියලා මාර හැපි එකේ තමා ඉදලා තියෙන්නෙ.ඔහොම ඉතින්  හැපි එකෙ ඉද්දි  ටික දවසක් ගිහිල්ලා දැන ගන්න හම්බෙලා තියෙනව අපේ අම්මිගෙ බංඩි ගෙඩියෙ එකෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා කියලා.  ඒ පාර නම් අපේ අම්මි තාත්තියි  පොඩ්ඩක් විතර බය වෙලා තියෙනවා . ඇයි ඉතින් ඔය දෙක තුන එකට එලියට එද්දි කොහෙන් හරි ඇලිලා හා වෙලා ඉන්නවා වගේ දේවලුත් වෙනවනෙ. ඉතින් කොහොම කොහොම හරි ලොකු යුද්ධයක් දින්නා වගේ කිසිම අතුරු අන්තරාවක් නැතුව අපේ අම්මිගෙ බන්ඩි ගෙඩිය කපලා  නංගියවයි මාවයි එලියට අරන් තියනවා..නංගට නංගා  කිව්වට මොකද විනාඩි ගානකට තමා මං අක්කා වෙලා තියෙන්නෙ .
 මේ දෙන්නව නම් ඔයාලා දැකලත් ඇති.. මෙන්න මෙහෙම ඇලිලා ඉදිද දන්නෙ නෑ කියලා තමා තාත්ති බය වෙලා තියෙන්නෙ..හම්ම් ..පව් නේද මේ දෙන්නා..

...අපි නම් දෙන්නයි  මං මේ කල්පනා කරේ .. අර පහුගිය කාලෙ නිව්ස් වලට කිව්වෙ නිවුන්නු නව දෙනාත් ඉපදිලා තියෙනවා කියලා.. අනේ අම්මෝ ඒ අම්මටයි තාත්තටයි කොහොම යුද්ධයක් තියෙන්න ඇද්ද ?????
එකම වගේ බෝනික්කො ටිකක් තියලා  වගේ නේ.. 

ආ.. දැන් ආයෙත් කථාවට එමු කො.. 
දැන් නම් පොඩ්ඩක් වෙනස් වෙලා හිටියට මොකද ඒ දවස් වල නම් අපි දෙන්නා එකම එක වගේලු අම්මිටයි තාත්තිටයි අදුනගන්නත් පොඩ්ඩක් කරදර වෙලා තියෙනෙවා. ඒ හින්දා වැරදිලා දෙපාරක් එකෙක්ටම කිරිත් පොවලත් තියෙනවලුඒ විතරක් නම් මදෑ මට මට මතකයි මොන්ටි සෝරි යන කාලෙ ටීචර් එකම කෙනාගෙන් දෙපාර දෙපාර පාඩම් ගන්නවා කියලා නංගයි මමයි ගෙදර ඇවිත් හූ කිය කිය අඩනවා. පස්සෙ අම්මිලා කරලා තියෙන්නෙ අපි දෙන්නව කට්ටියට හොයාගන්න පුළුවන් වෙන්න කියලා අපි දෙන්නට කනට  දෙවිදියක කරාබු දාලා ..මට තාම මතකයි නංගට තිබ්බෙ බෝල කරාබු දෙකක් මට තිබ්බෙ මල් කරාබු දෙකක්..අපි දෙන්න  ඉතින් පොඩ්ඩක් තේරෙන කාලෙ ආවම  හිටපු ගමන් ඔය කරාබු දෙක මාරු කරගෙන දාගෙන හොද හොද වැඩත් කරලා තියෙනවා  .ඔය හුට පට හින්දම පස්සෙ ස්කෝලෙ යන්න ගත්තම තුන වසරෙ ඉද්දි වගේ ටීචර් කියලා තියෙනවා දෙන්නව පංති දෙකකට දාමු කියලා..අයියෝ ඉතින් මොනා කරන්නද ඉතින් ඊලග අවුරුද්දෙ ඉදන් අපි දෙන්නා ස්කෝලෙන් අයින් වෙනකම්ම ඊට පස්සෙ හිටියෙ පංති දෙකක තමා..

හික්.. හික් මේ ලින්ක් එකට ගිහින් බලන්නකො තව කට්ටියක්ව අදුන ගන්න බැරි වෙන නිසා කොරලා තියෙන වැඩේ බලන්ඩ..
http://www.lankadeepa.lk/index.php/articles/63674 

පොඩ්ඩො කාලෙ ඉතිං ඔහොම ශෝයි ශෝයි වැඩ වුනාට මොකො මාරම මාර ම වැඩ වුනේ ලොකු කාලෙ තමා . ඔය කාලෙ වෙද්දි පංති දෙකක ඉන්න නිසා අපේ නංගටයි මටයි යාලුවො ඉතින් වෙනමත් හිටියනෙ අපේ යාලුවොත්  ඉතින් අනන්ත නංගි කියලා මටයි මං කියලා නංගටයි රැවටිලත් තියෙන්වා,යාලුවන්ට විතරක් නෙමෙයි අර අලුතෙන් යාළු වෙන්න ට්‍රයි කරන අයියලා ඉන්නෙ අයියෝ එයාලටත් අපිව ටැපලිලා මරු මරු වැඩ වෙලා තියෙනවා.හික්..හික් ..
මෙන්න මෙහෙමනෙ අපි අම්මිගෙ බංඩි ගෙඩියෙ ඉදලා තියනවයි කියන්නෙ..

ඉස්සර මට මතකයි "නිවුන් දරු සංඝය" කියලා සමිතියකටත් අපි බැදිලා එවුනාට අපරාදෙ මොකක්ද මන්දා හේතුවක් හින්දා අපිට ඒකෙ වැඩි දුර ක්‍රියාකාරකම් වලට එකතු වෙන්න බැරි වුණා..
මෙන්න මේ වගේ නිවුන් සහෝදර එකමුතු දකිද්දි තමා හිතෙන්නෙ අපරාදෙ අපිට යන්න බැරු වුනේ කියලා.


දැන්නම් ඉතින් අපි හෙන ලොකු ලමයිනෙ (ලොකුයි කිව්වට ලොකූම නෑ හොදේ) . කොහොම හරි අර ඉස්සර කාලෙ තරම් නම් අපි දෙන්නව දැන් පැටලෙන්නෙ නෑ කාටවත් අපි අදින විදිය,කොන්ඩෙ හෙයාර් කට් එක එක විතරක් නෙමෙයි උස මහතත් වෙනස් හින්දා ඉස්සර වගේ නෑ .ඒත් අදටත් වෙන වෙනම කවුරු හරි පාරෙ තොටේදි හරි දැක්කොත් ඉස්සෙල්ලම අහන්නෙ ඔයා අක්කද නංගිද කියලා.

