Pages

Thursday, May 30, 2013

අහස් ගව්ව සිඹින තරම්.. 12 වෙනි දිගහැරුම






“ඊට පස්සෙ උඹ කඩදාසිමල් හැදුවෙ නැද්ද?”

                     හවස්වරුවක  මාව බලන්න ආපු වෙලාවක නිමා මගෙන් ඇහැව්වා. රෝහලේ ඇදකට වෙලා  ඉද්දි දැනෙන පාළුව නිමා එන හින්දා පොඩ්ඩක් හරි මග ඇරෙනවා .සතියෙ දවස් වල හවස හැමදාම වැඩ ඉවර වෙලා නිමා එන හින්දා අම්ම  ආවෙ දවල්ට විතරයි.වැඩට යන්න කලින් තාත්තා උදේට එන්න පුරුදුවුනා.

 “නෑ.. ඒත් දැන් මං දන්නවා අකි ගැන”
නිලුකා මිස්ගෙන් දැනගත්තු විස්තර නිමාට කියන්න ඇත්තටම නොඉවසිලිමත් කමක් මට තිබ්බෙ.
“උඹ මාර දියුණුයිනෙ, කොහොමද දැනගත්තෙ”
“අර ලස්සන නර්ස්  කෙනෙක් ඉන්නෙ නිලුකා කියලා එයා කිව්වෙ”
“ඉතිං කියපන්කො කවුද මේ මිස්ටිරියස් බෝයි කියලා”
නිලුකා මිස් කිව්ව විස්තර ඔක්කොම මං නිමත් එක්ක කිව්වා.
“ආකාශ් ලස්සන නමක්, කොල්ලත් හැන්ඩියා වෙන්න ඇති”
“ලස්සන කියන්නෙ පෙනුම විතරක් නෙමෙයි නිමා”
“හිතත් ලස්සන වෙන්න ඕනා.ඒක නේද උඹ කියන්නෙ”
“ම්ම්”
“හරි හරි, පණ්ඩිත කතා කිව්වා ඇති.අම්මා සව්පිට්ටු හදලා දුන්නා උඹට කමුද”
බෑග් එකෙන් ප්ලාස්ටික් පෙට්ටියක් නිමා එලියට අරගත්තා.
“අපි කෑම කාමරේට යං”
නිමා ගෙනාපු සව්පිට්ටු කන්න හිතාගෙන නිමයි මායි කෑම කාමරයට ගියා.
෴෴෴෴෴෴෴෴
" Hello ..!! dilanjali "
        කාලෙකට පස්සෙ මගෙ ෆෝන් එකට sms එකක් ආව.
නිමා කියපු විස්තරත් එක්ක මේ ආකාශ් වෙන්න ඕනෙ.
“දිලා ..මට එද්දි ආකාශ්ගෙ යාලුවෙක් හම්බුනා”
ඊයෙ ඇවිත් ගියාට පස්සෙ නිමා මට කෝල් කරලා කිව්වම මට පුදුම හිතුනා.
“ඒ කොහොමද..? ”
“අපි කෑම කාමරේට ගිය වෙලේ මං ඔයත් එක්ක ඉන්නවා ඒබෝයි දැකලා මං එනකම් බලාගෙනම ඉදලද කොහෙදො කතා කරා. නිලුකා මිස් එයාලා එක්ක ගොඩක් හිතවත්ලු .ඔයා ලග ආකාශ් ඇදපු චිත්‍රය තියෙනවා කියලා මිස් කියලා.ආකාශ් කාලෙකට පස්සෙ කෙල්ලෙක්ගෙ චිත්‍රයක් ඇදලා තියෙන්න එදා උඹ ජනේලය ගාවට වෙලා ඉන්නවා ආකාශ් ගොඩක් වෙලා බලන් ඉන්නවා ඒ බෝයි දැක්කලු පස්සෙ චිත්රෙයි නිසදැස් සීන් එකයි දැනගත්තම හිතුනලු  ඔයා කවුද කියලා දැන ගන්න”
“ඉතිං චිත්‍රෙ තියන් ඉන්න මමමයි කියලා කොහොමද එයා දන්නෙ.”
“නිලුකා මිස්ගෙන් අහගත්තලු බෙඩ් නම්බර් එක කොහොමත් එදා උඹ උන්න විදියට වෙන්න ඇති දෙන්නගෙන් එක්කෙනෙක්වත් උඹෙ මූණ දැකලා නෑ.”
“ඉතිං එච්චර මහන්සි වෙන්නෙ මොකටද බං”
විස්තර ඔක්කොම අහන් හිටියට පස්සෙ මට හිතුනෙ එහෙමයි .
“මාත් ඒක ඇහුවා ඒක. කකුලක් කඩාගෙන පැත්තකට වෙලා ජීවිතෙ ගැන කලකිරිලා ඉන්න හොදම යාලුවා වෙනුවෙන් මොනා හරි කරන්න ඕනා කියලා හිතුනලු.ඔය දෙන්න අදුනගන්නව නම් හොදයි කියලා හිතෙනවලු”
“ඇත්තටම මාත් කැමතියි නිමා .. ආකාශ්ව අදුනගන්න”
“ගොඩක් දුර හිතලා නෙමෙයි අඩු ගානෙ වෙනස් විදියට හිතන්න යාලුවෙක්වත් උඹට හිටියා නම් හොදයි කියලා මට හිතෙනවා දිලා”
“ම්ම්”
“ඒ බෝයි උඹෙ නම්බර් එක මගෙන් ඉල්ලුවා”
“ඉතිං උඹ දුන්නද”
“ ඒ බෝයිගෙ නරකක්වත් ආකාශ් ගැන අහිතක් වත් හිතෙන්නෙ නැති හින්දා මං දුන්නා දිලා…”

