මම රෝහලට ඇවිත් මාසයක් පිරෙන්න
තව තියෙන්නෙ ටික දවසයි.පහු ගිය දින වල විටෙන් විට මගෙ කකුලෙ සුළු සැත්කම් වලට භාජනය වෙන්න මට සිද්ද වුනා. අම්මයි තාත්තටයි අමතරව හැම
හවසකම නිමත් මාව බලන්න ආවා.නිමා රැකියාව කරන ආයතනයෙ ඉදලා රෝහලට එන්න පහසු නිසා හැමදාම එන එක නිමාට අපහසුවක්
උනෙත් නෑ.දරු ප්‍රසුතියට සූදානම් වන නිසා තරූ මාව බලන්න ආවෙ නැතත් පුලුවන් හැම වෙලාවෙම
තරූ දුරකථනයෙන් කතා කරලා මගෙ සැප දුක් හොයා බැලුවා.
“අකී” මගෙ නිසදැස පරිස්සම් කරපු ආගන්තුකයා ගැන ඇතිවුන
කුතුහලය මේ දිනවල හිත ඇතුලෙ යටපත් වෙලා තිබුනත් ලේසියෙන් අමතක වෙන එකක් නෑ කියලා මට
හිතුනෙ අදත් අර පුරුදු ජනේලය ලගට ගියාට පස්සෙයි. පුරුදු විදියටම මල් වාස් එක අදත් එහෙම්ම එතනම තිබ්බ.නිශ්චිතවම නැතත් මොනවා හරි දෙයක් බලාපොරොත්තුවෙන්
වගේ මං එතනට ලංවුනා.පුදුමයකට වගේ කඩදාසි වලින් හදපු රොකට් එකක් මල් පෝච්චියෙ මල් අතර
තිබ්බා.කඩදාසි රොකට එක අතට ගන්න කලින් මං වට පිට බැලුවෙ “අකී” ඉන්නවද බලන්න ඒත් ඉතින්
කවදාවහ් දැකලා නැති අකීව මං කොහෙ අදුන ගන්නද.රෝගින් බලන වෙලාව ලංවෙලා තවත් එතන රැදෙන්න බැරි නිසා රොකට් එක දිග නොඇරම
මං ආයෙත් මගෙ ඇද ලගට ආවා.හිතට අමුතු සතුටක දැනුනා හරියට පුංචි ලමයෙක් ආසාවෙන් හිටිය
සෙල්ලම බඩුවක් අතට ගත්තා වගේ.
මම පරිස්සමින් කඩදාසි රොකට් එක දිගඇරියා. නිල්පාට කාබන් පෑනෙන් ලස්සන චිත්‍රයක් ඒ තනි සුදු කඩදාසියෙ ඇදලා තිබුනා.
රෝදපුටුවක ඉදගත්තු ගෑනුලමයෙක් ජනේලයක් පැත්තට මුහුණ ලාගෙන ඉන්න ඒ චිත්රය ඇදලා තියෙන්න
ගොඩක් දක්ශ චිත්‍ර ශිල්පියෙක් කියලා දකින ඕනම
කෙනෙක්ට තේරෙනවා.චිත්‍රයට යටින් “අ”යන්න ලොකුවට කැපිලා පේන විදියට චිත්‍ර ශිල්පියෙකුටම
ආවේනික කලාත්මක අත්සනක් ගහලා ,එත් එක්කම “ හුදකලා විරාමයේ”කියලා ඒ හැඩ අකුරින්ම ලියලා තිබ්බා. ඇස් අහකට ගන්න නොහිතෙන
කොට මං ඒ චිත්‍රය දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා මං ඒ නිර්මාණය කෙතරම් වින්දාද කීවොත්
නිමා මං ලගට එනතුරුත් මට තේරුනෙ නෑ.
“ආ.. මේ මොකද්ද?”
නිමා චිත්‍රය මගෙ අතින් උදුරලා ගත්තා.
“ශා… ලස්සන චිත්‍රයක්”
නිමා චිත්‍රය රසවිදිද්දි ඊලගට මගෙන් ප්‍රශ්න කෝටියක්
අහන බව මං දැනගත්තා.
“වාව්.. කොහෙන්ද දිලො මේක”
දිග උත්තරයක් කෙටියෙන් දීගන්න බැරුව මං හිනා උනා විතරයි.