හ්ම්ම්ම්.. වෙලාවකට හරි දුකත් හිතෙනවා අප්පා ,, අපි මොකට ලොකු වෙනවද කියලා  බටු ඇට දෙක වගේ හැමදාම ඉන්න තිබ්බා නම් හ සෙල්ලම කර කර ශෝයි එකට.. අම්මිලා එක්ක හුරතල් වෙවි ඉන්න තිබ්බ නෙ .. ඒවුනාට ඒක නම් ඉතින් මට විතරක් හිතෙන දෙයකුත් නෙමෙයිනෙ කවුද අකමැති ආයෙත් පුංචි කාලෙට යන්න නේද???

මේ වයසට  ගියාම..අක්ක නගෝ දෙන්නෙක් මරු..නේ,,

Thursday, September 13, 2012

අහස් ගව්ව සිඹින තරම් 3 වෙනි දිගහැරුම..


අහස් ගව්ව සිඹින තරම්.. 1 වෙනි දිගහැරුම මෙතනින්
අහස් ගව්ව සිඹින තරම්... 2 වෙනි දිගහැරුම මෙතනින්..

                       සතියක්ම ගේ ඇතුලට වෙලා ඔහේ ගෙවිලා ගියා. පුස්තකාලයට හරි නිමා..ලගෙ ගෙදරට හරි යන්න පුළුවන් කම තිබ්බත් එහෙමවත් යන්න හිතුනෙ නෑ.විශේෂයෙන්  කරන්ඩ කියලා  දෙයක් තිබ්බෙත් නැති හින්දා වත්ත පහල අඹ ගහෙ  පැහිච්ච අඹ කඩන් ඇවිත් අච්චාරු දැම්මා.
ගෙදර වත්තෙ පැත්තකට වෙන්ඩ ග්‍රීල් වලින් හදලා තිබ්බ ඔන්චිල්ලාවෙ ඉදගෙන පැද්දෙන ගමන් කටදන්ඩම හදා ගත්තු අඹ අච්චාරු හාස් හූස් ගගා කමින් මම පොතක් කියෙව්වා..
"i am lonley broken angel...." මේ දවස් වල මං අහන්නම  ආස කරන ගීතයෙන් ගෙ ජංදුරකතනය නාද වුණා.
හෙලෝ..
පංතිත් ආපු නැති නිසා උත්පල වෙන්න පුළුවන් කියලා නිකමට වගේ හිතුන නිසාදො මන්දා මගෙ හඩ බාල වුණා.
දිලා .. මං උත්පල..
හිතපු විදියටම මගෙ හිත නොසංසුන් කරපු පිරිමි හඩ එහා පැත්තෙන් මතු වුණා,
උත්පල ඔයා..
මං ඔයාලගෙ පුස්කාලය ගාව,දිලාට  ඉන්නෙ එන්ඩ පුළුවන්ද
ගහෙන් ගෙඩි එන්නා වගෙ උත්පල අහද්දි මොනා කියන්නද කියලා හිතාගන්ඩ බැරුව මං මොහොතක් නිරුත්තර වුණා.
ම.....ම.. මම ද
ඔව් ඔව් ඔයා තමා දිලා.
නිමා..ටත් කිව්වද.
නිමා.. මොකටද ඔයාටනෙ මං කිව්වෙ, එනවා නේද?
හා ..
කිව්ව නෙමෙයි මට කියවුණා.
පැය බාගයක් දෙන්න..
ඕකෙ ..එහෙනම් තියන්නම් දිලා බායි.
බායි..
දෙයියනෙ මේ වුනේ මොකද්ද ? උත්පල හදිස්සියෙම එන්න කියන්නෙ මොකටද? දහසක් ප්‍රශ්න හිතේ තියෙද්දිම මං කකා උන් අච්චාරුවෙ ඉතිරිය වීසි කර දමා ඉක්මනට ගෙට ගියෙ අම්මගෙන් පුස්ථකාලෙට ගිහින් එන්න අවසර අරගෙනමයි.
වෙනදට පුස්ථකාලෙට යද්දි අතට අහුවෙන ඇදුමක් දා ගෙන ගියත් අද මං ආසම කරපු අහස් නිල් පාට ඩෙනිම් ත්‍රී ක්වාට එකයි ලා කහපාට  සැහැල්ලු ටී ශර්ට් එකයි ඇද ගෙන.ඉක්මනටම අතට අහුවුන පොතකුත් අරගෙන බයිසිකලෙන්  පාරට පැනගත්තෙ අද කරන්ඩ යන හොර වැඩේ අම්මට අහු වෙයි කියලා බයයෙන්.
පුස්ථකාලය පේන මානෙ දි මුළු ඇගම වගේ  ගැහෙද්දි හිත දැඩි කරගෙනම පුස්ථකාලෙ වත්තට මං බයිසිකලය දැම්මෙ  ඇස් දෙකෙන්ම ඒ රුව හොය හොය.
පුස්ථකාල බිමේ බයිසිකල් නැවතීමට වෙන්කරලා තිබ්බ කොටසෙ තාප්පෙ ගාව අත්දෙක පපුවට බැදගෙන උත්පල හිටියා.
පපුවෙ ගැස්ම තවත් වැඩි වෙද්දි මං උත්පල ඉන්න දිහාවට බයිසිකලෙත් තල්ලු කරගෙනම ලං උනා.
දිලා මොකද බයෙන් වගේ.මං ඔයාව ගිලින්නෙ නෑ..
යාන්තමින් හිනාවක් දෙතොලින් පනිද්දි ම මං බය නැහැයි කියන්නට මෙන් ඔළුව වැනුවා.
තත්පර කීපයක් ගෙවෙන්න ඇති උත්පලයි මායි නිහඩවම හිටියා.
ඔයාට දෙයක් කියන්න ඕනෙ
නිහඩතාවය බින්දෙ උත්පලයි.
කියන්න..
ඕනවටත් වඩා මගෙ හඩ බාල උනා.
මං ඔයාට ආදරෙයි දිලා.. මං දන්නවා ඔයත් එහෙමයි
මට කතා කරන්න ඉඩක් නොතියම උත්පල කතා කරා.මං  මොනා කියන්නද කවදා හෝ වෙයි කියලා හිතුව සියල්ලම හිතුවටත් වඩා ඉක්මනට සිදුවෙද්දි  මං නිහඩම උන්නා.

