Pages

Monday, September 10, 2012

අහස් ගව්ව සිඹින තරම්.. 2 වෙනි දිගහැරුම



අහස් ගව්ව සිඹින තරම්.. 1 වෙනි දිගහැරුම මෙතනින්
                                     චුරු චුරු ගා හීන් වැහි පොදක් ඉරිදා උදේ පාන්දර වෙද්දි තිබුණා.පංති යනවා කියලා හිතාගෙන ඇදෙන් බිමට පැන්නත් එක පාරම දරාගන්න බැරි කොන්දෙ අමාරුවක් දැනුණ නිසා මං ආයෙත් ඇද විට්ටමට හේත්තු නා.
අම්මා.. ගේ දෙවනත් වෙන්න වගේ මං කෑ ගහපු කෑ ගැහිල්ලට අම්මා විනාඩියට දෙකට කාමරේට ආවා.
මොකද සුදු දූ උදෙන්ම ආ..
කොන්ද රිදෙනවා අම්මියො හෙල්ලෙන්න බෑ,
ම්ම්.. ගොඩක් රිදෙනවද කෝ බලන්න උණද?
ම්ම්ම්..ටිකක් විතර උණ වගෙ.
තාත්තත් අද ගෙදර ඉන්න එකේ යමු බෙහෙත් ටිකක් ගන්න..
කොළඹ එයාපෝට් ඩියුටි ෆ්‍රි එකෙ රැකියාව කල තාත්ත ගෙදර උන්නෙ ඉරිදා වියි.
ඕනා නෑ අප්පා.. මේක ඇරිලා යයි..
එහෙම කියලා බෑනෙ උණ හින්දා යන්ඩ .අද පංති යන්ඩත් බෑනෙ..
පංති යන්ඩ බැරි වෙනවනෙ කියලා කියද්දිම උත්පල හිතට ආවෙ විදුලියක් වගෙ.
ම්ම් හරි එහෙනම් මං නිමාට කෝල් එකක් දාන්නම්.......