“Hello..!! me akash neda?”
සැකයක් නැති වුනත මේ ආකාශ් මද කියලා දැනගන්න ඕනා හින්දා මං sms එකට රිප්ලයි කරා.

“Ys, dilanjali mama akash  :) ”

   ටික වෙලාවකින් ආයෙත් sms එකක් ආව
නාදුනන ආගන්තුකයෙක් එක්ක sms කරනවා උනත් පුදුමයකට වගේ මට බය හිතුනෙ නෑ.

“Kohomada dan saneepada?”

මොනා sms කරන්නද කියලා තේරුමක් නැතත් මං දිගටම sms කරා.

“Mm.. ow ehema hithamuko ;)  Dilanjalita kohomada?”
“Matath saneepai kiyala  hithamu. :)”
“Dilanjalita sht nme 1k nadda?”
“Akashta aki vage mata dila kiyanava ;)”
“Dila kohomada danne mata aki kiyanava kiyala :o  :o”
“Hik ..!! kohoma hari dannavane  ;)”

තව අනං මනං දේවල් ආකාශුයි මායි චැට් කරා .දැන්නම් ආකාශ් අද අදුන ගත්ත ආගන්තුකයෙක් කියලා මට දැනෙන්නෙම නැහැ.
එදා රෑ මං නින්දට ගියෙ හිත පුරා දැනෙන අමුතුම හැගීමකින් ඒත් ඒ හැගීම මොකද්ද කියලා හොයන්න මං වෙහෙසුනෙ නැහැ.
එදායින් පස්සෙ ගෙවුන හැම දවසකම කෑවද? බෙහෙත් බිව්වද? ඩොක්ටර් මොනාද කිව්වෙ? මේ හැම දෙයක්ම ආකාශ් මගෙත් මං ආකාශ් ගෙත්  හොයා බලන්න පුරුදු උනා. ඇත්තටම ඒ හැමදෙයක් එක්කම  අපි අපේ සිතුවිලි හැගීම් බෙදා ගත්තා.ඉතින් දැන්  අපි අපිට ආගන්තුක නෑ කොහෙත්ම.