  ඕනවටත් වඩා වෙලා බිම බලාගෙම උන්නා.
උඹ දවසක් කිව්වා හරි නිමා.. ඇත්ත දැන් දිලාට ආදරේ නොකර ඉන්න බෑ.
බලන්න  දිලා.. මට ඒක ඔයාගෙ කටින්ම අහන්න ඕනෙ.
ඉතින් මං හිස ඔසවා උත්පල දෙස බැලුවා.මටවත් පාලනය වෙන්නෙ නැති මගෙ හිතටම  අවනත නා.
හ්ම්ම්.. ඔව්
බයිසිකල් හැඩලය මත තිබ්බ මගෙ අත උඩ උත්පලගෙ අත තියද්දි මං හිනැහුනා විශ්වාස කලා .

 දැන් ඉතින්  මේ මුළු ජීවිතයම උත්පල රැක ගනු ඇත .
෴෴෴෴෴෴෴෴෴෴෴
උත්පලයි මායි පෙම්වතුන් උනාට පස්සෙ ඉස්සෙල්ලාම පංති යන දවස අද .. ඇත්තටම මං ඉන්නෙ කොච්චර සතුටින්ද. අද අපේ යාලුවො මොනා කියයිද.. අදින් පස්සෙ උත්පලයි මායි කොහොම ඉදියිද ඔය වගේ දහසක් දේවල් හිත හිත මං නිමාත් එක්කම පාරට බැස්සා..
යකෝ.. යාලුවෙලා මුල් දවස් වෙලම මෙහෙම නම් කල් යද්දි තව මොනා වෙයිද..
නිමා .. ඉන්නවා කියලත් මට අමතක වෙන තරමටම මං හිටියෙ වෙනම ලෝකෙක.
ඇයි බං එහෙම කියන්නෙ
ඔහොම තනියම හිනාවෙන්න ගත්තම මිනිස්සු හිතයි උඹට පිස්සු කියලා
නිමා .. ගොඩක් වෙලා මං දිහා බලන් ඉන්න ඇති..
අනෙ මන්දා සමහරවිට මට  පිස්සු ඇති නිමා..
මටත් හිතෙනවා දැන්නම් උඹට පිස්සු කියලා . අම්මේ.. කොහොමද කිය කිය හිටියෙ ආදරේ කරන්න බෑ නිමා..
අත එහෙට මෙහෙට කර කට ඇද කර කර නිමා විහිලු කර හිනාවෙද්දි මමද නිමා..ගේ හිනාවට එකතු වුණා.


උදේ 7.30 වෙද්දි නිමයි මායි බසයෙන් බැස පංතියට යන පුංචි අතුරුපාරෙ  ඇවිදන් ගියා .අපිට කලින් ඇවිල්ලා අපි එනකන් මග බලන් හිටිය තරූ මගදි අපිත් එක්ක එකතු උනා.
උඹත් එහෙනම් ලව් කරන්න ගත්තා දිලා..
තරුව බ්‍රේක් නැති වචන මාලාව දිග අරින්න ගත්තා.
ඔව් ඔව් උඹට වඩා පොඩ්ඩයි පරක්කු වුනේ  බං..
දැනට අවුරුදු දෙකකට කලින් ඉදන්ම පෙම්වතියක් වුන තරුවට හින්ට් එකක් පාස් කරන ගමන් මං කිව්වා.
හරි කොහොම හරි දැන් ඉතින් උඹත් මගෙ බෝට්ටුවෙනෙ බං ,ඔන්න මගෙන් උණූසුම් සුබ පැතුම්..
හරි හරි එතකොට මං දැන් වෙන බෝට්ටුවක්ද ආ..
ඉනට අතකුත් තියාගෙන් නිමා ඇහැව්වෙ නොක්කාඩුවෙන් ..
ඉතිං උඹත් ඔය පාරෙ යන එකෙක් හරි ඇදගෙන නැගපන්කො අපේ බෝට්ටුවට.
තරුවගෙ කතාවට අපි තුන් දෙනා හිනා වෙවීම පංතිය ලගටම ආවා..
ආ.. නංගිලා මොකද කැකිරි පලන්නෙ ආ
තරංගත් ,ප්‍රසාද්, වරුණ ත් අපිට එකතු වෙන ගමන් කිව්වා.
අද වගෙ දවසක එහෙම නොකර කොහොමද හලෝ
තරු ව පුරුදු රාජකාරිය  පටන් ගත්තා.
ඇයි ඇයි අද මොකද වෙලා තියෙන්නෙ.
ඇයි හලෝ.. දිලාගෙයි උත්පලගෙයි මංගල කාරණාව
ආ.. එහෙම දෙයකුත් වෙලාද
වරුණ අහද්දි මං ඇත්තටම පුදුම උනා.උත්පල කිසි දෙයක්  කාටවත් කියලා නෑ..
අන්න කියන කොටම මනමාලයා එනවා.
නිමා.. කිව්වෙ ඈතින් එන උත්පලව පෙන්වමින්.
මේකා අපිට නිකමටවත් කිව්වෙ නෑ නේ
ප්‍රසාද් කිව්වා.
උත්පලයො උඹට එහෙනම් අපිටත් වසන් කරා නේ..
හරි හරි බං අද කියන්ඩ තමා ආවෙ
කට්ටියම මග රැකගෙන වගේ ඉද්දි උත්පල වුන ඔක්කොම හිතා ගන්න ඇති..
දැන් උඹ එහෙම කියලා ලෙස්සලා යන්නද හදන්නෙ ආ..
හරි හරි අද කට්ටියටම ක්ලාස් ඉවර වෙලා මං ගානෙ ආප්ප ..පාටියක් දෙනවා
ඕකෙ.. අන්න එහෙම වරෙන්කො බං .
නිමා..ත් තරුත් වරුණලත් කතාවට වැටීගෙන ඉස්සර වෙද්දි උත්පලත් මාත් ඔවුන්ට පිටුපසින් අත් පටලවාගෙනම පංතියට ඇතුල් වුණා...
෴෴෴෴෴෴෴
මාස ගානක් ගෙවිලා ගියා ඉංග්‍රීසි පාඨමාලාව අවසාන වුන නිසා මෙච්චර කාලයක් හිනා වුන, සතුටු උන ආදරය කර අපූරු නවාතැනට අපි හැමෝටම සමුදෙන්න උනා..
ආයෙත් හුදකලා වෙන්න තනි වෙන්න ගිය මගේ ලෝකය උත්පල හින්දා පිරිලා ඉතිරිලා ගියා.
දවසට තුන් හතර වතාවක්වත් උත්පලට sms එකක් ගහන්න ..අම්මට හොරෙන් පොඩි කෝල් එකක් දෙන්න මං පුරුදු උනා. මේ හැම දෙයක් එක්කම මං අලුත්ම ලෝකෙක මෙතෙක් නොවින්ද නුපුරුදු සතුටක් වින්දා .
උත්පල ජොබ් එකක් හොයමු නේද
අනාගතේ ගැන කප්පරක් බලාපොරොත්තු පොදි බැදෙද්දි මං උත්පලට කිව්වා.
මෙහෙ කොහෙද දිලා ජොබ් ..රටවත් යන්න බලන්න ඕනෙ
අනේ උත්පල රට යන්න
මෙහෙ ඉදන් ඔළුව උස්සන්න බෑ දිලා..
ම්ම් හරි ඔයාට හොද දෙයක්...
වයස අවුරුදු 23 ක කොල්ලෙක් වෙලත් උත්පලගෙ එහෙ මෙහෙ රස්තියාදු වෙන ජීවිතය පිලිවෙලක් වෙන්න ඕනා නිසා උත්පලගෙන් ඈත් වෙලා ඉන්න හිත හදාගන්න අමාරු උනත් ඒ දේ කරන්න උනොත් කරන්න මං හිත හදාගත්තා...

