Pages

Monday, April 22, 2013

අහස් ගව්ව සිඹින තරම් 10 වෙනි දිගහැරුම



වෙලාව පාන්දර 6 ට විතර ඇති.
වෙනදා හුරු නැති රිදුමක් මගෙ වම් කකුලෙන් දැනුනා.ඒත් මට ඕනෙ තව නිදාගන්න
නින්දත් නොනින්දත් අතරෙ මං උන්නෙ ඇද උඩ එහෙට මෙහෙට පෙරලි පෙරලි.
තව කොච්චර හිටියත් නින්දයන්නෙ නැති හින්ද මං ඇදෙන් එලියට කකුල් දාලා ඉදගත්තෙ ඊයෙ මහ රෑ වෙනකනුත් කියවලා ඉවර කරන්න බැරි උන පොත වත් කියවන්න හිතාගෙන.
කකුලක් බිමින් තියලා හිටගන්න හදද්දිම දැක්ක දෙයින් මට හයියෙන් හීල්ලුනා.මගෙ වම් කකුල දනිස්සගාවට වෙනකම්ම හරි අසාමාන‍‍‍‍‍ය විදියට ඉදිමිලා ..

“අම්මා..”
බයටත් එක්ක වෙන්න ඇති මං කෑගැහැව්ව සද්දෙට අම්මයි තාත්තයි දෙන්නම දුවගෙන ආව.
“සුදු දූ ඇයි මේ”
දාඩිය දාලා බයවෙලා ඉන්න මාව දැකලා අම්මා ගොඩක් කලබල වෙලා කියලා එයාලගෙ මූණ දැක්කම හිතා ගන්න පුළුවන්.

“මේ”
අඩාගෙනම මං කකුල පෙන්නුවා.

 “දෙයියනේ..”

“ඉක්මනට දරුවට ඇදුමක් අන්දලා ගන්න අපි යං හොස්පිට්ල් එකට”

 තාත්තා ඉක්මනින්ම කාමරෙන් පිටවන ගමන් අම්මට කිව්ව.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

                                 අවුරුදු ගානකට පස්සෙ ආයෙත් මං රෝහල් ඇදක් උඩ.ඉස්සරම දවස් වල   කකුල් දෙක බිම තියලා ඇවිදින්න බැරුව මාස ගානන් රෝහලෙ ඉද්දි පුංචි කෙල්ලෙක් විදියටවත් නොහලපු කදුළු අද මගෙ ඇස් අග මෝදු වෙලා.
හිත පුන පුනා ඇහුවෙ එකම ප්‍රශ්නයයි.

ඇයි මටම මෙහෙම වෙන්නෙ????

“මොනාද ගෑනු ලමයා කල්පනා කරන්නෙ”
 මැදි වයසෙ හෙදියක් ඉන්ජෙක්ශන් එකක් අතින් අරගෙන මගෙ ඇද ලග උන්නා.ඇයගෙ මුණෙ තිබ්බෙ කාරුණික පෙනුමක්.

“මට මොනාද වෙලා තියෙන්නෙ” 

පහතට නැමීගෙන මගෙ අතට සර්ජිකල් අතුල්ලමින් හිටිය ඇගෙන් මං ඇහැව්වෙ තවමත් සිද්ද වෙච්ච දේවල් ගැන හරි වැටහීමක්නැති නිසයි.

“ඔයාගෙ කකුලට ජර්ම් එකක් ගිහින්,බය වෙන්න එපා ඉක්මනින් හොද වෙයි..”

හෙදිය පහාදාදුන්න විදියට මට තව මාසයක්වත් මෙහෙ ඉන්න වෙන බව මට තේරුණා.

“ඌ....යි”

ඉන්ජෙක්ශන් කටුව හම පසාරු කරන් යද්දි මට ඉබේටම කෑ ගැහැව්නා.

“අම්මලා දැන් ආවම ඉක්මනට කතා කරලා යවන්න.දැන් ඩොක්ටර් වෝඩ්රවුන් එන වෙලාව.”

හෙදිය ඇද ලගින් යනවත් එක්කම අම්මත් තාත්තත් ඇද ලගට ආවා.
දෙන්නම් උන්නෙ බයෙන් දුකෙන්.අම්මගෙ ඇස් වල කදුලු පිරිලා.මං හින්දා ඒ හිත් වලට කවදාවත්ම නිවනක් නැති වෙයි.