“හිනා නොවී කියපන්කො”
“උත්තරේ දිග එකක් නිමා”
කාලෙකට පස්සෙ යාලුවට දෙන්න තියන දිග උත්තරේ මොකද්ද කියලා
නිමා පුදුම වුන බව නම් ඒ මූණ බැලුවම මට තේරුනා.
“ඉතිං කියපන්කො දිග උත්තරේ මට පැයක් තියෙනවා අහන් ඉන්න.”
දිගකතාවකට මුලපුරන්න හිතාගෙන නිමා ලග තිබ්බ ප්ලාස්ටික්
පුටුව ඇදලගට ඇදලා අරගෙන ඉදගත්තා. නිසදැස ලියපු කඩදාසි මල ගැන ඊට පස්සෙ එදා කෑම කන තැන
උන සිද්දිය එක්කම අද චිත්රය ලැබුන හැටිත් මං
නිමාට විස්තර කලා.
“අපරාදෙ එදා උඹ කිව්ව නම් මට බලන්නත් තිබ්බ කවුද ඒ කියලා.”
“අම්මයි තාත්තයි හිටියනෙ. අනික මටත් හිතාගනන් බැරුව උන්නෙ
බං මොනා උනාද කියලා.”
“ම්ම්..හරි හරි බලමුකො අපි”
ගොඩක් දේවල් නොකියා කෙටියෙන් නිමා එහෙම කියපු එක ගැන
මට පුදුමත් හිතුන.ඒත් ඉතිං මහ ලොකුවට කියන්න
තරම් දෙයක් කොහොමත් නෑ නෙ කියලා මට පස්සෙ හිතුනා.
“උඹ හිතනවා ඇති මට පිස්සු කියලා නේ”
“උඹ දන්නවනෙ දිලා මං උඹ ගැන එහෙම හිතන්නෙ නෑ කියලා.”
“මං දන්නවා නිමා උඹට කාටත් වඩා මාව තේරෙනවා”
“හරි හරි කොහොමෙන්
කොහොම හරි උඹට දැන් පාලුවට කවි ලිය ලිය චිත්ර
බල බල ඉන්න පුලුවන්.”
මම හිතනවා වැඩි කියලා නිමාට හිතෙන්න ඇති ඒ නිසාමද මන්දා
දුක්බර වෙන්න යන අපේ කතා විලාසය නිමා වෙනස් කරා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
“දිලාංජලී අද මොකද්ද කියවන පොත.”
රෑ වෙලා නිදිමත එනකම් පොතක් කියව කියව ඉද්දි නිලුකා මිස්
ඇහැව්වා.
නිලුකා මිස් මට වඩා ඕන්නම් අවුරුදු දෙක තුනක් වැඩිමල්
ඇති ඒ හින්දමද මන්දා රෑට නයිට් ඩියුටි කරද්දි ගොඩක්වෙලාවට මාත් එක්ක අනං මනං දේවල්
කතා කර කර ඉන්න මිස් මගෙ ඇද ලගට එනවා.
“අද කියවන්නෙ පොලියානා”
“කම්මැලි නැතුව කියවන්න පුළුවන් පොතක් නේද”
“ඔව් මිස් කියවලා තියෙනවද”
“ඔව් ලගදි කියෙව්වා නයිට් එකක් කරද්දි”
“පොලියානා වගෙ දුකක් කරදරයක් ඇතුලෙත්
සතුටු වෙන්න හේතු හොයාගන්න පුලුවන්නම්
නේද.”
“පොත කියෙව්වට පස්සෙ මටත් හිතුනා ඒත් ඒක පොතක් කියවනවා
වගෙ ලේසි නෑ”
“ඒකත් ඇත්ත මිස් හැම කෙනෙක්ටම එහෙම හිත පාලනය කරගන්න
බෑ”
“දිලාංජලී ආකාශ් ව දන්නවද?”
මගෙ පොතෙන් වැටිලා ඇද උඩ තිබ්බ “අකී” ගෙ චිත්‍රය අතට
අරගෙන බලන ගමන් නිලුකා මිස් ඇහැව්වා.
“ආකාශ්..!! නෑ මිස්, ඇයි එහෙම ඇහැව්වෙ..?”