“ආකාශ් හොද කොල්ලෙක්,හොද ජොබ් එකකුත් කරනවා”

නිමා ඔක්කොටම කලින් ආකාශ් ගැන හොයාගත්තු විස්තර මට කිව්වා.
“මොනා කරත් මොකටද නිමා මට, මොනා උනත් ආකාශ් හොද යාලුවෙක් ඒක මට තේරෙනවා”
“යාලුකමට මුකුත් කියනවා නෙමෙයි දිලා.ඒත්..”
“උඹ බයයි මං ආයෙත් රැවටෙයි කියලා”
නිමා සම්පූර්ණ  නොකරපු වාකය මං සම්පූර්ණ කලා
“එච්චර දුර යන්න එපා නිමා.. ආදරේට මං තාමත් බයයි”
“මං උඹ ගැන හොදට දන්නවා දිලා..මං ආසයි උඹ ආයෙත් හිනාවෙනවට .හැබැයි උඹට ආයෙ විදවන්ඩ දෙන්න බෑ.”
“ඒ දේවල් ගැන මං හිතන්නෙ නෑ නිමා වෙන දෙයක් වෙච්චදෙන් හැබැයි මං මෝඩ වෙන්නෙ නෑ ආයෙ.”
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


“දිලා .. උඹෙ කකුල වෙනුවෙන් උඹට ඉස්සරහට තව පොඩ්ඩක් දුක් විදින්න වෙයි.”
ඩොක්ටර් තාත්තයි අම්මයි එක්ක මගෙ අසනීපෙ තත්වෙ ගැන කතා කරාට පස්සෙ නිමා මට කිව්වා.කොහොමත් හිත හදන්න ඕනා යමක් තියෙනවා නම් අම්මයි තාත්තයි ඒ වැඩේ බාරදෙන්නෙ නිමාට .නිමා ඒ දේ හරියටම කරන බව අත්දැකීමෙන්ම එයාලා දන්නවා.
“ඩොක්ටර් මොනාද කියලා තියෙන්නෙ..? තව ගොඩක් කල් ඒ කියන්නෙ මට මෙහෙම ඉන්න වෙනවද..? ”
“ටිකක් ඉන්න වෙයි, උඹෙ කකුල වෙනුවෙන් හැමදේම එයාලා කරනවා..ඒ දේවල් කොහොම උනත් හැමදේටම මූණ දෙන්න හයියක් උඹට තියෙනවා මං දන්නවා ඒක”
“ඒ කියන්නෙ මට මගෙ කකුල නැති වෙන්නත් පුලුවන්ද ආ..”
නිමා  පරිස්සමට කල්පනාවෙන් කතා කරනවා කියලා තේරුන හින්දා මම කෙලින්ම නිමාගෙන් ඇහැව්වා.
“අනේ.. එහෙම වෙන එකක් නෑ දිලා, උඹ එච්චර පව් කරලා නෑ”
අන්තිමට නිමාගෙ උත්තරෙත් එක්ක ඉස්සරහට මොනා වෙයිද කියලා බයක් මගෙ හිතෙ හොල්මන් කරන්න ගත්තා.
“හම්ම්ම් ,බලමු”
ජනේලෙන් පේන වලාකුළු පිරිනු අහස දිහා බලාගෙන මම හීල්ලුවෙ උඹට අඩන්න තව කල් තියෙනවා දිලා කියලා මං මටම කියාගෙනයි.
෴මතු සම්බන්ධයි෴


