Pages

Sunday, September 16, 2012

ඉස්සර අපි එක වගෙයිලු.. කොයි කාටත් දෙන්නව පැටලුනා..



                           අනේ ශෝයි පැටව් ටික නේ.. පින්තූරෙ ඉන්න බෝනික්කො ටික දකිද්දි එහෙම හිතනව නේ..ඉතාලිය වගේ රටක ඉදගෙන මේ වගේ පැටව් නම් අනන්තවත් පාරෙදි බස් එකේදි දකින්න හම්බෙනවා මට.. නිල් පාට ඇස් තියෙන සුදු බෝල ගෙඩි වගේ පැටව් දකිද්දි නම් අල්ලලා මිරිකන්න හිතෙනවා..ඇයි අප්පේ බෝනික්කන්ට පණ ඇවිත් වගේ නෙ,
ඔන්න ඔන්න ඉතින් කට්ටිය වලිගෙ පාග ගන්න එපා මං මේ ඉතාලියෙ ඉන්න බෝල බබාල ගැන නෙමෙයි කියන්න යන්නෙ හොදෙ,,
ලගදි දවසක් පාරෙ යද්දි එකම වගේ සුදු බෝලා බබාලා දෙන්නෙක්ව ගෝකාට් එකේ දාගෙන යනවා දැක්කම මට  මගෙ පුංචි කාලෙ මතක් වුණා.. එකම වගෙ සපත්තු දාලා එකම වගේ ගවුම් අන්දලා එකම හෙයාර් කට් එක දාලා කිසිම වෙනසක් නැති ෆොටො කොපි කරලා වගේ  කෙලි පැටික්කියො දෙන්නා දකිද්දි නංගයි මාවවයි තමා මට ඉතින් මැවිලා පෙනුනෙ ..
 මරු නේ... තුන් හතර දෙනෙක්ව එකට අරන් යද්දි..

දැන් ඉතිං ඔන්න දන්නෙ නෑ වගේ බලන්න එපා මොකෝ මේ එකම වගේ දෙන්නෙක්ව දැක්කම මං අතීත ආවර්ජන කරන්නෙ මොකද කියල..
ඔයාලා ඉතින් දන්නවනෙ මාත් ඉතින් එකම අච්චුවක කොපියක් තමා ඒ කියන්නෙ මායි නංගයි නිවුන් සහෝදරියො කියන එකනෙ.
ම්ම්ම්... ඔන්න ඉතින් ඉස්සෙල්ලා ඒ කථාව අහන්නකො ..(අහන්න නෙමෙයි කියවන්න හොදෙ)




 අපේ  තාත්තියට ඉස්සෙල්ලම ආරංචි උනාම අපේ තාත්තියා තාත්තියෙක් වෙන්න යනවා කියලා මාර හැපි එකේ තමා ඉදලා තියෙන්නෙ.ඔහොම ඉතින්  හැපි එකෙ ඉද්දි  ටික දවසක් ගිහිල්ලා දැන ගන්න හම්බෙලා තියෙනව අපේ අම්මිගෙ බංඩි ගෙඩියෙ එකෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා කියලා.  ඒ පාර නම් අපේ අම්මි තාත්තියි  පොඩ්ඩක් විතර බය වෙලා තියෙනවා . ඇයි ඉතින් ඔය දෙක තුන එකට එලියට එද්දි කොහෙන් හරි ඇලිලා හා වෙලා ඉන්නවා වගේ දේවලුත් වෙනවනෙ. ඉතින් කොහොම කොහොම හරි ලොකු යුද්ධයක් දින්නා වගේ කිසිම අතුරු අන්තරාවක් නැතුව අපේ අම්මිගෙ බන්ඩි ගෙඩිය කපලා  නංගියවයි මාවයි එලියට අරන් තියනවා..නංගට නංගා  කිව්වට මොකද විනාඩි ගානකට තමා මං අක්කා වෙලා තියෙන්නෙ .
 මේ දෙන්නව නම් ඔයාලා දැකලත් ඇති.. මෙන්න මෙහෙම ඇලිලා ඉදිද දන්නෙ නෑ කියලා තමා තාත්ති බය වෙලා තියෙන්නෙ..හම්ම් ..පව් නේද මේ දෙන්නා..

...අපි නම් දෙන්නයි  මං මේ කල්පනා කරේ .. අර පහුගිය කාලෙ නිව්ස් වලට කිව්වෙ නිවුන්නු නව දෙනාත් ඉපදිලා තියෙනවා කියලා.. අනේ අම්මෝ ඒ අම්මටයි තාත්තටයි කොහොම යුද්ධයක් තියෙන්න ඇද්ද ?????
එකම වගේ බෝනික්කො ටිකක් තියලා  වගේ නේ.. 

