ඇති යාන්තන් සෑහෙන්න කාලෙකට පස්සෙ මේ පැත්තට ආවෙ .මාස ගානක බ්ලොගයක් පැත්තටටවත් නොගියට
මොකද මේ බ්ලොග් කෙරුවාවත් අමතක කොරන්ඩ බෑ නෙ. මේකෙ තියෙන ෆන් එක ආයෙ ඉතින් මොකට කියනවද.
පහු ගිය කාලෙ නම් ගොඩක් දේවල් වෙලා වටපිටාවෙ විතරක් නම් බැරියැ . මටත් ඒ ටිකමනෙ ඒකනෙ
කිව්වෙ නිශි..යා දැන් අහසේ ඉගිලේ කියලා..
හරි දැන් ඒ කතා ඇති.. දැන් කට්ටිය මේ කතාව බලන්නකො
බලලා විතරක් මදි ඉස්සර වගේම වචනයක් දෙකක් කියලා ගියා නම් මේ නිශියට ඒක ඉහටත් උඩින් .ඉතින් පහු ගිය කාලෙ එහෙ මෙහෙ
උන මගෙ දයාබර බ්ලොග් ගැන්සිය ආයෙත් පාරමිතාවට එයි කියලා මං බලාපොරොත්තු වෙනවා .
හැමෝවම බොහොම ආදරයෙන්,කෑදරයෙන් ,සාදරයෙන් පිලිගන්නවා ආයෙත් ..!!
පාරමී දම්
පුරන
හුදකලාවෙ සැරිසරන
සංකල්පනා පොදිබදින
ඉගිලෙන්න තටු සොයන
කිරිල්ලියකි.. මා ,
පාරමිතාවෙ පැල් බැන්ද..
හුදකලාවෙ සැරිසරන
සංකල්පනා පොදිබදින
ඉගිලෙන්න තටු සොයන
කිරිල්ලියකි.. මා ,
පාරමිතාවෙ පැල් බැන්ද..
එහෙමයි
මං
මාව
ඉස්සෙල්ලම ඔයාලට
අදුන්වලා දුන්නෙ
..ලස්සන
වචනයක්
දෙකක්
දාලා
කාව්යම භාෂාවෙන් එහෙම
කිව්වට
ඒක නිකන් ඔහේ පෙලගැහුව පද වැලකුත් නෙමෙයි.. හුදකලාවටම වෙලා .හිතට
එන
දෙයක්
ඔහේ
කුරුටු
ගගා
මං
හිටියේ
මං
ම
හදා
ගත්තු
මගේම
ලෝකෙක
ඒ
ලෝකෙ
කවුරුත්ම හිටියෙ
නෑ.හරියට
සුරංගනා
කතාවල
එන
දිගම
දිග
කොන්ඩයක් තියෙන
කුමාරිකාව Rapunzel වගේ
ලස්සනම
ලස්සන
ලෝකයක
මැදට
වෙලා
ජනෙල්ලෙන් එහා
බලාගෙන
හූල්ලපු කෙල්ලක්..(Rapunzel
මගෙ
ජීවිතේට ගොඩක්
සමීප
තවත්
හේතුවක් තියනවා ඒක පස්සෙ කියන්නම්කො) rapunzel ව උසම
උස
කුළුනක
හිර
කරලා
තිබ්බෙ
නපුරුම
නපුරු
මායාකාරියෙක් ඒත්
මගෙ
ලෝකෙ
මාව
හිර
කරේ
කවුරුත් නෙමෙ
මමයි
ගිහින්
හිර
උනේ
කියලා
දැන්
මට
හිතෙන්නෙ.
ඒ
වෙද්දි
මාත්
ඉගිල්ලෙන්න තටු
හොයපු
කිරිල්ලියක්
..ඒත්
දැන්
දැන්
නම්
ඒ
කියමන
වෙනස්
කරන්න
වෙයි
වගේ..
..
නිමාවක් නැති
මුලු අහස පුරාම
එහෙ
මෙහෙ
යන
කිරිල්ලියක් දැන්
මං
.ඔව්
යාලුවනෙ මේ
කිරිල්ලිට හෙව්ව
තටු
හම්බුනා
.. ඉතින්
අහන්නෙ
නැද්ද
කොහොමද
තටු
හම්බුනේ කියලා.
කවුද
තටු
දුන්නෙ
කියලා..
ඒකට
ටිකක්
දිග
කතාවක්
කියන්න
තියෙනවා මේකත්
ඉතින්
පුංචි
සුරංගනා කතාවක්
වගේ
තමයි
..ඔන්න
එහෙනම්
අහගන්නකො කතාව..
ඔන්න කතාවට කුමාරයට කුමාරයා කියලා
කුමාරිට කුමාරි කියලම කියමුකෝ ඈ..