“ආයෙත් සුදු දූ ලෙඩ වෙලා අම්මා”

දුක වැඩි කමට මට කියවුනා.

“ලොකු දෙයක් නෙමෙයිනෙ .මගෙ දූට ඉකමනින් සනීප වෙයි.”

අම්මා මගෙ ඔළුව අතගෑවෙ කදුලු හංගගෙන.

“අම්මට මං ලග ඉන්න දෙන්නෙ නෑ නේ”

"එඩල්ට් වෝඩ් වල   ඉන්න දෙන්නෙ නෑ නෙ දූ."

මගෙ ලෙඩ  කකුල අතගගාම තාත්තා කිව්වා.
 වයසෙන් මුහුකුරාගිහින් හිටියට තාත්තට තාමත් මං එයාගෙ චුටි දුව.තමන්ගෙ එකම දුව සැරෙන් සැරේ රෝගි වෙද්දි කන්දක් තරම් දුකක් හිතේ හිරකරගෙන ඒ ජීවිතය රැකගන්න ඔහු කෙතරම් කැප වෙනවද .අම්ම වගෙ ඇස් වල   කදුළු නොතිබ්බට ඒ දෑස් වල ඕනාවටත් වඩා දුක තිබුනා.
 
"අම්මලා දැන් යන්න මං කෝල් කරන්නම්."

"මොනාද මගෙ දුවට  දවල්ට එද්දි ගේන්න ඕනෙ "

ඇද ලග තියෙන පුංචි කබඩ් එකේ ලාච්චුවට බිස්කට් පැකට් එකක් දමා තරමක් ලොකු වතුර බෝතලයක් කබඩ් එක උඩින් තියමින් අම්මා ඇහැව්වා.

"මගෙ  අර රෝස පාට නෝට් බුක් එකයි ,මගෙ ඇද ගාව නවල් 2ක් ඇති ඒකයි  ගේන්න අම්මා."

"එහෙනම් අපි යනවා දූ,මං නිමාටයි  තරූටයි කියන්නම් "

මගෙ නලල සිඹ අම්මයි තාත්තායි වාට්ටුවෙ කෙලවරින් නොපෙනී යද්දි හිතට දැනුනෙ දරාගන්න බැරි තරම් තනි කමක්.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

~~ඉමක් නොපෙනෙන 
මතක ඉමේ
තනිවෙලා ,
පාළු හුදකලාවේ..
පන්හිදත් ගොළු වූ
වෙලාවෙ,
කවි හිතත් මා
හැර ගියාවේ….~~

       හිතට ආපු පද පේලියක් මං මගේ නෝට් බුක් එකේ ලිව්වා.නෝට් බුක් එකේ පිටු වටේට ප්‍රින්ට් කරලා තිබ්බ ලා පාට පුංචි රෝස ඉති නිසා ඒ පිටු වල තිබ්බෙ සිත්ගන්නා පෙනුමක්.
        අද මේ වාට්ටුවට ඇවිල්ලා මේ  ගෙවිලා යන්නෙ 4 වෙනි දවස.දැනට දවස් දෙකකට කලින් මගෙ ඉදිමුන කකුලෙ පුංචි සැත්කමක් කල හින්දා දැන් මගෙ කකුලෙ පහලින් තියෙන්නෙ ලොකු තුවාලයක් .ඒ හින්දම වාට්ටුවෙ එහෙ මෙහෙ යන්න උනොත් මට යන්න් උනෙ රෝද පුටුවකින්.
      අම්මා , තාත්තා , නිමා ,තරූ මේ හැමදෙනාම මාව බලන්න ඇවිත් ගියාට පස්සෙ දැනුනු තනිකම මං දරාගත්තෙ මොනා හරි හිතට එන දෙයක් කුරුටු ගගා.හැමදාම නැතු උනත් පුලුවන් හැම දවසකම  හවස් වරුවෙ  වාට්ටුවෙ කෙලවරකට වෙන්න  තිබ්බ පොදු විවේකාගාරයෙ ජනේලය ලගට වෙලා හවසට තද තැඹිලි පාටට හිරු බැස යන අහස දිහා බලන් ඉන්න  මං ආසා කලා.

