Pages

Thursday, May 30, 2013

අහස් ගව්ව සිඹින තරම්.. 12 වෙනි දිගහැරුම






“ඊට පස්සෙ උඹ කඩදාසිමල් හැදුවෙ නැද්ද?”

                     හවස්වරුවක  මාව බලන්න ආපු වෙලාවක නිමා මගෙන් ඇහැව්වා. රෝහලේ ඇදකට වෙලා  ඉද්දි දැනෙන පාළුව නිමා එන හින්දා පොඩ්ඩක් හරි මග ඇරෙනවා .සතියෙ දවස් වල හවස හැමදාම වැඩ ඉවර වෙලා නිමා එන හින්දා අම්ම  ආවෙ දවල්ට විතරයි.වැඩට යන්න කලින් තාත්තා උදේට එන්න පුරුදුවුනා.

 “නෑ.. ඒත් දැන් මං දන්නවා අකි ගැන”
නිලුකා මිස්ගෙන් දැනගත්තු විස්තර නිමාට කියන්න ඇත්තටම නොඉවසිලිමත් කමක් මට තිබ්බෙ.
“උඹ මාර දියුණුයිනෙ, කොහොමද දැනගත්තෙ”
“අර ලස්සන නර්ස්  කෙනෙක් ඉන්නෙ නිලුකා කියලා එයා කිව්වෙ”
“ඉතිං කියපන්කො කවුද මේ මිස්ටිරියස් බෝයි කියලා”
නිලුකා මිස් කිව්ව විස්තර ඔක්කොම මං නිමත් එක්ක කිව්වා.
“ආකාශ් ලස්සන නමක්, කොල්ලත් හැන්ඩියා වෙන්න ඇති”
“ලස්සන කියන්නෙ පෙනුම විතරක් නෙමෙයි නිමා”
“හිතත් ලස්සන වෙන්න ඕනා.ඒක නේද උඹ කියන්නෙ”
“ම්ම්”
“හරි හරි, පණ්ඩිත කතා කිව්වා ඇති.අම්මා සව්පිට්ටු හදලා දුන්නා උඹට කමුද”
බෑග් එකෙන් ප්ලාස්ටික් පෙට්ටියක් නිමා එලියට අරගත්තා.
“අපි කෑම කාමරේට යං”
නිමා ගෙනාපු සව්පිට්ටු කන්න හිතාගෙන නිමයි මායි කෑම කාමරයට ගියා.
෴෴෴෴෴෴෴෴
" Hello ..!! dilanjali "
        කාලෙකට පස්සෙ මගෙ ෆෝන් එකට sms එකක් ආව.
නිමා කියපු විස්තරත් එක්ක මේ ආකාශ් වෙන්න ඕනෙ.
“දිලා ..මට එද්දි ආකාශ්ගෙ යාලුවෙක් හම්බුනා”
ඊයෙ ඇවිත් ගියාට පස්සෙ නිමා මට කෝල් කරලා කිව්වම මට පුදුම හිතුනා.
“ඒ කොහොමද..? ”
“අපි කෑම කාමරේට ගිය වෙලේ මං ඔයත් එක්ක ඉන්නවා ඒබෝයි දැකලා මං එනකම් බලාගෙනම ඉදලද කොහෙදො කතා කරා. නිලුකා මිස් එයාලා එක්ක ගොඩක් හිතවත්ලු .ඔයා ලග ආකාශ් ඇදපු චිත්‍රය තියෙනවා කියලා මිස් කියලා.ආකාශ් කාලෙකට පස්සෙ කෙල්ලෙක්ගෙ චිත්‍රයක් ඇදලා තියෙන්න එදා උඹ ජනේලය ගාවට වෙලා ඉන්නවා ආකාශ් ගොඩක් වෙලා බලන් ඉන්නවා ඒ බෝයි දැක්කලු පස්සෙ චිත්රෙයි නිසදැස් සීන් එකයි දැනගත්තම හිතුනලු  ඔයා කවුද කියලා දැන ගන්න”
“ඉතිං චිත්‍රෙ තියන් ඉන්න මමමයි කියලා කොහොමද එයා දන්නෙ.”
“නිලුකා මිස්ගෙන් අහගත්තලු බෙඩ් නම්බර් එක කොහොමත් එදා උඹ උන්න විදියට වෙන්න ඇති දෙන්නගෙන් එක්කෙනෙක්වත් උඹෙ මූණ දැකලා නෑ.”
“ඉතිං එච්චර මහන්සි වෙන්නෙ මොකටද බං”
විස්තර ඔක්කොම අහන් හිටියට පස්සෙ මට හිතුනෙ එහෙමයි .
“මාත් ඒක ඇහුවා ඒක. කකුලක් කඩාගෙන පැත්තකට වෙලා ජීවිතෙ ගැන කලකිරිලා ඉන්න හොදම යාලුවා වෙනුවෙන් මොනා හරි කරන්න ඕනා කියලා හිතුනලු.ඔය දෙන්න අදුනගන්නව නම් හොදයි කියලා හිතෙනවලු”
“ඇත්තටම මාත් කැමතියි නිමා .. ආකාශ්ව අදුනගන්න”
“ගොඩක් දුර හිතලා නෙමෙයි අඩු ගානෙ වෙනස් විදියට හිතන්න යාලුවෙක්වත් උඹට හිටියා නම් හොදයි කියලා මට හිතෙනවා දිලා”
“ම්ම්”
“ඒ බෝයි උඹෙ නම්බර් එක මගෙන් ඉල්ලුවා”
“ඉතිං උඹ දුන්නද”
“ ඒ බෝයිගෙ නරකක්වත් ආකාශ් ගැන අහිතක් වත් හිතෙන්නෙ නැති හින්දා මං දුන්නා දිලා…”