Friday, May 24, 2013

අහස් ගව්ව සිඹින තරම්.. 11 වෙනි දිගහැරුම






                      මම රෝහලට ඇවිත් මාසයක් පිරෙන්න තව තියෙන්නෙ ටික දවසයි.පහු ගිය දින වල විටෙන් විට මගෙ කකුලෙ සුළු සැත්කම් වලට භාජනය  වෙන්න මට සිද්ද වුනා. අම්මයි තාත්තටයි අමතරව හැම හවසකම නිමත් මාව බලන්න ආවා.නිමා රැකියාව කරන ආයතනයෙ ඉදලා  රෝහලට එන්න පහසු නිසා හැමදාම එන එක නිමාට අපහසුවක් උනෙත් නෑ.දරු ප්‍රසුතියට සූදානම් වන නිසා තරූ මාව බලන්න ආවෙ නැතත් පුලුවන් හැම වෙලාවෙම තරූ දුරකථනයෙන් කතා කරලා මගෙ සැප දුක් හොයා බැලුවා.

               “අකී” මගෙ නිසදැස පරිස්සම් කරපු ආගන්තුකයා ගැන ඇතිවුන කුතුහලය මේ දිනවල හිත ඇතුලෙ යටපත් වෙලා තිබුනත් ලේසියෙන් අමතක වෙන එකක් නෑ කියලා මට හිතුනෙ අදත්  අර පුරුදු ජනේලය ලගට ගියාට පස්සෙයි.  පුරුදු විදියටම මල් වාස් එක අදත් එහෙම්ම එතනම  තිබ්බ.නිශ්චිතවම නැතත් මොනවා හරි දෙයක් බලාපොරොත්තුවෙන් වගේ මං එතනට ලංවුනා.පුදුමයකට වගේ කඩදාසි වලින් හදපු රොකට් එකක් මල් පෝච්චියෙ මල් අතර තිබ්බා.කඩදාසි රොකට එක අතට ගන්න කලින් මං වට පිට බැලුවෙ “අකී” ඉන්නවද බලන්න ඒත් ඉතින් කවදාවහ් දැකලා නැති අකීව මං කොහෙ අදුන ගන්නද.රෝගින් බලන වෙලාව ලංවෙලා  තවත් එතන රැදෙන්න බැරි නිසා රොකට් එක දිග නොඇරම මං ආයෙත් මගෙ ඇද ලගට ආවා.හිතට අමුතු සතුටක දැනුනා හරියට පුංචි ලමයෙක් ආසාවෙන් හිටිය සෙල්ලම බඩුවක් අතට ගත්තා වගේ.
                            මම පරිස්සමින් කඩදාසි රොකට් එක දිගඇරියා.  නිල්පාට කාබන් පෑනෙන්   ලස්සන චිත්‍රයක් ඒ තනි සුදු කඩදාසියෙ ඇදලා තිබුනා. රෝදපුටුවක ඉදගත්තු ගෑනුලමයෙක් ජනේලයක් පැත්තට මුහුණ ලාගෙන ඉන්න ඒ චිත්රය ඇදලා තියෙන්න ගොඩක් දක්ශ චිත්‍ර ශිල්පියෙක්  කියලා දකින ඕනම කෙනෙක්ට තේරෙනවා.