අදත් හිරු බැස යනවා කුරුල්ලො රංචු පිටින් පියාඹගෙන යනවා. හුදකලාවෙම ලියවුන පද පේලිය ආයෙත් මුල ඉදන් මං කියෙව්වා.
මේක ලස්සනද කැතද මටම තේරෙන්නෙ නෑ.
නෝට් බුක් එකෙන් හිමින් සීරුවේ ඒ පිටුව ඉරලාගන්න ගමන් මං හිතුවා.
ඉරලා ගත්ත පිටුවෙන් ඔරගාමි මලක් හදලා ජනේලයේ කෙරවලක වෙන්න තිබ්බ  මල් වාස් එකේ මල් අතරට  දාලා මං ඒ දිහා බලන් හිටියෙ පුංචි අත්වැඩක් කරලා සතුටු වෙන මොන්ටිසෝරි පොඩි එකෙක් වගේ.

"දිලාංජලි වාට්ටුවට එන්න දැන් බෙහෙත් දෙන වෙලාව."

 වාට්ටුවෙ හෙදියක් බෙහෙත් ට්‍රොලියත් තල්ලු කරගෙන යන ගමන් කියද්දි මං ඉක්මනටම මගෙ ඇද ගාවට යන්න හැරුනා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

               මම උන්නෙ රෝහල් ඇදට වෙලා ජනෙල්ලෙන් එහා පැත්තට මූණ ඔබාගෙන.ජනෙලයෙන් පහල පාර  පෙනුනෙ ගොඩක් පුංචියට.පහලින්  පේන ගැහැණු ,මිනිස්සු ,වාහන මේ හැමදේම  වෙනමම ලෝකෙක වගෙයි දැන් මට දැනෙන්නෙ.
ආයෙත් කවදා ඒ ලෝකෙට මං යන්නද.. නොදැනීම ලොකු හුස්මක් මගෙන් පිට උනා.

"ඔය ඉතින් උඹේ වැඩේම හූල්ලන එක"

     ලෙඩ්ඩු බලන වෙලාව ඇවිත් .නිමා එනකම්ම මට ගානක් උනේ නෑ.

"මට වෙන ඒවට හූල්ලනවා ඇර වෙන මොනා කරන්නද බං"

 නිමාගෙ කතාවට මං උත්තර දිදීම මම ඇදෙන් එලියට කකුල් දෙක දාලා ඉදගත්තා.

"හම්ම් .. උඹත් එක්ක කතා කරලා දිනන්න බෑ,ඒක නෙමෙයි කෝ අම්මලා තාම ආවෙ නැද්ද?"

"දැන් එයි දවල්ට බතුත් අරගෙන."

"අද බත් එක මං ගෙනාවෙ මං ඇන්ටිට කිව්වා උඹට බත් උයන්න එපා කියලා."

"ආහ් ..නියමයිනෙ මොනාද තියෙන්නෙ"

"දුන්තෙල්බත් හදලා,අල තෙල් දාලා ,කුකුල් මස්  හදලා තියෙන්නෙ, ඔන්න රස නැත්තන් මාව අල්ලගන්න බෑ...අම්ම තමයි ඉව්වෙ මං පොල් ගාලා දුන්නා විතරයි."

නිමා කෑම එක ගැන කියාගෙන යද්දි මෙච්චර වෙලා මට නොතිබ්බ බඩගින්නක් දැනුනා.

"ම්ම්.. කියද්දිත් කටට  කෙල උනනවා බං  ඇන්ටි හැදුවා නම් රසට ඇති"

"තාම බත් එක උනුයි .පිගානට තියලා දෙන්නද කන්න."

අතේ තිබ්බ පුංචි බෑග් එකෙන් බත් පාර්සලය එලියට ගන්න ගමන් නිමා ඇහැව්වා.

"මෙතන කන්න බෑ ..අර වීල් චෙයාර් එක මෙහෙට ගනින්කො අපි යමු කන තැනට ."