                                                    මතු සම්බන්ධයි,,

Monday, September 10, 2012

අහස් ගව්ව සිඹින තරම්.. 2 වෙනි දිගහැරුම



අහස් ගව්ව සිඹින තරම්.. 1 වෙනි දිගහැරුම මෙතනින්
                                     චුරු චුරු ගා හීන් වැහි පොදක් ඉරිදා උදේ පාන්දර වෙද්දි තිබුණා.පංති යනවා කියලා හිතාගෙන ඇදෙන් බිමට පැන්නත් එක පාරම දරාගන්න බැරි කොන්දෙ අමාරුවක් දැනුණ නිසා මං ආයෙත් ඇද විට්ටමට හේත්තු නා.
අම්මා.. ගේ දෙවනත් වෙන්න වගේ මං කෑ ගහපු කෑ ගැහිල්ලට අම්මා විනාඩියට දෙකට කාමරේට ආවා.
මොකද සුදු දූ උදෙන්ම ආ..
කොන්ද රිදෙනවා අම්මියො හෙල්ලෙන්න බෑ,
ම්ම්.. ගොඩක් රිදෙනවද කෝ බලන්න උණද?
ම්ම්ම්..ටිකක් විතර උණ වගෙ.
තාත්තත් අද ගෙදර ඉන්න එකේ යමු බෙහෙත් ටිකක් ගන්න..
කොළඹ එයාපෝට් ඩියුටි ෆ්‍රි එකෙ රැකියාව කල තාත්ත ගෙදර උන්නෙ ඉරිදා වියි.
ඕනා නෑ අප්පා.. මේක ඇරිලා යයි..
එහෙම කියලා බෑනෙ උණ හින්දා යන්ඩ .අද පංති යන්ඩත් බෑනෙ..
පංති යන්ඩ බැරි වෙනවනෙ කියලා කියද්දිම උත්පල හිතට ආවෙ විදුලියක් වගෙ.
ම්ම් හරි එහෙනම් මං නිමාට කෝල් එකක් දාන්නම්.......

තාත්තත් එක්ක ගිහින් බෙහෙත් අරගෙන ඇවිත් කියවන්ඩ පොතෙකුත් අරගෙන මං ආයෙත් ඇදට වැටුණා.
"i'm a lonely broken angel........"
ගෙ ජංගම දුරකථනය නාද නා.
නොදන්නා නොම්බරයක් දුරකතනයෙ ස්ක්‍රීන් එක මත නලියද්දි ගන්දෝ නොගම්දෝ දෙගිඩියාවෙන් මං ඒ දෙසටිවෙලාවක් බලාගෙහිටියා.
හෙලෝ..
අනෙක් පසින් ඇහුණෙ පිරිමි කටහඩක්.
දිලාංජලිද
ඔව්ව්ව්ව්...කවුද මේ
මං උත්පල
මොහොතකට හුස්ම නතරවෙන්නට මෙන් යද්දි වෙවුලන හඩින් මං ඒ නම නැවතත් ප්‍රතිරාවය කලා.
දැන් කොහොමද සනීපද
හම්ම්..සනීපයි..
නිමාලි කිව්වා ඔයාට සනීප නෑ කියලා ඒකයි බලන්න ගත්තෙ..
ඔහුට මගෙ දුරකථන නොම්බරයද දෙන්න ඇත්තේ නිමාලි වෙන්ති.
දැන් හොදයි බෙහෙත් ගත්තා..
ලබන සතියෙ එනවනෙ එහෙනම් නේද
ඔව් එන්න පුළුවන් වෙයි.
එන්නම ඕනෙ නැත්තම්  පාළු හිතෙයි..... කට්ටියටම
තත්පර කීපයක් කතාවක් නැතුවම උත්පලත් මාත් නිහඩ වූනා. 
දෙයිනෙ ඒත්  එහා පැත්තෙන් ඇහෙන උත්පලගෙ සුසුම් වල හඩින්  මං සසල වුණ තරම්..
දිලා.. ඔයා ඉන්නවද
ඔව් උත්පල කියන්න.
එහෙනම් ඉක්මනටම හම්බෙමු ,බායි දිලා..
බායි... උත්පල තෑන්ක්ස් කෝල් කරාට..
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
දවස් 4ට විතර පස්සෙ උණ ගතිය අඩුවෙලා වෙනදා වගෙ ඇවිදගන්න පුළුවන් වෙලා තිබ්බ නිසා මගෙ නිල් පාටට හුරු පුංචි ලේඩිස් බයිසිකලේ නැගිලා නිමාලිලා ගෙදර ගියෙ ලොකු කලු ගලක් තියලා වගෙ තද කරන් ඉන්න හිත නිමාලි එක්ක ඉද්දිවත් සැහැල්ලු වෙයි කියලා හිතලයි.
උඹට තරූ .. කතා කරාද?
සැප දුක් අහන්න නම් කතා කරා...ඇයි? තරූට මුකුත් ප්‍රශ්නයක්ද..
මොන ප්‍රශ්නද බං ඒකිට. අපිට තිබ්බත් තරුවට කොහෙන්ද ප්‍රශ්න.
එහෙනම්.. නිකන් අමුතු විදියට ඇහැව්වෙ කතා කරාද කියලා.
තරූලගෙ ගමේලු බං උත්පල
නෑ.. උත්පල ක්ලාස් එන්නෙ නිගම්බු ඉදන්මයි කිව්වෙ .. එන්නෙත් බයිසිකලේ නෙ.
නෑ බං ,උත්පලගෙ මාමා කෙනෙක්ගෙ ගෙයක් තියනවලු එහෙ ඉදලාලු එන්නෙ.
උඹ කොහොමද එච්චර විස්තරයක් දන්නෙ.
තරූ.. කිව්වෙ. තරූගෙ අයියගෙ යාළුවෙක්ලු උත්පලගෙ අයියා.දවසක් මොකද්ද  වැඩකට තරූගෙ අයියව හම්බෙන්න උත්පල ඇවිත් අයියත් එක්ක එතකොට තමා තරූ දැනගෙන තියෙන්නෙ.
ඉතින් තරූ.. කතාකරලද උත්පල එක්ක.
ක්ලාස් එකේ පණ දෙන්න වගෙ හිටියට අයිය හිටපු හින්දද මන්දා උත්පල වැඩි කතාවට ඇවිත් නෑ. තරුත් ඉතින් පැනලා කතාවට ගිහින් නෑ.
අයියලා දෙන්නෙක් ඉන්නවලු උත්පලට , ලොකු අයියා ඉන්නෙ ඩුබායි වලලු,තාත්තා නිගම්බු ඉන්න එයාලගෙ මාමාගෙ බිස්නස් වලට හෙල්ප් කරනවලු..
අම්මෝ..තරූව හොයන් තියන විස්තර ගොඩ.
වැඩියෙ පිටට පෙන්නන්නෙ නැති උනාට උත්පල උඹ ගැන උනන්දුයි කියලා තරුවටත් තේරෙනවනෙ.
වෙන කෙල්ලන්ට වගෙ නෙමෙයි උඹට කවදාවත් කොල්ලෙක් නිසා දුක් විදින්න හයියක් නෑ කියලා දන්න නිසා තරුවත් පොඩ්ඩක් විස්තර හොයලා තියෙන්නෙ.
උඹත්  ගල් බොරළු දාල වගෙ හිතයට ඔය තද කරන් ඉන්න ඔක්කොම දේවල් දවසක ගංවතුර දැම්ම වගෙ උතුරලා පිටාර ගලනවා කියලා මටත් හිතෙනව දිලා...
දෙතොල් අග හීනියට වගෙ ඇදුන හිනාවකින් විතරක් මං නිමා..දිහා බැලුවට.. ඒ හිනාව අස්සෙ තියන කතාව නිමාට තේරුම් ගන්න පුලුවන් කියලා මං දන්නවා........