චිත්‍රයට යටින් “අ”යන්න ලොකුවට කැපිලා පේන විදියට චිත්‍ර ශිල්පියෙකුටම ආවේනික කලාත්මක අත්සනක් ගහලා ,එත් එක්කම “ හුදකලා විරාමයේ”කියලා ඒ  හැඩ අකුරින්ම ලියලා තිබ්බා. ඇස් අහකට ගන්න නොහිතෙන කොට මං ඒ චිත්‍රය දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා මං ඒ නිර්මාණය කෙතරම් වින්දාද කීවොත් නිමා මං ලගට එනතුරුත් මට තේරුනෙ නෑ.
“ආ.. මේ මොකද්ද?”
නිමා චිත්‍රය මගෙ අතින් උදුරලා ගත්තා.
“ශා… ලස්සන චිත්‍රයක්”
නිමා චිත්‍රය රසවිදිද්දි ඊලගට මගෙන් ප්‍රශ්න කෝටියක් අහන බව මං දැනගත්තා.
“වාව්.. කොහෙන්ද දිලො මේක”
දිග උත්තරයක් කෙටියෙන් දීගන්න බැරුව මං හිනා උනා විතරයි.
“හිනා නොවී කියපන්කො”
“උත්තරේ දිග එකක් නිමා”
කාලෙකට පස්සෙ යාලුවට දෙන්න තියන දිග උත්තරේ මොකද්ද කියලා නිමා පුදුම වුන බව නම් ඒ මූණ බැලුවම මට තේරුනා.
“ඉතිං කියපන්කො දිග උත්තරේ මට පැයක් තියෙනවා අහන් ඉන්න.”
දිගකතාවකට මුලපුරන්න හිතාගෙන නිමා ලග තිබ්බ ප්ලාස්ටික් පුටුව ඇදලගට ඇදලා අරගෙන ඉදගත්තා. නිසදැස ලියපු කඩදාසි මල ගැන ඊට පස්සෙ එදා කෑම කන තැන උන සිද්දිය එක්කම අද චිත්රය  ලැබුන හැටිත් මං නිමාට විස්තර කලා.
“අපරාදෙ එදා උඹ කිව්ව නම් මට බලන්නත් තිබ්බ කවුද ඒ කියලා.”
“අම්මයි තාත්තයි හිටියනෙ. අනික මටත් හිතාගනන් බැරුව උන්නෙ බං මොනා උනාද කියලා.”
“ම්ම්..හරි හරි බලමුකො අපි”
ගොඩක් දේවල් නොකියා කෙටියෙන් නිමා එහෙම කියපු එක ගැන මට පුදුමත් හිතුන.ඒත් ඉතිං මහ ලොකුවට  කියන්න තරම් දෙයක් කොහොමත් නෑ නෙ කියලා මට පස්සෙ හිතුනා.
“උඹ හිතනවා ඇති මට පිස්සු කියලා නේ”
“උඹ දන්නවනෙ දිලා මං උඹ ගැන එහෙම හිතන්නෙ නෑ  කියලා.”
“මං දන්නවා නිමා උඹට කාටත් වඩා මාව තේරෙනවා”
 “හරි හරි කොහොමෙන් කොහොම හරි උඹට දැන් පාලුවට කවි ලිය ලිය චිත්ර  බල බල ඉන්න පුලුවන්.”
මම හිතනවා වැඩි කියලා නිමාට හිතෙන්න ඇති ඒ නිසාමද මන්දා දුක්බර වෙන්න යන අපේ කතා විලාසය නිමා වෙනස් කරා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