අසාධ්‍යම රෝගියෙකුට ට ඇරෙන්න වට්ටුවෙ ඇදට වෙලා කන්න අනිත් නේවාසිකයන්ට තහනම්.නිමාගෙ උදව්වෙන් වීල් චෙයා එකේ ඉදගත්තට පස්සෙ අපි දෙන්නම් ගියේ වාට්ටුව කෙලවර තිබ්බ කෑම කන කාමරේට.එතනට මං ඉන්න වට්ටුවේ අයට විතරක් නෙමෙයි අවට අනිත් වාට්ටුවල අයටත් එන්න පුළුවන්. පුංචි ආපනශාලාවක වගෙ මේස පුටු දාලා තිබ්බ හෝල් එක කෙටි බිත්ති තුනකින් විතර  වෙන්කරලා තිබ්බා .
නිමාත් මාත් ගිහින් ඉදගත්තෙ එහෙම තියෙන කෙටි බිත්තියක් ගාවමයි.

"අප්පට සිරි ..මූට නර්ස් කෙනෙක්වත් සෙනෙහෙපත්‍රයක් දීලද."

බිත්තියට එහා පැත්තෙන් ඇහෙන කටකාර කොලුරෑනකගෙ සද්දෙට නිමත් මාත් මේසෙට ලං උනේ හිනා වේගෙනමයි.

"මුන්ට මෙතන පේනවා ඇත්තෙ ස්කෝලෙ කැන්ටිම වගේ වෙන්න ඇති.
එහා පැත්තෙන් ඇහෙන සද්දෙට කන් දෙන ගමන් නිමා බත් පාර්සලය දිගඇරියා."

"මෙතන තරුවත් උන්න නම් අපිටත් එහෙම්ම තමයි බං"

තරුවගෙ කතාවට එහෙම කියද්දි මට මතක උනේ ඉස්සරම දවස් වල කිත්සිරි සර්ගෙ ක්ලාස් එකේදි අපි ,උත්පලගෙ යාලුවො එකතු වෙලා එකබත් එක බෙදාගෙන කාපු හැටි.
 හම්ම්.. උත්පලගෙ මතකය ඒ හැම තැනම ඒත් ඒ මතකයත් එක්ක කඩානොවැටි ඉන්න තරම් මගෙ හිත දැන් හයියයි.
 
"ඔන්න ඔන්න ආයෙත් මනෝ ගැහැව්වා,දිලා..ඕක නම් ලෙඩක් බං"

ලිහාගත්තු බත් එක නොකා කල්පනාවට වැටිලා ඉන්න මාව දැක්කම නිමාට තරහා යන්නත් ඇති.

"අම්මෝ ඔය පිපිරුවා ඇති ..වරෙන් උඹත් කමු"

බත් එක නිමාටත් ලං කරන ගමන් මං දුන්තෙල් බත් කටක් කටේ දාගත්තෙ කෙහෙල් කොලේ ඔතලා තිබ්බ ඒ බත් පතට ආපු ලොකු පෙරේත කමකින්.


"ඉමක් නොපෙනෙන 
මතක ඉමේ
තනිවෙලා
පාළු හුදකලාවේ..
පන්හිදත් ගොළු වූ
වෙලාවෙ
කවි හිතත් මා
හැර ගියාවේ…."

කටට දාගත්තු බත් කට ගිලින්නත් කලින් එහා පැත්තෙන් ආපු හඩට මට කකා උන්නු බත් කට ඉස්මොල්ලෙ ගියා.

"අඩෝ..අකියා ඇත්ත කියපන් මේ ලිව්වෙ උඹ වෙන්න බෑ මේ අකුරු කෙල්ලෙක්ගෙනෙ"

එහා පැත්තෙන් ඇහෙන දෙබසට තව කන්දෙන්න ඕනකමක් තිබ්බට මං උන්නෙ ඉස්මොල්ලෙ ගිහින් කැස්ස නවත්තගන්න බැරුව.

"ආ..මොකද උනේ ..මේ වතුර එක බීපං"

වතුර බෝතලෙන් වතුර ටිකක් කෝප්පයකට දාලා මට ලං කරපු නිමාත් උන්නෙ මගෙ පිට අතගගා.

"ආ .. මේ මොකද"

ඒ එක්කම තාත්තයි අම්මයි අපි ඉන්න තැනට ආවා.ඒ වෙද්දි කැස්ස නැවතිලා තිබ්බ නිසා ආයෙත් මං බත් එක ලං කරගෙන කන්න පටන් ගත්තා.