“Hello..!! me akash neda?”
සැකයක් නැති වුනත මේ ආකාශ් මද කියලා දැනගන්න ඕනා හින්දා මං sms එකට රිප්ලයි කරා.

“Ys, dilanjali mama akash  :) ”

   ටික වෙලාවකින් ආයෙත් sms එකක් ආව
නාදුනන ආගන්තුකයෙක් එක්ක sms කරනවා උනත් පුදුමයකට වගේ මට බය හිතුනෙ නෑ.

“Kohomada dan saneepada?”

මොනා sms කරන්නද කියලා තේරුමක් නැතත් මං දිගටම sms කරා.

“Mm.. ow ehema hithamuko ;)  Dilanjalita kohomada?”
“Matath saneepai kiyala  hithamu. :)”
“Dilanjalita sht nme 1k nadda?”
“Akashta aki vage mata dila kiyanava ;)”
“Dila kohomada danne mata aki kiyanava kiyala :o  :o”
“Hik ..!! kohoma hari dannavane  ;)”

තව අනං මනං දේවල් ආකාශුයි මායි චැට් කරා .දැන්නම් ආකාශ් අද අදුන ගත්ත ආගන්තුකයෙක් කියලා මට දැනෙන්නෙම නැහැ.
එදා රෑ මං නින්දට ගියෙ හිත පුරා දැනෙන අමුතුම හැගීමකින් ඒත් ඒ හැගීම මොකද්ද කියලා හොයන්න මං වෙහෙසුනෙ නැහැ.
එදායින් පස්සෙ ගෙවුන හැම දවසකම කෑවද? බෙහෙත් බිව්වද? ඩොක්ටර් මොනාද කිව්වෙ? මේ හැම දෙයක්ම ආකාශ් මගෙත් මං ආකාශ් ගෙත්  හොයා බලන්න පුරුදු උනා. ඇත්තටම ඒ හැමදෙයක් එක්කම  අපි අපේ සිතුවිලි හැගීම් බෙදා ගත්තා.ඉතින් දැන්  අපි අපිට ආගන්තුක නෑ කොහෙත්ම.