“මේ චිත්‍රෙ ආකාශ් අදිනවා මං දැකලා තියෙනවා, මං හිතුවා
දිලාංජලි ගාව මෙක තියෙද්දි ආකාශ්ව දන්නවා ඇති කියලා”
“ආකාශ්” එහෙනම් ඒකයි “අකි”ගෙ හරි නම දවස් ගානක් තිස්සෙ
දැනගන්න උවමනාවෙන් හිටිය දෙයක් දැනගත්තම දැනෙන ජයග්‍රාහී හැගීම මට දැනුනා.
“දිලාංජලීට කොහෙන්ද මේක.”
“අ..අ ර එලියෙ ජනේලය ගාව තිබිලා හම්බුනෙ”
“ආ..හ් , ආකාශ් හොද ටැලන්ටඩ් බෝයි කෙනෙක්”
“එයා මෙහෙ මොනාද කරන්නෙ”
“ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් මාස 3ක් විතර හොස්පිට්ල්
එකේ ටිකක් අමාරුවෙන් හිටියෙ කකුලක් ඩැමේජ්”
“ඉතිං ඇවිදින්නම බැරිද”
ආකාශ් ගැන දැන ගන්න උවමනා නිසා මං තවත් මිස්ගෙන් විස්තර
ඇහැව්වා.
“හැමදාටම නෙමෙයි ඒත් සෑහෙන්න කාලයක් ක්ලචර්ස් පාවිච්චි
කරන්න වෙයි.”
“පව්”
අච්චර ලස්සන හැකියාවක් තියෙන ආකාශ් ගැන කියද්දි මට ඉබේම එහෙම කියවුනා.
“ඒක තමා ජීවිතෙ කියන්න දිලාංජලී ජීවිත කාලෙමටම ආයෙ අතපය
හොල්ලගන්න බැරි වෙන්න හොදට ඉන්න කොල්ලො කෙල්ලො ඇදට වැටෙනවා මේ ජොබ් එක නිසා මං අනන්ත
දැකලා තියෙනවා.උපතින් සදාකාලයටම ඇදට වැටුන අයත් දැකලා තියෙනවා ඒත් ජීවිතෙ ලස්සනම කාලෙ හිටි හැටියෙ එක්තැන් වෙන්න උනාම
උපතින්ම එහෙම ජීවිතයකට පුරුදු වෙච්ච කෙනෙකුට වඩා ඒ දේ දරාගන්න සාමානය ජීවිතයක් ගෙවපු කෙනෙකුට අමාරුයි
. අන්න එතකොට ඔයා ඔය කියවන පොතේ ඉන්න පොලියානා
වගෙ හිතන්ඩ පුලුවන් නම් හොදයි .”
“මිස්ගෙ කතාව ඇත්ත මිස් එහෙම උනාම දරාගන්න අමාරුයි තමා”
පුංචි දවස් වල
අත්වින්ද මතකයන් සිහිපත් කරමින් මං
නිලුකා මිස්ගෙ කතාව අනුමත කලා.
“වෙලාවකට මටත් මගෙ කකුල නැති වෙයි කියලා බය හිතෙනවා මිස්”
“දිලාංජලී බය වෙන්න එපා ඔයාට හොද ට්‍රීට්මන්ට්ස් හම්බෙනවනෙ,මොනා
උනත් ජීවිතෙ ගැන අසුබවාදිව හිතන්න එපා”
“හම්ම්”
මිස්ගෙ කතාවට මං උත්තර නොදී හීල්ලුවා විතරයි.
෴මතු සම්බන්ධයි෴
අපොයි ඇති යන්තම් මතක ඇති කාලෙකින් ආපහු අපිව මතක් උනා . මේක කවද්ද නගෝ ඉවර වෙන්නේ.
ReplyDeleteලස්සන ට ලියාගෙන යනවා, ඔහොම යන්
ade man da 1 weniya
Deletehureeeeeeeeeeeeeeeee
අලේ..ටිකක් පරක්කු උනා තමා අයියා එක එක දේවල් නිසා .එවුනාට ඔන්න මං කතාව ලියලා ඉවරයි ඉක්මනින් කියවන්න දෙන්නම්කො හොදෙ..
Deleteharima lassana story 1k nishi.....nxt part 1th ikmanata danna....
ReplyDeleteස්තූතියි කෙත්මි
Deleteඊලග කොටස ඉක්මනටම දාන්නම් :) අනිවා .. බලන්න එන්න හරිද
දිගටම ලියන්න.
ReplyDeleteතෑන්ක්ස් දිලිනි
ReplyDelete