"සුදු දූට අද රස බත් එකක් හම්බෙලා තියෙන්නෙ"

මේසෙ ලග බංකුවේ ඉදගෙන අම්මා බත් පතට එබුනා .

"ඔව්..අම්මා හරි රසයි  මාලනි ඇන්ටි හදලා තියෙන්නෙ."


"කාලා ඉවර වෙලා ආ.. ඇපල්  .කන්න"

පුංචි ශොපින් බෑග් එකක් මේස උඩ තියලා තාත්තා මගෙ ඔලුව අතගෑවා.

"දූට..දැන් කකුල කැක්කුම අඩුද"

"අඩුයි අම්මා.."

අම්මයි තාත්තයි නිමයි එක්ක කතා කර කර උන්නට  මං හිටියෙ බිත්තියෙන් එහා පැත්තෙ කොලුරෑනෙ කතාවට කන් දීගෙන.

"බූට් සීන් එකක් උනාට මොනා උනත් ලස්සන වචන ටික"

"හරි ..හරි ඔහොම යන්කො .."

"මූ..මේක නිධානෙ වගේ පරිස්සම කරන එක තමා මට දිරවන්නෙ නැත්තෙ."

එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනිව කියවද්දි තාමත් කට්ටියගෙ මාතෘකාව නිසදැස් ලියපු කොලේ කියලා පැහැදිලියි.කලින් දවසක ලියවුනු නිසදැසත් නිසදැස ලියපු කොලෙන් මලක් හදලා  වාට්ටුව ඉස්සරහා  තිබ්බ මල් වාස් එකක දැම්ම කියලත් මට මතක් උනේ එතකොටයි.

"තොපිට පිස්සු ..මෙහෙ දියන් ඕක."

තරවටුවක ස්වරයෙන් කට්ටියට එහෙම කිව්වෙ "අකියා" කියලා කතා කරපු  කෙනා වෙන්න ඇති කියලා මං අනුමාන කලේ අඩුවෙන්ම ඇහුන කටහඩත්.යාලුවන්ගෙ සරදම් ප්‍රශ්න වලට උත්තර දෙන හඩත් ඒකම නිසයි.

"දූ..කාලා ඉවරයිනෙ  අපි යං වාට්ටුවට."

බත්පතේ අන්තිම කටත් කාලා එහෙම්ම හිටපු මට අත හෝදගන්න වතුර එකත් අම්මා ලං කලා.

"ටැප් එකෙන්ම හෝදගන්නම් අම්මා.මාව එතන්ට ගෙනියන්නකො"

"මං ගෙනියන්නම් ඇන්ටි"

වීල් චෙයාර් එකේ පිටු පසින් මාව තල්ලු කරගෙන ටැප් එක ලගට මාව අරගෙන ගියේ නිමා.අතහෝදගෙන ඉවර වෙලා  වාට්ටුවට යන්න හැරුනත් .අර කොලුරෑන ඉන්න දිහා ආයෙත් මං බැලුවෙ මගෙ නිසදැස පරිස්සම් කරන "අකියව" බලාගන්න තිබ්බ කුතුහලේට,ඒත් කෙටි බිත්තිය නිසා එතන කිසිම කෙනෙක් පෙනුනෙ නෑ.










මතු සම්බන්දයි

Saturday, April 6, 2013

නොඑන ගමන් ගිය .."මගෙ තාත්තී"

ඔබ නැතිව වැටෙන
කදුලක රැදිලා 
සිහිනෙන් වාගේ 
ලග විත් මාගෙ 
 උන්නා දැනුනා..

හිස මාගෙ අතගා
දෙඅතින් අල්ලා
සෙවනැල්ල වාගේ
ලග විත් මාගෙ 
උන්නා දැනුනා..

අති නත් ගෙන මා
යන දාක ඔහු හා
පෙර උන්නා වගේ
ලග විත් මාගේ
ඉන්නකෝ .............................. " තාත්තී "




"I wait for the day..
i will be with you again
when the gates of heaven
open up to me and  i see you
standing there 
smiling at me,
miss you so much dad...."