“දිලාංජලී අද මොකද්ද කියවන පොත.”
රෑ වෙලා නිදිමත එනකම් පොතක් කියව කියව ඉද්දි නිලුකා මිස් ඇහැව්වා.
නිලුකා මිස් මට වඩා ඕන්නම් අවුරුදු දෙක තුනක් වැඩිමල් ඇති ඒ හින්දමද මන්දා රෑට නයිට් ඩියුටි කරද්දි ගොඩක්වෙලාවට මාත් එක්ක අනං මනං දේවල් කතා කර කර ඉන්න මිස් මගෙ ඇද ලගට එනවා.
“අද කියවන්නෙ පොලියානා”
“කම්මැලි නැතුව කියවන්න පුළුවන් පොතක් නේද”
“ඔව් මිස් කියවලා තියෙනවද”
“ඔව් ලගදි කියෙව්වා නයිට් එකක් කරද්දි”
“පොලියානා වගෙ දුකක් කරදරයක්  ඇතුලෙත්  සතුටු වෙන්න හේතු හොයාගන්න  පුලුවන්නම් නේද.”
“පොත කියෙව්වට පස්සෙ මටත් හිතුනා ඒත් ඒක පොතක් කියවනවා වගෙ ලේසි නෑ”
“ඒකත් ඇත්ත මිස් හැම කෙනෙක්ටම එහෙම හිත පාලනය කරගන්න බෑ”
“දිලාංජලී ආකාශ් ව දන්නවද?”
මගෙ පොතෙන් වැටිලා ඇද උඩ තිබ්බ “අකී” ගෙ චිත්‍රය අතට අරගෙන බලන ගමන් නිලුකා මිස් ඇහැව්වා.
“ආකාශ්..!! නෑ මිස්, ඇයි එහෙම ඇහැව්වෙ..?”
“මේ චිත්‍රෙ ආකාශ් අදිනවා මං දැකලා තියෙනවා, මං හිතුවා දිලාංජලි ගාව මෙක තියෙද්දි ආකාශ්ව දන්නවා ඇති කියලා”
“ආකාශ්” එහෙනම් ඒකයි “අකි”ගෙ හරි නම දවස් ගානක් තිස්සෙ දැනගන්න උවමනාවෙන් හිටිය දෙයක් දැනගත්තම දැනෙන ජයග්‍රාහී හැගීම මට දැනුනා.
“දිලාංජලීට කොහෙන්ද මේක.”
“අ..අ ර එලියෙ ජනේලය ගාව තිබිලා හම්බුනෙ”
“ආ..හ් , ආකාශ් හොද ටැලන්ටඩ් බෝයි කෙනෙක්”
“එයා මෙහෙ මොනාද කරන්නෙ”
“ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් මාස 3ක් විතර හොස්පිට්ල් එකේ ටිකක් අමාරුවෙන් හිටියෙ කකුලක්   ඩැමේජ්”
“ඉතිං ඇවිදින්නම බැරිද”
ආකාශ් ගැන දැන ගන්න උවමනා නිසා මං තවත් මිස්ගෙන් විස්තර ඇහැව්වා.
“හැමදාටම නෙමෙයි ඒත් සෑහෙන්න කාලයක් ක්ලචර්ස් පාවිච්චි කරන්න වෙයි.”
“පව්”
අච්චර ලස්සන හැකියාවක් තියෙන ආකාශ් ගැන  කියද්දි මට ඉබේම එහෙම කියවුනා.
“ඒක තමා ජීවිතෙ කියන්න දිලාංජලී ජීවිත කාලෙමටම ආයෙ අතපය හොල්ලගන්න බැරි වෙන්න හොදට ඉන්න කොල්ලො කෙල්ලො ඇදට වැටෙනවා මේ ජොබ් එක නිසා මං අනන්ත දැකලා තියෙනවා.උපතින් සදාකාලයටම ඇදට වැටුන අයත් දැකලා තියෙනවා ඒත්  ජීවිතෙ ලස්සනම කාලෙ හිටි හැටියෙ එක්තැන් වෙන්න උනාම උපතින්ම එහෙම ජීවිතයකට පුරුදු වෙච්ච කෙනෙකුට වඩා ඒ දේ  දරාගන්න සාමාන‍‍‍ය ජීවිතයක් ගෙවපු කෙනෙකුට අමාරුයි . අන්න එතකොට  ඔයා ඔය කියවන පොතේ ඉන්න පොලියානා වගෙ හිතන්ඩ පුලුවන් නම් හොදයි .”
“මිස්ගෙ කතාව ඇත්ත මිස් එහෙම උනාම දරාගන්න අමාරුයි තමා”
පුංචි දවස් වල  අත්වින්ද  මතකයන් සිහිපත් කරමින් මං නිලුකා මිස්ගෙ කතාව අනුමත කලා.
“වෙලාවකට මටත් මගෙ කකුල නැති වෙයි කියලා බය හිතෙනවා මිස්”
“දිලාංජලී බය වෙන්න එපා ඔයාට හොද ට්‍රීට්මන්ට්ස් හම්බෙනවනෙ,මොනා උනත් ජීවිතෙ ගැන අසුබවාදිව හිතන්න එපා”
“හම්ම්”
මිස්ගෙ කතාවට මං උත්තර නොදී හීල්ලුවා විතරයි.
 ෴මතු සම්බන්ධයි෴