ආ.. දැන් ආයෙත් කථාවට එමු කො.. 
දැන් නම් පොඩ්ඩක් වෙනස් වෙලා හිටියට මොකද ඒ දවස් වල නම් අපි දෙන්නා එකම එක වගේලු අම්මිටයි තාත්තිටයි අදුනගන්නත් පොඩ්ඩක් කරදර වෙලා තියෙනෙවා. ඒ හින්දා වැරදිලා දෙපාරක් එකෙක්ටම කිරිත් පොවලත් තියෙනවලුඒ විතරක් නම් මදෑ මට මට මතකයි මොන්ටි සෝරි යන කාලෙ ටීචර් එකම කෙනාගෙන් දෙපාර දෙපාර පාඩම් ගන්නවා කියලා නංගයි මමයි ගෙදර ඇවිත් හූ කිය කිය අඩනවා. පස්සෙ අම්මිලා කරලා තියෙන්නෙ අපි දෙන්නව කට්ටියට හොයාගන්න පුළුවන් වෙන්න කියලා අපි දෙන්නට කනට  දෙවිදියක කරාබු දාලා ..මට තාම මතකයි නංගට තිබ්බෙ බෝල කරාබු දෙකක් මට තිබ්බෙ මල් කරාබු දෙකක්..අපි දෙන්න  ඉතින් පොඩ්ඩක් තේරෙන කාලෙ ආවම  හිටපු ගමන් ඔය කරාබු දෙක මාරු කරගෙන දාගෙන හොද හොද වැඩත් කරලා තියෙනවා  .ඔය හුට පට හින්දම පස්සෙ ස්කෝලෙ යන්න ගත්තම තුන වසරෙ ඉද්දි වගේ ටීචර් කියලා තියෙනවා දෙන්නව පංති දෙකකට දාමු කියලා..අයියෝ ඉතින් මොනා කරන්නද ඉතින් ඊලග අවුරුද්දෙ ඉදන් අපි දෙන්නා ස්කෝලෙන් අයින් වෙනකම්ම ඊට පස්සෙ හිටියෙ පංති දෙකක තමා..

හික්.. හික් මේ ලින්ක් එකට ගිහින් බලන්නකො තව කට්ටියක්ව අදුන ගන්න බැරි වෙන නිසා කොරලා තියෙන වැඩේ බලන්ඩ..
http://www.lankadeepa.lk/index.php/articles/63674 

පොඩ්ඩො කාලෙ ඉතිං ඔහොම ශෝයි ශෝයි වැඩ වුනාට මොකො මාරම මාර ම වැඩ වුනේ ලොකු කාලෙ තමා . ඔය කාලෙ වෙද්දි පංති දෙකක ඉන්න නිසා අපේ නංගටයි මටයි යාලුවො ඉතින් වෙනමත් හිටියනෙ අපේ යාලුවොත්  ඉතින් අනන්ත නංගි කියලා මටයි මං කියලා නංගටයි රැවටිලත් තියෙන්වා,යාලුවන්ට විතරක් නෙමෙයි අර අලුතෙන් යාළු වෙන්න ට්‍රයි කරන අයියලා ඉන්නෙ අයියෝ එයාලටත් අපිව ටැපලිලා මරු මරු වැඩ වෙලා තියෙනවා.හික්..හික් ..
මෙන්න මෙහෙමනෙ අපි අම්මිගෙ බංඩි ගෙඩියෙ ඉදලා තියනවයි කියන්නෙ..

ඉස්සර මට මතකයි "නිවුන් දරු සංඝය" කියලා සමිතියකටත් අපි බැදිලා එවුනාට අපරාදෙ මොකක්ද මන්දා හේතුවක් හින්දා අපිට ඒකෙ වැඩි දුර ක්‍රියාකාරකම් වලට එකතු වෙන්න බැරි වුණා..
මෙන්න මේ වගේ නිවුන් සහෝදර එකමුතු දකිද්දි තමා හිතෙන්නෙ අපරාදෙ අපිට යන්න බැරු වුනේ කියලා.


