Pages

Friday, September 7, 2012

පිවිසුම.

                                                                     

                                              ඔන්න යාළුවනෙ මාත්  ආවා බ්ලොග් ලෝකෙට ..එහෙම කිව්වට දැනට ටික කාලෙකට කලින් නෙ මං ඒ ලෝකෙට ගියෙ .. ඔයාලට මතක ඇතිනෙ "පාරමිතාව"  නිසදැස් , කවි දැම්මට ඒක නම් තිබ්බෙ තිබ්බත් නොතිබ්බ ගානටනෙ ආසාවට කියලා හදාගත්තට මාත් එච්චර උවමානවකින් පාරමිතාව බලා කියා ගත්තෙත් නෑ නෙ.. ඉතින් ඒ ඔක්කොටමත් එක්ක හරියන්න නිකන් කාලෙ කකා ගෙදරටම වෙලා ඉන්න එකෙ මටත් හිතුන පාරමිතාව හරියට කරන්න ඕනා කියලා."නිශියො කතාවක් ලියන්න ට්‍රයි එකක් දීහං"එහෙම මගෙ ලගින්ම ඉන්න දෙතුන් දෙනෙක්  කිව්වට ඕවා කරන්ඩ පුලුවන් වැඩයෑ කියලා මාත් පැත්තකට වෙලා උන්නෙ එවුනාට ඔන්න ගොඩක් හිතලා බයෙන් බයෙන් වගෙ මං ඒ වැඩේටත්  අතගැහැව්වා .
"අහස් ගව්ව සිඹින තරමි " මගෙ කුලුදුල් නවකතාව අම්මෝ.. එහෙම කිව්වට මොකද මහා ලොකු දක්ෂතාවෙකට ලියනව නම් නෙමෙයි.
කාලයක් තිස්සෙ නිසදැස් ලිව්වා , කවි ලිවා ඒවා ඔයාලත් බලලා ගුණ දොස් කිව්වා සමහර කැතම  කැත ඒවටත් ඔයාලා ලස්සනයි කිව්වා.
ඒ වගේම "අහස් ගව්ව සිඹින තරම්"  කියවලා ඔයාලගෙ අදහස් කියන්න වැරදි තියනව නම් පෙන්න්නලා දෙන්න , කැත නම් කැතයි කියන්න  ඔයාලා කියන ඒ හැම වචනයක්ම මගෙ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න මට ලොකු පිටුවහලක් ශක්තියක් වේවි....     :)

                                                                   
                                   කුලුදුලේම කතාවක් ලියද්දි ඔන්න ඉතින් කට්ටිය අහන්න එපා , නිශියො මේ ඔයාගෙ කතාවද කියලා..
"දිලාංජලී ආකර්ශා"  කියන්නෙ නිශියනම් නෙමෙයි ඔන්න..
ඒත් මගෙ ජීවිතෙ අත්දැකීම්,හිතට ගොඩක් කා වැදුනු තැන් , මගෙ වටේ ජීවත් වෙන චරිත  අඩු වැඩි විදියට "අහස් ගව්ව සිඹින තරම් " කතාව ඇතුලෙ  තියෙනවා..
ඉතින් යාලුවනෙ ඔයාලත් කියවලම බල්ලන්න "අහස් ගව්ව සිඹින තරම්".කියවලා විතරක් මදි ඔයාලට හිතෙන දේත් කියලම යන්නකො..

14 comments:

  1. katahwa godak hodata thiyei kiyala man hithanawa..e wagema oyage nirmana godak lassanai..nawakatha lowe wenasak karanna labewa kiyala man prarthana karanawa...jaya wewa......!

    ReplyDelete
    Replies
    1. නිදකින් මෙකි පෝලිම් පැන්ලානේ

      Delete
  2. කතාව කියවන්නත් කලින් එහෙම කමන්ට් එකක් දුන්නට ස්තූතියි ටුටියො.. උත්සහ කරන්නම හොද කතාවක් දෙන්න හරිද .. :)

    ReplyDelete
  3. අනේ මට ඇඩේන්න වගේ අයියෝ

    අනේ මම වගේ නෙමේ ඔකේ කොල්ලා අනේ...අනේ... කියන්නකෝ :(

    හ්ම්ම්හ්ම්ම් හොද ආරම්භයක් අරගෙන හොදම් හොද අවසානයක් දකින කතාවක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා මම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    එන්නේ බෝගේ
    (දෙද්දී ගොඩක් දී නැතිනම් තමා මරණේ ව

    ReplyDelete
  4. අඩන්න එපා ලකො.. කොල්ලනම් බොලා වගෙ නෙමෙයි හරිය..
    ම්ම්ම්ම්ම්ම්ම් අවසානය නරක වෙන එකක් නෑ ..කියවලම බලන්නකො,
    ස්තුතියි හොදෙ සුබ පැතුමට.

    ReplyDelete
  5. නියමයි බ්ලොග් එක කලින්ට වැඩිය පිලිවෙලයි ලස්සනයි. ඉකමන්ට කතාව දෙන්ඩෝ අපිට බලන්න නිශියෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කවියො,දැන් බ්ලොග් එක ලස්සනයි තමා නේ හැබැයි .. ඒක නම් මගෙ වැඩක් නෙමෙයි ඔන්න ;).
      කතාව දෙන්ඩ තමයි මේ හදන්නෙ ..බලල අදහස් කියන්නකො

      Delete
  6. ම්ම් මගෙන් උණුසුම් සුබ පැතුම් නිෂි....
    කෝ මට කියන්නෙත්නැතිව කතාවක් ලිව්වා නේද? හරි හරි කමක් නෑ ඉක්මනට අපිට කතාව දෙන්නකෝ බලන්න,,,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශා..
      හරි හරි දැන් ඉතින් කිව්වනෙ මං . ;) කතාව දුන්නම බලන්නකො..

      Delete
  7. අනේ මාවත් දැනුවත් කරපල්ලාකෝ..... දැන් මේ නිෂියාගේ කතාව නෙමේයිද?

    ReplyDelete
    Replies
    1. ඇයි බොල දැන් මේ මම සුද්ද සිංහලෙන්ම කියල තියෙන්නෙ මගෙ නෙමෙයි කියලා..:p

      Delete
  8. Jayawewa naga... oyata tharam laaaaassanata wachana galapanna bari unata mulu hadawathinma suba pathanawa... digatama liyanna honde... <3

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ.. ඔයත් දිගටම කතාව බලන්න හොදෙ <3

      Delete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..