                                                                                   වෙනදටත් වඩා හැඩ වැඩ වෙලා නිමාත් එක්ක මං ක්ලාස් ගියෙ ඇත්තටම අමුතුම උවමනාවෙකින්.මටත් හොරා මගෙ හිත හිතුවක්කාර වෙලා කියලා මට මොහොතකට හිතුණා..
ඒත් හිතේ තිබ්බ සතුටත් හොරු අරන් ගියා වගෙ දැනුනෙ උත්පල ක්‍ලාස් ඇවිල්ලා නෑ කියලා දැන ගත්තමයි.
අද මොකද උත්පල ආවෙ නැත්තෙ වරුණ.
ඉන්ටවල් එක වෙලේ  තරු ගෙනාපු බත්මුලත් ලිහාගෙන වරුණලත් එක්ක කමින් ඉද්දි නිමා වරුණගෙන් ඇහැව්වෙ මගෙ හිත ගැන ඉව වැටුන නිසා වෙන්න ඇති..
කවුද දන්නෙ බං, උත්පලයත්  අපිත් එක්කම හිටියට මහ අමුතු එකානෙ කරන දෙයක් කියන්නෙත් නෑ. කෙරෙන දෙයක් කියන්නෙත් නෑ ඔක්කොම ඌයි ඌගෙ හිතයි තමා.
ගිය සතියෙත් උත්පලව නොදැක හිතට දැනුනු පාළුව නිසාම ඒ මූණ බලලා මොහොතක් හරි සැනසෙන්න හිත මුරණ්ඩුකම්කරා. එත් අනවසරයෙන් බලෙන්ම වගේ   හිතට රිංගලා මෙච්චරම හිත අසරණ කරන උත්පල මං ගැන් පොඩ්ඩක් හරි හිතනවනම් යාලුවෙක් අතේ හරි එන්නෙ නැති හේතුව වත් දනවලා එවන්න තිබ්බ නේද ..හම්ම්ම්. ඒත් එහෙම කරන්න තරම් අපි අතර ඇති බැදීම මොකද්ද  මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කරා..

                                    මතුසම්බන්ධයි..

