රාත්රී අහස දෙස මං නෙත් යොමාගෙනම උන්නෙමි..රැහැයියන්ගෙ හඩත් ඉද හිට ඇහෙන බල්ලෙකුගෙ උඩුබිරුමත් රාත්රීයෙ මූසල බව තවත් දෙගුණ තෙගුණ කරයි.අරියාදුවට වගේ තැනින් තැන දිලිහෙන තාරුකාත් යාන්තමට මෝදු වේගන එන අඩ සදත් ඇරෙන්නට වෙන කිසිවක් මගෙ නෙත් මානයේ නොගැටෙයි ..කඩාවැටෙන තරුවක් දෙස මං බලාගෙනම උන්නෙමි ..."කඩා වැටෙන තරුවක් දිහා බලාගෙන දෙයක් පැතුවොත් ඉශ්ඨ වෙනවා..." කලකට ඉහතදී නැරඹුව චිත්රපටියක කියෙවුනා මට මතකය..හීන් හිනාවක් දෙතොලින් එලියට පැන්නෙ මං මටම සරදම් කරන්නාක් මෙනි.සියල්ල සුනු විසුනුව විනාශ වී ගිය කල මට මොන ප්රාර්ථනාද..
දවස් ගනනක සිට මා වට සිටි සියල්ලෝම දැන් විසිර ගොස්ය ඔවුහු මට අනුකම්පා කලහ..මා සැනසූහ.එහෙත් ඒ කිසිවෙක් අතර මගේ යැයි කිසිවෙක් නැත.
දයාබර කසුන් ..ජීවිතයෙන් කිසිම දෙයක් නොලද අනාථයෙක් ලෙස ඉපිද ඔහේ ගෙවී ගිය මේ ජීවිතයට අරුතක් ජීවයක් දුන්නෙ ඔබ නොවෙද,,
දැනට අවුරුදු හතරකට පමණ පෙර පල්ලියේ ගීතිකා කණ්ඩායමට ගිටාර් වාදන ශිල්පියෙකු ලෙස ඔබත් සාමානය්ය ගායන ශිල්පිනියක් ලෙස මාත් එක්ව ගත කල ඒ කාලය අප ආදරවන්තයන් කල හැටි කෙතරම් අපුරුද.. කිසිදා කිසිවෙකුගෙන් නොලද ආදරය ඔබෙන් ලබන්නට තරම් මා මේ ජීවිතයෙ එකම එක වරක් වාසනාවන්ත වී තිබුණි.උපතින්ම මව්සෙනෙහස අහිමි ගිය ඔබ සල්ලිකාර තාත්තා කෙනෙකුගෙ දෙවනි පුතා වුනත් සල්ලි උඩ පිනුම් ගහන නාස්තිකාරයෙකුවත් අහංකාර චරිතයක්වත් නොවීය.
ජීවිතය කියන්නෙ සල්ලි නෙමෙයි නෙතු ජීවත් වෙන්ඩ සල්ලි ඕනෙ ඒත් සල්ලි නිසා ජීවිතේ පාවා දෙන්ඩ බෑ..
ඒ ඔබේ ජීවන පාඨයයි..
ධනයට බලයට වියරූ වැටී ඔබව සල්ලිකාර පවුලක කෝටිගානක දේපල හිමි එකම දියණියට විවාහ කරදීමට ඔබේ පියා මානබලකරද්දි ඒ හැම දේපලකටත් තම උරුමයටත් පයින් ගසා ඔබ පාරට බැස්සේ ඒ නිසාය.
අහිංසක මිනිස්සුන්ගෙ දාඩිය විකුණන් නොකා සල්ලි කාරයෙක් වෙන්න මට පුලුවන් නෙතූ..
උගත් කම පමණක්ම තම දායාදය කරගත් ඔබ මා මත්තෙම සියල්ල සැලසුම් කලේය.මා දුක් නොවිදිය යුතුයැයි කී ඔබ අවසානයේ මා මේ දෙමහල් පුංචි නිවහනේ හිමිකාරියද කලේය.
දැනට මාසයකට ඉහතදී ඔබේ බිරිද වී මා මේ නිවසට කැන්දා ආවද මියෙන තුරු ඔබේ උනුසුමේ රැදෙන්නට මට පින් මදි වූවාය.