දැන්නම් ඉතින් අපි හෙන ලොකු ලමයිනෙ (ලොකුයි කිව්වට ලොකූම නෑ හොදේ) . කොහොම හරි අර ඉස්සර කාලෙ තරම් නම් අපි දෙන්නව දැන් පැටලෙන්නෙ නෑ කාටවත් අපි අදින විදිය,කොන්ඩෙ හෙයාර් කට් එක එක විතරක් නෙමෙයි උස මහතත් වෙනස් හින්දා ඉස්සර වගේ නෑ .ඒත් අදටත් වෙන වෙනම කවුරු හරි පාරෙ තොටේදි හරි දැක්කොත් ඉස්සෙල්ලම අහන්නෙ ඔයා අක්කද නංගිද කියලා.

හ්ම්ම්ම්.. වෙලාවකට හරි දුකත් හිතෙනවා අප්පා ,, අපි මොකට ලොකු වෙනවද කියලා  බටු ඇට දෙක වගේ හැමදාම ඉන්න තිබ්බා නම් හ සෙල්ලම කර කර ශෝයි එකට.. අම්මිලා එක්ක හුරතල් වෙවි ඉන්න තිබ්බ නෙ .. ඒවුනාට ඒක නම් ඉතින් මට විතරක් හිතෙන දෙයකුත් නෙමෙයිනෙ කවුද අකමැති ආයෙත් පුංචි කාලෙට යන්න නේද???

මේ වයසට  ගියාම..අක්ක නගෝ දෙන්නෙක් මරු..නේ,,

15 comments:

  1. කොහේ ලොකුද බොලා බටු ඇටයක් වගේනේ හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් වාවගන්න බැ අයියෝ (හිනාව )


    හුරේ මමයි එක
    (මෝකේක් හරි නර්සරනියෙක් පෝලිම් පැනලාද දන්නේ නැ

    ReplyDelete
  2. හික්..හික්.. බොලා කොහොමද එහෙම කියන්නෙ ආ.. බටු ඇටේට වඩා පොඩ්ඩක් මං ලොකුයි ඔදේ..:p

    ReplyDelete
  3. බොහොම හොදයි නගා, මේ වගේ දේවලුත් ලියන්න ඕනේ. ගොඩාක් හොදට ලියලා තියනවා. මගේ සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා.. දිරිගැන්වීම වටිනවා

      Delete
  4. shoi nishiyo dakkama asa hithenawa oyala dennath podi kale eka wage athi neda

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනෙ හැබැයි දැන්නම් වෙනස් වෙලා අයියෝ..අපරාධෙ නේ

      Delete
  5. ඔහොම අයට කියන්නේ identical twins කියලා නේ.. මමත් ඉස්සර හිත හිත හිටියා අනේ මට twin කෙනෙක් හිටියා නම් කියලා.. :D

    ReplyDelete
    Replies
    1. ම්ම්..ඔව් ඔව් එහෙම කියනවලූ.
      හිතන හැමදේම වෙන්නෙ නෑ නෙ යාලුවා නේද..
      සාදරයෙන් පිලිගන්නවා හොදෙ..:)

      Delete
  6. ම්ම්ම්ම්ම් මමත් ආසයි ඉස්සර මම නිබුලෙක් උනානම් හොදයි කියලා අනන්ත හිතිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බොලා වගේ තව එකෙක් හිටියනම් අපිට මරු පෝස්ට් ටිකක් කියවන්න තිබ්බ..හැබැයි බොලාගෙ සත්තලන් පව් අප්පා..

      Delete
  7. වටිනා ලිපියක් නිබුල්ලු විදිහට ඉපදෙන්න පර්තනාවක් කරලා තියෙන්න ඔනිලු සසරෙ......

    ReplyDelete
    Replies
    1. ම්ම් .. ඒකත් එහෙමද මං එහෙම දෙයක් දන්නෙ අදමයි..
      මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා යාලුවා..

      Delete
  8. මම ආසම නිවුන් දරුවන්ට..ලගදි ඒ ගැන පෝස්ට් එකකුත් ලිව්වා..ෂෝයි අනේ..ඔයා මාර වාසනාවන්තයි..:)

    ජය!

    ReplyDelete
    Replies
    1. නිවුන් දරුවන් ලැබේවා!! කියලා ඔන්න එහෙනම් ප්‍රාර්තනා කරනවා.
      ඔයාගෙ බොලොග් එක පැත්තෙනම් ගියා..ඔයාගෙ ඒ පෝස්ට් එකනම් තාම දැක්කෙ නෑ..
      අද අලුත් අමුත්තො ගොඩයි ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා හොදෙ..:)

      Delete
  9. soyi ane..ape panthiyeth hitiya niwunnu dennek..oya lucky .. :)

    ReplyDelete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..