Saturday, September 8, 2012

අහස් ගව්ව සිඹින තරම්.. 1 වෙනි දිගහැරුම


    හෝ..... ගාලා එක දිගට වහින්න ගත්ත වැස්සත් එක්ක කරන්න උන්න වැඩ දෙක තුනක්ම වතුරෙ ගියා වගෙ.වැඩ කියලා කිව්වට මට කියලත් මහ ලොකු වැඩ රාජකාරි නැති උනාට සතියට තුන් හතර වතාවක් පුස්තකාලය පැත්තට ගිහින් නිමාලි ලා ගෙදරටත් ගොඩ වෙලා  කයියක් දැම්මෙ නැත්තන් අවුරුද්දකට නෑවෙ නෑ වගේ තමයි.. ඒ නෑම කෙසේ වෙතත දැන් එලියට බැස්සනම දෙයියනේ කියලා හොද නෑමක් නා ගන්න තිබ්බ .
අම්මි  කුස්සියෙ උයනවා ඇති ගෑණු ලමයෙක් කියලා කිව්වට මොකො මාත් ඉතින් වැස්සකටවත් කුස්සියට ගොඩ වෙනවා යෑ උයන වෙලාවට, ඔන්න කන වෙලාවට නම් මං එතන.
කරන්ඩ දෙයක් නැති කමට බාගෙට මහලා තිබ්බ වෝල් හැගර් එකේ මල් තුන හතර ආයෙත් ගෙත්තම් කරන්න හිතුනත් වැස්සත් එක්ක එන කම්මැලි කමටද මන්දා ඒක කරන්ඩ හිතුනෙත් නෑ.
ලා කහපාටින් පේන්ට් කරලා තිබ්බ හතරැස් පුංචි කාමරේ ජනේලය ගාව බිත්තියටම කරලා  මං මගෙ පොත් තියන්නම කියලා හදා ගත්ත තරමක් ලොකු ලී පොත් රාක්කයේ තිබ්බ පොත් ඔක්කොම ටික ඇද උඩට දා ගත්තෙ කාලෙකින් අපිළිවෙළ වෙලා තිබ්බ "මගෙ පුංචි පුස්තකාලය" අස් කරලා දාන්නයි.
 දිලාංජලී ආකර්ෂා
හැම පොතකම ඉටි කවරයක් දාලා මුල් පිටුවේ මුල්ලකට වෙන්න වටකුරු අත්අකුරින් මං ලියා තිබුණා.
අනෙ බං දිලා..  කියවලා දවස් 2න් දෙන්නම්.. කියලා පොත් ගෙනිච්ච කට්ටියගෙම පරම්පරාවම මතක් කරගෙන මාස ගානක් ගිහිල්ලත් තාම ගෙනාවෙ නැති පොත් ටිකෙ නෝට් එකක් දාගත්තා..
ඇයි අප්පා අවුරුදුගානක් තිස්සෙ ආසාවෙන් තියන් ඉන්න පොත් ටික දන් දෙන්න යෑ මං.
 ඔන්න ඉතින් මගෙත් ලේ ගමනා ගමනය වැඩි වේගෙන එද්දි පොත් ගොඩ අස්සෙ තිබ්බ එක පොතක් නිසා මොහොතකට හුස්ම නැවතුනා වගේ දැනුනා.
දිලාට ආදරෙන්
-උත්පල-
හීනි දිගැටි පිරිමි අත්අකුරු මතක් කරන්නම අකමැති ජරා ජීර්ණ අතීතයට මාව ඇදන් ගියා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
හලෝ... මේ නංගිලා
 මාත් නිමාලිත් , තරුශිත් ප්‍රසිද්ධ ඉංග්‍රිසි භාෂාව කතා පුහුණු පාඨමාලාවකට ඇතුල් වීමට ගිය පළමු දිනයේ දහසක් පමණ ලමයි අතරේ ඇඩ්මිෂන් ලබා ගැනීමට  පොර කමින් ඉද්දි පිටු පසින් ඇහුනු උස්  හඩින් මම ගැස්සිලා ගියා. .
ඒත් දෙයියනෙ කියලා අඩුවක් නැතුවම පිහිටල තිබ්බ කටින් වක්කඩ කැඩුවා වගේ වචන අතෑරලා දාන තරුශිය පුරුදු වචන හරඹය පටන් ගත්තා.
අනේ ..අයියලා ෆෝන් එක නම් ගෙදර දාලා ආවෙ කමක් නෑ කියන්නකො ඇයි ඇමතුවෙ කියලා.
ඔය සියුමැලි අතපය අඹර ගන්නෙ නැතුව පැත්තකට වෙන්ඩකො.. අපිට හරි ඉස්සර වෙන්ඩ.
ඇත්තටම කොල්ලොයි කෙල්ලොයි අස්සෙ එක තැන තෙරපි තෙරපි උන්න මට හිතුනෙත් අතක් පයක් නැතුව එලියට යන්න වෙයි කියලා.
ආආඅ.. ඇයි එතකොට අපි ක්ලාස් එකට එන්නෙ හාල්පොත පෙන්නලද.
අපොයි අපේ එකිත් එක්කත් බෑ අප්පා.. ඇදලා නා ගනියිද මන්දා..
හරි හරි අයියලා ඔයාල ඉතින් ඉස්සර වෙලා අපිටත් එක්ක අරන් දෙන්ඩකො එහෙනම්.
අන්න එහෙම මොලේ ඇති කතාවක් කිව්වෙ නම් නිමාලි.
අන්න එහෙම එන්නකො නංගිලා .
එහෙම කියලා ඉස්සරහට පැන ගත්තු කොල්ලො රංචුව ගැන ෂුවර් නැති හින්ද නිමාලියයි තරුශියයි ඇඩ්මිශන් ලබා ගැනීමේ මෙහෙයුමෙ දිගටම නිරත වුණා.. මටත් එක්ක එහෙනම් සටන් කරපල්ලා කියලා සෙනග අතරින් මං ඈත් වෙලා පැත්තකට වෙන්න තිබුනු පුංචි පංති කාමරයක බංකුවක් මත ඉදගත්තෙ  මේ තෙරපිල්ල නම් මට ඔරොත්තු දෙන්නෙ නැති හින්දමයි..
දැනට අවුරුදු 5 ට විතර කලින් ඇති වුනු එක්තරා රෝගි තත්වයක් නිසා මට එක්තැන් වෙන්න වුණා. මගෙ අම්මගෙ ඩොක්ටර්ස්ලගෙ නිවැරිදි වෙද හෙද කම් වල පිහිටින් රෝද පුටුවකම ගෙවන්න තිබ්බ ජීවිතෙන් යාන්තම් ගැලවිලා පය බිම තියලා ඇවිදින්න පුලුවන් තත්වෙකට ම ඇවිත් තිබුනා. ඒත්..තවමත් හරි හැටි වාරු නැති දෙපයත් එක්ක මගෙ වයසෙ අනිත් කෙල්ලො වගේ දුව පැන නටන්න මට තහනම් ..  
හම්ම්... මුල්ම කාලෙ ඒ ගැන මහ ගොඩක් හිතලා දුක් වුනත් මේ වෙද්දි මටම ආවේණික රටාවක් එක්ක මේ ජීවිතයට මං හුරු වී සිටියා.
ලේසි නෑ නේද කිත්සිරි සර් ගෙත් ක්ලාස් එන එක.
මං ඉදන් වුන්න තැනට එහාට වෙන්න තිබ්බ කෙටි තාප්පයට එක දනිස්සක් නමාගෙන කොල්ලන්ටම ආවේනික විදියකට හේත්තු වේගෙන කොල්ලෙක් මා එක්ක කතාවට වැටුණා..
ඔව් .. කවුද හිතුවෙ මෙහෙම දුකක් විදින්න වෙනවා කියලා.
ඔයාටත් එක්ක යාලුවො දෙන්න ගනියිනෙ නේද..
දැන් අහම්බෙන් කතාවට වැටුණා කියලා හිතුවට එහෙම නෙමෙයි කියලා මට ඒ කතාවෙන්  නම් තේරුණා.
ඔයා කොහොමද දන්නෙ ඒක,
කොහොම හරි දන්නවනෙ..
හීන් හිනාවක් එක්ක ලස්සනට කතාව මග ඇරපු හැටි..මේ නම් හොද කපටියෙක් වගෙයි .
මං උත්පල ඔයා?
මං දිලාංජලී
ශා .. ලස්සන නමක්නෙ ..
කම්මුල් දෙකට ලේ පිරීගෙන  යනවා වගෙ දැනෙද්දි මං බිම බලාගත්තෙ මේ ආගන්තුක කොල්ලගෙ කතාවටද එහෙමත් නැත්තම් මිතුරු කමකට වඩා එහා යන්න හදන මෙ බැල්මටද කියලා මටම හිතාගන්න බැරි උනා.
එහෙනම් ක්ලාස් එකේදි හම්බෙමුකො.
කෙටි තාප්පයට උඩින් පනින ගමන් උත්පල යන්න හැරුණා.
ආ..දිලාංජලි ඔය පොත පොඩ්ඩක් අරන් දෙනවද.
මේ යකා මේක හිතලා දාලා ගියාද නැත්තන් ඇත්තටම අමතක වුනාද  කියලා හිත හිතම  මං පොත අරගෙන කෙටි තාප්පයට එහා උන්නු උත්පලට දුන්නා.
පොත අරගෙන හැරිලා යනවා වෙනුවට උත්පල අමාරුවෙන් අඩි තිය තිය ගිය මං  දිහාම බලාගෙන උන්නා.
කකුල මොනා වෙලාද.
ඔන්න ඉතින් දෙයියනෙ කියලා මෙයත් මට ආගන්තුක නැති ප්‍රශ්නෙම ඇහැව්වා.
ආ.. ඒ මේ පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා.
කටට හුරු වෙලා තිබ්බ කෙටි වාක්‍යයෙන්ම මං උත්තර දුන්නා.
ඇක්සිඩන්ට් එකක් කිව්වෙ,,
අයියෝ ... මේකටත් ඕන්නැති මගුලක් නෑනෙ ඇයි අප්පා..ලේසියට ඇක්සිඩන්ට් එකක් වුනා කියලා කිව්වෙ නැත්තන්  හිටිහැටියෙ කකුල් පණ නැති උනා කියන්ඩයැ.. මදෑ මාත් අහුවුන ගිරේ.
ආ.. ඒක මේ පොඩි ඇක්සිඩන්ට් එකක්..
ඉක්මනටම මෙතනින් පැනගනඩ ඕනා වුනත් මේක ඊට පස්සෙ ආයෙත් මගෙ ගමන් ඉරියව් නිරීක්ශණය කරයි කියලා හිතුන හින්ද එහෙම්ම හිටියා..
දිලා.. හරි හම්බුනා යං
දෙයියො එව්වා වගෙ නිමාලි, තැරුෂි අපිටත් එක්ක ඇඩ්මිෂන් අරන් දෙනවා කිව්ව කොලු රෑනත් එක්ක ආවා..
ආ.. හම්බුනා නෙමෙයි ගෙනත් දුන්නා කියන්ඩ
ඔන්න ආයෙත් අර කටකාර කොල්ලා කට ඇරියා..
ආ ඔව් ඔව්.. මෙයාලා තමා අරන් දුන්නෙ .
ඒ එක්කම තරුශිත් කිව්වා.
කටපොඩ්ඩක් වැඩි වුනාට පේන  තරන් නරක නෑ එහෙනම්.
නිමාලිගෙ අතෙ පැටලිලා පංති කාමරෙන් එලියට එන ගමන් මං කිව්වා.
අඩෙ.. උත්පලයා කොහෙද උඹ අතුරුදහනෙ වුනෙ.
කණ්ඩායමෙ වැඩියෙන්ම කියවපු කටකාරයා උත්පල ගෙන් අහැව්වා..
ම්ම් එහෙනම් උත්පලත් මෙ දඩ්බ්බරයන්ගෙ රෑනෙමයි.
උඹල ඉතින් මටත් එක්කම පොරකන හින්දා මං පොඩ්ඩක් පැත්තකට වුනා බං.
අනේ යකො ..  අපේ පහනම පත්තු වෙනකන්  හිටියා උඹ එලිය බලන්ඩ නේද,
එහෙම තමයි බං කල්‍යාණ මිත්‍රයො..
කෙටි තාප්පෙන් මෙහාට ආයෙත් පැන්න උත්පල යාලුවගෙ කරට අතක් දාගෙනම  අපිත් එක්කම එකට වැටුණා-------