කවදාවත් ඔය ඇස් දෙකට කදුලක් දෙන්නෙ නෑ මැණික..
ඒ ඔබ දුන් පොරොන්දුවයි.
අනේ එදින මා අසනීප නොවුනානම්. මගේ පුංචිම ලෙඩකටත් ඔබ කලබල නොවුනානම් ඒ සැමටම වඩා ඔබ රිය නොපැදුවා නම් ඔබ අදටත් මා ලග නොවෙද..
කවදාවත් මට කලින් මැරෙන්න නම් එපා මහත්තයෝ
මැරුණත් දාලා යන්න බැරි වෙයි .. මැණික
ඔබේ උනුසුමට ගුලි වුන දවසක ඔබ මා සැනසූ හැටි තවමත් මගේ දෙසවන රැව් දෙයි..
රාත්රිය තවමත් නිහඩයි .. බැල්කනියෙ ටයිල් පොලවට වී හිදගෙනම මං දෑස් පියා ගතිමි..දෙකපුල් උණුසුම් කරමින් අලුත් උන කදුළු බිදුවක් රූරා වැටෙනවා පමණක් මට දැනුනි..
එකවරම හමාගිය සිසිල් සුලගක් මගෙ ගත වෙලාගත්තාක් මෙන් දැනෙද්දි විද පුරුදු සුවදක් නාස් පුඩු සිපගන්නට විය.මා සලිත් වී ගියෙමි එනමුදු දෑස් නොඇරියෙමි මා ජීවත් කල මා රැක ගත් ඒ රත්තරන් අත් දෙක මා හිස මතයැයි මට දැනෙයි .මං දෑස් පියාගෙනම ඒ සුවදට තව තවත් ඉව කෙරුවෙමි..
මගෙ කසුන් කියන්න ඔයා ඉන්නවා නේද ..මං රහසින් මිමිණුවෙමි..
දාලා ගියෙ නෑ මැණික.. සිහිනෙන් මෙන් කසුන් මුමුණනු ඇසෙයි.
මම දෑස් ඇරියෙමි .පුරුදු උණුහුමක් ගත පුරා විහිදෙද්දි ජීවයක් ලදිමියි හැගීගියෙ නිරායාසයෙනි.එකනෙහිම දෙඅත් රූටා විත් මා උදරය මත වැටුනි . ඉතින් මා සිනාසුනෙමි මෙතෙක් වෙලා මා විදි තනිකමෙන් පාලුවෙන් මං මිදුනාක් මෙනි.ආදර කසුන් ඔබ මා හැර නොගිය බව දැන් මම දනිමි අපේ ආදරය මා කුසතුල යලි පණ ලබන බව මම අදහමි විශ්වාස කරමි ඉතින් මට තනියක් කොහිද ඔබ මා ලගම බව මම දනිමි..
෴නිමි෴
ලස්සනයි කථාව නගා, බොහොම හැගීම් බරයි. ඔයාට හොදට ලියන්න පුළුවන් හදවතට දැනෙන්න.
ReplyDeleteඅඩේ මන් ද පළවෙනියා, හුරේ......
බොහොම ස්තූතියි අයියා ..හැමදාමත් වගේ අදත් අයියගෙ දිරිගැන්වීම වටිනවා :)
ReplyDeleteපොඩි කතාව ඇතුලේ ගොඩක් දේවල් කියල තියනවා. දිගටම ලියන්න, එතකොට තවත් හොඳට ලියන්න පුළුවන්. සුභ පැතුම් මගෙන්
ReplyDeleteබොහොම ස්තූතියි,,
Deleteඋත්සහ කරනවා නිවැරිදිව හොදටම ලියන්න.තාමත් ලියන්න ඉගනගන්න ගමන් ලියලම තමා ඉතින් ඉගනගන්න වෙන්නෙ :)
ම්ම්ම්ම්ම් ලස්සනයි... තව ටිකක් දිග උනානම් හොදයි කියලත් හිතෙනවා.
ReplyDeleteස්තූතියි කවියො..දැන් නම් මටත් හිතෙනවා දික් උනා නම් හොදයි කියලා
Deleteම්ම්... ලස්සනයි.ඒත් පොඩි අවුලක් තියෙනවා.මොකද ඇත්තටම ටිකක් වැඩිපුර ලිව්ව නම් තමා ෂෝක්.ඒත් කියවන්න එපා වෙන විදිහටනම් දිග් කරන්න එපා.නියමයි.ජය !