පොතේ හැටියට කුමාරි ඉන්නේ බොහොම ලස්සන සීත රටක.කුමාරිගේ මව් දෙමව්පියෝ පණ
ඇරලා කුමාරිට ආදරෙයි.ඉතින් කුමාරිට ඕනා තරම් නිදහස එහෙමත් තිබ්බට මොකද
කුමාරි ඉන්නේම ගෙදරට වෙලා .එක අතකට
අනුන්ගේ රටකට වෙලා ඉන්න කුමාරිටත්
කොරන්න දේකුත් තිබ්බේ නෑ .කුමාරි කොහොමත් මව්බිමේ ඉද්දිත් හුදකලාවට සෑහෙන්න ප්රියයි.ඒවුනාට
එහෙ ඉද්දි කුමාරි නිකන්ම කාලේ කෑවෙත් නෑ ඔය මොනාම හරි ප්රයෝජනවත්කියලා හිතෙන සාස්තරයක් එහෙම ඉගෙන ගන්නත් බොහොම උනන්දු උනා .එත් මේ
අනුන්ගේ රටේ පුරුදු පරිසරය නැති උනාම කුමාරි ත් ඉබේම පුරුදු හුදකලාවේම රජ උනා.එහෙම ඉන්න කුමාරිගෙ පහුගිය කාලෙ හිත
තැලිච්ච පොඩි වෙච්ච හේතුත් බලපෑවා.
කාලයක් ඉද්දි
අන්තර්ජාලය හරහා පොත් කියවන්න කුමාරිට පොඩි උණක් හැදුනා කොහොමත් පොත්
කියවීමේ තද බල උණක් කුමාරිට පුංචි සන්දියේ ඉදන්ම තිබ්බා ඉතිං මේ උණ ට අන්තර්ජාලය පිර
පීර පොත් හොයද්දි කුමාරිගේ අහම්බෙන් වගේ ඕන
තරම් පොත් කියවන්න පුළුවන් සයිබර් පුස්තකාලයක් කියලා කියන්න පුළුවන් තැනක් හම්බුනා
.එහෙම කිව්වට මොකද එතන පොත් කියවනවන්න ,කවි කියවන්න ,ලියන්න විතරක් නෙමෙයි පොඩියට public
chat එකක් එහෙමත් තිබ්බ . පොත් කියවන්ඩ තිබ්බ ආසාවට කවදාවත්
social network එකක පැත්ත
පලාතවත් නොබලපු කුමාරි මේ පැත්ත බලලා විතරක් නිකන් හිටියේ නෑ රෙජිස්ටර් එහෙම වෙලා
මේක අස්සට රින්ගත් ගත්ත.ඔන්න ඔහොම හා හා පුරා කියලා පය තියද්දි (පය කිව්වට ඇස හා
අත..)කුමාරි දන්නවයැ අප්පේ මේ කොරපු වැඩේ බරපතල කම.ඇත්තට එහෙම
නොකරා නම් .... අපරාදේනේ කියලා කුමාරි අදටත් කල්පනා කරනවා....
ඉතිං ඊට පස්සෙ මක්කෙයි උනෙ කියලා කියනකන් පොඩ්ඩක් ඉන්න.. ඒක ඊලග කොටසට හොදෙ..
හේ හේ මරු කුමාරි..අර රපන්සා දන්නව නම් නඩු දානවා මෙයාට විරුද්ධව අපහාස නඩු...:P
ReplyDeleteමම කියන්නද මේ සුරංගනා කතාවේ අවසානය. ඒ කුමාරයයි කුමාරියයි විවාහ වෙලා හරිම සතුටින් මලිගාවට වෙලා ජීවත් උනා..හැම සුරංගනා කතාවකම වෙන්නේ ඔහොම තමයි..
හී..හි කුමාරි තමා අනේ..රපන්සාට ඕවා කියන්ඩ ඕනයැ ඉතිං..
ReplyDelete~ඒ කුමාරයයි කුමාරියයි විවාහ වෙලා හරිම සතුටින් මලිගාවට වෙලා ජීවත් උනා.~
මේ ටික කොරගන්න කුමාරයටයි කුමාරිටයි මාර කට්ටක් කන්ඩවෙලානෙ.හැබෑට බට්ටියො ඔය ටික නොවුනොත් ඒක සුරංගනාකතාවක් නෙමෙයි නේනන් නේ..
hi hi marune mal hathai kella dan godak satutin neda haba jivithe surangana kathawak neda lassanata jiwath wenawanam onna kumrita magenuth subapathum.....
ReplyDeleteසතුටින්නම් තමා උමා..ඒත් ජීවිතෙ සුරංගනාකතාවක් නෙමෙයි. එවුනාට සුරංගනා කතා වල වගේ මැජික් නම් ඉදලා ඉදලා වෙනවා.
Deleteඊට පස්සේ විද්දා නේද මල් සරා මල් දුන්නෙන් මොනිටරේට ඈ
ReplyDeleteහී..හී..ඔව් ඔව් පැතුම එහෙම උනාලු..නෙ
Deleteදැං කෝ මේ කථාවේ ඉතුරු ටික????
ReplyDelete