විනාඩි විස්සක්  විතර පෝලිමෙ ඉන්න වුනාට අපේ කාණ්ඩයට අලුතින් එකතු වුන දඩබ්බරයන්ගෙ කට කැඩිච්ච කතා ටිකයි අපේ තරුශියගෙත් ඊටම නොදෙවෙනි කටයි හින්දා ඒ වෙලාවත් නොදැනිම ගෙවිලා ගියා . ක්ලාස් එකට ඇතුල් වෙද්දිම ගාල කඩා ගත්තු හරක් ටික වගෙ දුවගෙන ගිහින් අපිටත් එක්කම ක්ලාස් එකේ මැදටම වෙන්න ඉඩක් අල්ල ගන්න අපෙ කණ්ඩායමට ඉබේම වගෙ එකතු වුන උත්පල ඇතුලු පිරිසනම් අමතක කරේ නෑ.
ඉතින් එදා ඉදන් තරංග ,ප්‍රසාද්, වරුණ, උත්පල අපිට ආගන්තුක වුනේ නෑ ...................
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මාසයක් දෙකක් යද්දි ඉංග්‍රීසි පංතිය අපි හැමෝටම සිනාවෙන් පිරුණූ අපූරු තෝතැන්නක් වුණා..
නිමාලිත් ,තරුශිත් මාත් ගෙනියන බත් පතට වග කියන්න කට්ටිය ඉන්න නිසා ටිකක් ලොකුවට පාර්සලය අරන් එන්න අපි පුරුදු වුණා .ඉරිදා දවස විහිළුවෙන් තහළුවෙන් ගෙවිලා යද්දි ඒ හැම දෙයක් අස්සෙම උත්පල යාළු කමකට එහා ගිය දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන බව මට දැනුණා.
දිලා ලස්සනයි ..
පංතිය වෙලේ චිට් එකක ලියලා උත්පල මගෙ පැත්තට දාලා අර පුරුදු අමුතු  බැල්මෙන් මං දිහා බලන් උන්නා.
හීන් හිනාවකින් දෙතොලින් පනිද්දිම  මං ඉක්මනටම පොත දිහාට මූණ ඔබා ගත්තෙ කාන්දමක් වගෙ ඒ දිහවට ඇදෙන මගෙ හිතට පුංචි තරවටුවකුත් කරගෙනමයි.
පංති ඉවර වෙලා බස් නැවතුමට  වෙනකන්ම අපිත් එක්ක පිස්සු කරකර ආපු කොලුරෑනෙන් හා තරූගෙන් වෙන් වෙලා නිමාලිත් මමත් එකම බස් එකට නැග්ගෙ අපි දෙන්නගෙම ගමනාන්තය එකම තැන හින්දා..පාසලේ පුංචිම දවස් වල ඉදන් ම මං ලග සහෝදරියක් වගෙ දුකට සැපට වුන්න නිමාලි මගේ හොදම මිතුරියයි..
හැමදාම වගේ අපේ ගේ ගාවටම මාව ඇරලවන්න එන්න  නිමාලි පුරුදු වෙලා උන්නා .. ගෙදරට යන පුංචි බොරලු පාරෙ හෙමින් හෙමින් අඩි තිය තිය නිමාලිත් මාත් පුරුදු විදියට ඇවිදගෙන ගියා.
දිලා උඹ උත්පල ගැන හිතනවද?..
පොඩ්ඩක් හිත ගැස්සිලා ගියත් පුංචිම පුංචි දෙයක්වත් නිමාලිගෙන් හංගන් ඉන්න බැරි නිසාම මොකක් හරි හොරයක් අහු වෙයි කියලා බයටම මං හිස් අහස දිහා බලාගෙනම හුස්මක් හෙලුවා.
ඒ ගැන මංවත් දන්නෙ  නෑ බං.
එහෙම කිව්වට උඹටත් හොරෙන් උබ උත්පලට ඇදෙනවා ඒක මට පේනවා.
මං බයයි බං මං වගෙ කෙල්ලෙක්ට මොකට ආදරේ කරන්න එනවද මෙච්චර කෙල්ලො ඉද්දි.
ආදරේ කරන්ඩ බාහිර කිසි දෙයක් අදාල නෑ බං . අනික එහෙම කියන්ඩ උඹ කැත කෙල්ලෙක් නෙමෙයිනෙ ඕනම කොල්ලෙක් උබට ලව් කරන්ඩ එනවා හැබැයි ඒ එන එකා  උඹව හොදට බලාගනියි ද කියන එක නම් උඹට හිතන්න වෙනවා.
මං හිතනවා නිමා ඒකයි ආදරෙ කරන්ඩ බය, හිත තලා ගන්ඩ බෑ එක පාරක්වත්.
එහෙම කිව්වට උඹම දවසක කියයි ආදරේ නොකර ඉන්න බෑ කියලා.
ම්ම්.. බලමු.