ReplyDeleteස්තූතියි ධම්මික..
Deleteහ්ම්ම්ම්ම්ම්ම්...දිගට ලියන්ඩ නම් තිබ්බ තමා ඒත් දැන් ලියලා ඉවරනෙ ඊලග පාර දිගත් නැති කෙටිත් නැති එකක් ලියන්නම්..
ලස්සනයි ඈ....
ReplyDeleteස්තූතියි ..ඈ
ReplyDeleteලස්සන කතාවක් යාලු ඔන්න අපිත් ආවෝ....:)
ReplyDeleteගොඩක් සතුටුයි හිරූ..සාදරයෙන් පිලිගන්නවා ඔයාව :)
Deleteමේ බ්ලොග් එක කලින් දැකලත් නෑ අප්පා.. මගේ අර පෝස්ට් එකට කමෙන්ට් කරපු එකෙන් තමයි හොයාගෙන ආවෙ.. දිගටම ලියන්නකො.. අපිත් දාගටම එන්නම්..
ReplyDeleteමේ නකාව හරි අගෙයි.. හිස්තැන් තියන එක ගැන පොඩ්ඩක් බලන්න. අන්තිමට ඔක්කොම "ජස්ටිෆයි" කරන්න.
උදා: "රාත්රී අහස දෙස මං නෙත් යොමාගෙනම උන්නෙමි..රැහැයියන්ගෙ"
මේකෙ තිත් දෙකට පස්සෙ හිස්තැනක් ආවා නම් "උන්නෙමි" කියන වචනෙත් උඩ පේලියටම සම්බන්ධ වෙනවා..
කොහොම හරි, අපූරුයි..!!!
ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට ඒ එක්කම අඩුපාඩුත් පෙන්නලා දුන්න එක අගය කරනවා.
ReplyDeleteකිව්ව වගේම දිගටම එයි කියලා බලාපොරොත්තු වෙනවා ඒක කෙතරම් ශක්තියක්ද කියලා නොකීවට ඔබ දන්නවනෙ.. :)
මොකෝ මං නොදන්නෙ.. :ඩී
Deleteදන්න නිසානෙ ඉතින් නොකිව්වෙ :ඩි
Deleteoya ta godak lassanata liyanna puluwan nishiyo me kathawa hithata danena vidiyata liyala thiyenawa harima lassanayi nishi
ReplyDeleteගොඩක් ස්තූතියි උමා.
ReplyDeleteහරිම වේදනාත්මක වෙන්වීමක්...
ReplyDeleteහමුවුනොත් යමක් ලොවේ - දිනෙක වෙන් විය යුතුවේ ඔන්න ඕකයි යථාර්තය.... ජය !
ම්ම්ම් .. ඒක ඇත්ත හමුවුනොත් වෙන් වෙන්නම වෙනවනෙ
Deleteසිරාගෙ පැමිනීම ගැන සතුටුයි,
ඔබටත් ජය!!
ම්ම් ලස්සන පොඩි අරුත්බර දුක වැඩියෙන් හිතෙන කතාවක් නිෂියෝ,,,,
ReplyDeleteලස්සනට පොඩ්ඩක් වෙන්න ලොකු දෙයක් ලියලා තියෙනවා,,,, කතාව ටිකක් දිග උනා නම්
නියමයි....
අපි ගොඩාක් ආදරය කරන අපිට ගොඩාක් ආදරය කරන අය කවදාවත් මැරෙන්නේ නෑ....
එයාලා හැමදාට්යම අපේ හිත්වල ජීවත් වෙනවා,,, අපිට එයාලා අපිගාව ඉන්නවා කියලා දැනෙනවා,,,
තන්කු ශාවෝ..
ReplyDeleteඇත්ත පොඩ්ඩක් නෙමෙ ගොඩක් ආදරය කරන අය මැරුනත් තමන් ආදරේ කරන අයව දාලා යන්නෙ නෑ..
ආදරණීය කතාවක්.. ජය වේවා..
ReplyDeleteakke අහස් ගව්ව සිඹින තරම් 7 වෙනි දිගහැරුම
ReplyDeleteekmanata dannkooo