“ආකාශ් හොද කොල්ලෙක්,හොද ජොබ් එකකුත් කරනවා”

නිමා ඔක්කොටම කලින් ආකාශ් ගැන හොයාගත්තු විස්තර මට කිව්වා.
“මොනා කරත් මොකටද නිමා මට, මොනා උනත් ආකාශ් හොද යාලුවෙක් ඒක මට තේරෙනවා”
“යාලුකමට මුකුත් කියනවා නෙමෙයි දිලා.ඒත්..”
“උඹ බයයි මං ආයෙත් රැවටෙයි කියලා”
නිමා සම්පූර්ණ  නොකරපු වාකය මං සම්පූර්ණ කලා
“එච්චර දුර යන්න එපා නිමා.. ආදරේට මං තාමත් බයයි”
“මං උඹ ගැන හොදට දන්නවා දිලා..මං ආසයි උඹ ආයෙත් හිනාවෙනවට .හැබැයි උඹට ආයෙ විදවන්ඩ දෙන්න බෑ.”
“ඒ දේවල් ගැන මං හිතන්නෙ නෑ නිමා වෙන දෙයක් වෙච්චදෙන් හැබැයි මං මෝඩ වෙන්නෙ නෑ ආයෙ.”
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


“දිලා .. උඹෙ කකුල වෙනුවෙන් උඹට ඉස්සරහට තව පොඩ්ඩක් දුක් විදින්න වෙයි.”
ඩොක්ටර් තාත්තයි අම්මයි එක්ක මගෙ අසනීපෙ තත්වෙ ගැන කතා කරාට පස්සෙ නිමා මට කිව්වා.කොහොමත් හිත හදන්න ඕනා යමක් තියෙනවා නම් අම්මයි තාත්තයි ඒ වැඩේ බාරදෙන්නෙ නිමාට .නිමා ඒ දේ හරියටම කරන බව අත්දැකීමෙන්ම එයාලා දන්නවා.
“ඩොක්ටර් මොනාද කියලා තියෙන්නෙ..? තව ගොඩක් කල් ඒ කියන්නෙ මට මෙහෙම ඉන්න වෙනවද..? ”
“ටිකක් ඉන්න වෙයි, උඹෙ කකුල වෙනුවෙන් හැමදේම එයාලා කරනවා..ඒ දේවල් කොහොම උනත් හැමදේටම මූණ දෙන්න හයියක් උඹට තියෙනවා මං දන්නවා ඒක”
“ඒ කියන්නෙ මට මගෙ කකුල නැති වෙන්නත් පුලුවන්ද ආ..”
නිමා  පරිස්සමට කල්පනාවෙන් කතා කරනවා කියලා තේරුන හින්දා මම කෙලින්ම නිමාගෙන් ඇහැව්වා.
“අනේ.. එහෙම වෙන එකක් නෑ දිලා, උඹ එච්චර පව් කරලා නෑ”
අන්තිමට නිමාගෙ උත්තරෙත් එක්ක ඉස්සරහට මොනා වෙයිද කියලා බයක් මගෙ හිතෙ හොල්මන් කරන්න ගත්තා.
“හම්ම්ම් ,බලමු”
ජනේලෙන් පේන වලාකුළු පිරිනු අහස දිහා බලාගෙන මම හීල්ලුවෙ උඹට අඩන්න තව කල් තියෙනවා දිලා කියලා මං මටම කියාගෙනයි.
෴මතු සම්බන්ධයි෴


12 comments:

  1. සදත් විල මහා සුභද්‍රාවෝ මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ආහ්..!!
      ස්තූතියි දිලිනි මේ පැත්තට ආවට

      Delete
  2. hodai hodai me para nam ikman wela, lassanai nago itiri tikat denna.

    meka iwara wela potak hatiyata badiyata damu.

    ReplyDelete
    Replies
    1. ඉක්මන් කියන්නෙ හොදටම ඉක්මන් උනා අයියෙ,
      නැතුව නැතුව වෙන කොහෙ දාන්නද බඩියෙ නොදා

      Delete
  3. ithuru tikath ikamanata damu neda nishi....

    GOOD LUCK....

    ReplyDelete
  4. mmmmmm goda dawasakin kiyuwe ikmanata ithuru tika danna nishiyo

    ReplyDelete
    Replies
    1. ඔන්න දුන්නා උමෝ..

      Delete
  5. නෑ... මං නම් හිතන්නෙ එයාට අඬන්න වෙන එකක් නෑ කියලා..

    (මොනවද අෆ්ෆ අර සව් පිට්ටු කියන්නෙ ? )

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා එහෙමත් අඩන්න දෙන්න පුලුවන්ද යසිත් \
      වැලි තලප කියන්නෙත් ඒවට මං හිතෙන්නෙ ඒත් පොඩ්ඩක් වෙනස් ද මන්දා හදන විදිහ..

      Delete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..