                                                                                                මතුසම්බන්ධයි..

Friday, September 7, 2012

පිවිසුම.

                                                                     

                                              ඔන්න යාළුවනෙ මාත්  ආවා බ්ලොග් ලෝකෙට ..එහෙම කිව්වට දැනට ටික කාලෙකට කලින් නෙ මං ඒ ලෝකෙට ගියෙ .. ඔයාලට මතක ඇතිනෙ "පාරමිතාව"  නිසදැස් , කවි දැම්මට ඒක නම් තිබ්බෙ තිබ්බත් නොතිබ්බ ගානටනෙ ආසාවට කියලා හදාගත්තට මාත් එච්චර උවමානවකින් පාරමිතාව බලා කියා ගත්තෙත් නෑ නෙ.. ඉතින් ඒ ඔක්කොටමත් එක්ක හරියන්න නිකන් කාලෙ කකා ගෙදරටම වෙලා ඉන්න එකෙ මටත් හිතුන පාරමිතාව හරියට කරන්න ඕනා කියලා."නිශියො කතාවක් ලියන්න ට්‍රයි එකක් දීහං"එහෙම මගෙ ලගින්ම ඉන්න දෙතුන් දෙනෙක්  කිව්වට ඕවා කරන්ඩ පුලුවන් වැඩයෑ කියලා මාත් පැත්තකට වෙලා උන්නෙ එවුනාට ඔන්න ගොඩක් හිතලා බයෙන් බයෙන් වගෙ මං ඒ වැඩේටත්  අතගැහැව්වා .
"අහස් ගව්ව සිඹින තරමි " මගෙ කුලුදුල් නවකතාව අම්මෝ.. එහෙම කිව්වට මොකද මහා ලොකු දක්ෂතාවෙකට ලියනව නම් නෙමෙයි.
කාලයක් තිස්සෙ නිසදැස් ලිව්වා , කවි ලිවා ඒවා ඔයාලත් බලලා ගුණ දොස් කිව්වා සමහර කැතම  කැත ඒවටත් ඔයාලා ලස්සනයි කිව්වා.
ඒ වගේම "අහස් ගව්ව සිඹින තරම්"  කියවලා ඔයාලගෙ අදහස් කියන්න වැරදි තියනව නම් පෙන්න්නලා දෙන්න , කැත නම් කැතයි කියන්න  ඔයාලා කියන ඒ හැම වචනයක්ම මගෙ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න මට ලොකු පිටුවහලක් ශක්තියක් වේවි....     :)

                                                                   
                                   කුලුදුලේම කතාවක් ලියද්දි ඔන්න ඉතින් කට්ටිය අහන්න එපා , නිශියො මේ ඔයාගෙ කතාවද කියලා..
"දිලාංජලී ආකර්ශා"  කියන්නෙ නිශියනම් නෙමෙයි ඔන්න..
ඒත් මගෙ ජීවිතෙ අත්දැකීම්,හිතට ගොඩක් කා වැදුනු තැන් , මගෙ වටේ ජීවත් වෙන චරිත  අඩු වැඩි විදියට "අහස් ගව්ව සිඹින තරම් " කතාව ඇතුලෙ  තියෙනවා..
ඉතින් යාලුවනෙ ඔයාලත් කියවලම බල්ලන්න "අහස් ගව්ව සිඹින තරම්".කියවලා විතරක් මදි ඔයාලට හිතෙන දේත් කියලම යන්නකො..