Pages

Tuesday, June 19, 2012

වෙන කුමක් කරන්නද

෴අතරමං වෙලා වගේ
දැනෙනවා මොහොතකට
නිමක් නැති සුසුම් වැල්
තනි රකිනවා මට..
නොතේරෙන හැගුමක්
සිත පෙලනා විට
නොපෙනෙන අනන්තය දෙසම
හැරුනෙමි වෙන කුමක්
කරන්නද මම....෴

නගිනවා තාමත් කල්වාරිය






෴කල්වාරියේ කුරුසෙ පාමුල
සාන්තුවර වෙස් අරන් හිටියට
එහේ මෙහේ යන මේ මිනිස් සිත
තද කරන හැටි කුරුසියේ ඇණ....

දෝවනය කරද මිනිස් පය
දේව පුතනුවන් ආයෙමත් ලොව
දුදනන්ගෙ පාප  අරන් කරපිට
නගිනවා තාමත් කල්වාරිය...෴

ගගුලකි..






෴හැපි හැපි ගලෙන් ගල
නොනැවතී මගින් මග
ඉදිරියටම ඇදි ඇදී යන
ගගුලකි සයුර සොයා යන......

විටෙක නංවා හඩ
විටෙක හංගනා හැඩ
දරාගෙන මහා ජලකද
මුදවනා හැටි මහා සයුරට...............෴

ඔබ උරුම කල..


෴නිදිවරනා සිතුවිලි
පාරවා හිත කොනිත්තන
බරවෙනා ඇස්පියන් මත
කදුලු කැලලකි
ඔබ උරුම කල....෴

අනන්තය දෙසට හරුනෙමි..

෴අතරමං වෙලා වගේ
දැනෙනවා මොහොතකට
නිමක් නැති සුසුම් වැල්
තනි රකිනවා මට..
නොතේරෙන හැගුමක්
සිත පෙලනා විට
නොපෙනෙන අනන්තය දෙසම
හැරුනෙමි වෙන කුමක්
කරන්න්ද මම....෴