තාත්තත් එක්ක ගිහින් බෙහෙත් අරගෙන ඇවිත් කියවන්ඩ පොතෙකුත් අරගෙන මං ආයෙත් ඇදට වැටුණා.
"i'm a lonely broken angel........"
ගෙ ජංගම දුරකථනය නාද නා.
නොදන්නා නොම්බරයක් දුරකතනයෙ ස්ක්‍රීන් එක මත නලියද්දි ගන්දෝ නොගම්දෝ දෙගිඩියාවෙන් මං ඒ දෙසටිවෙලාවක් බලාගෙහිටියා.
හෙලෝ..
අනෙක් පසින් ඇහුණෙ පිරිමි කටහඩක්.
දිලාංජලිද
ඔව්ව්ව්ව්...කවුද මේ
මං උත්පල
මොහොතකට හුස්ම නතරවෙන්නට මෙන් යද්දි වෙවුලන හඩින් මං ඒ නම නැවතත් ප්‍රතිරාවය කලා.
දැන් කොහොමද සනීපද
හම්ම්..සනීපයි..
නිමාලි කිව්වා ඔයාට සනීප නෑ කියලා ඒකයි බලන්න ගත්තෙ..
ඔහුට මගෙ දුරකථන නොම්බරයද දෙන්න ඇත්තේ නිමාලි වෙන්ති.
දැන් හොදයි බෙහෙත් ගත්තා..
ලබන සතියෙ එනවනෙ එහෙනම් නේද
ඔව් එන්න පුළුවන් වෙයි.
එන්නම ඕනෙ නැත්තම්  පාළු හිතෙයි..... කට්ටියටම
තත්පර කීපයක් කතාවක් නැතුවම උත්පලත් මාත් නිහඩ වූනා. 
දෙයිනෙ ඒත්  එහා පැත්තෙන් ඇහෙන උත්පලගෙ සුසුම් වල හඩින්  මං සසල වුණ තරම්..
දිලා.. ඔයා ඉන්නවද
ඔව් උත්පල කියන්න.
එහෙනම් ඉක්මනටම හම්බෙමු ,බායි දිලා..
බායි... උත්පල තෑන්ක්ස් කෝල් කරාට..
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
දවස් 4ට විතර පස්සෙ උණ ගතිය අඩුවෙලා වෙනදා වගෙ ඇවිදගන්න පුළුවන් වෙලා තිබ්බ නිසා මගෙ නිල් පාටට හුරු පුංචි ලේඩිස් බයිසිකලේ නැගිලා නිමාලිලා ගෙදර ගියෙ ලොකු කලු ගලක් තියලා වගෙ තද කරන් ඉන්න හිත නිමාලි එක්ක ඉද්දිවත් සැහැල්ලු වෙයි කියලා හිතලයි.
උඹට තරූ .. කතා කරාද?
සැප දුක් අහන්න නම් කතා කරා...ඇයි? තරූට මුකුත් ප්‍රශ්නයක්ද..
මොන ප්‍රශ්නද බං ඒකිට. අපිට තිබ්බත් තරුවට කොහෙන්ද ප්‍රශ්න.
එහෙනම්.. නිකන් අමුතු විදියට ඇහැව්වෙ කතා කරාද කියලා.
තරූලගෙ ගමේලු බං උත්පල
නෑ.. උත්පල ක්ලාස් එන්නෙ නිගම්බු ඉදන්මයි කිව්වෙ .. එන්නෙත් බයිසිකලේ නෙ.
නෑ බං ,උත්පලගෙ මාමා කෙනෙක්ගෙ ගෙයක් තියනවලු එහෙ ඉදලාලු එන්නෙ.
උඹ කොහොමද එච්චර විස්තරයක් දන්නෙ.
තරූ.. කිව්වෙ. තරූගෙ අයියගෙ යාළුවෙක්ලු උත්පලගෙ අයියා.දවසක් මොකද්ද  වැඩකට තරූගෙ අයියව හම්බෙන්න උත්පල ඇවිත් අයියත් එක්ක එතකොට තමා තරූ දැනගෙන තියෙන්නෙ.
ඉතින් තරූ.. කතාකරලද උත්පල එක්ක.
ක්ලාස් එකේ පණ දෙන්න වගෙ හිටියට අයිය හිටපු හින්දද මන්දා උත්පල වැඩි කතාවට ඇවිත් නෑ. තරුත් ඉතින් පැනලා කතාවට ගිහින් නෑ.
අයියලා දෙන්නෙක් ඉන්නවලු උත්පලට , ලොකු අයියා ඉන්නෙ ඩුබායි වලලු,තාත්තා නිගම්බු ඉන්න එයාලගෙ මාමාගෙ බිස්නස් වලට හෙල්ප් කරනවලු..
අම්මෝ..තරූව හොයන් තියන විස්තර ගොඩ.
වැඩියෙ පිටට පෙන්නන්නෙ නැති උනාට උත්පල උඹ ගැන උනන්දුයි කියලා තරුවටත් තේරෙනවනෙ.
වෙන කෙල්ලන්ට වගෙ නෙමෙයි උඹට කවදාවත් කොල්ලෙක් නිසා දුක් විදින්න හයියක් නෑ කියලා දන්න නිසා තරුවත් පොඩ්ඩක් විස්තර හොයලා තියෙන්නෙ.
උඹත්  ගල් බොරළු දාල වගෙ හිතයට ඔය තද කරන් ඉන්න ඔක්කොම දේවල් දවසක ගංවතුර දැම්ම වගෙ උතුරලා පිටාර ගලනවා කියලා මටත් හිතෙනව දිලා...
දෙතොල් අග හීනියට වගෙ ඇදුන හිනාවකින් විතරක් මං නිමා..දිහා බැලුවට.. ඒ හිනාව අස්සෙ තියන කතාව නිමාට තේරුම් ගන්න පුලුවන් කියලා මං දන්නවා........

                                                                                   වෙනදටත් වඩා හැඩ වැඩ වෙලා නිමාත් එක්ක මං ක්ලාස් ගියෙ ඇත්තටම අමුතුම උවමනාවෙකින්.මටත් හොරා මගෙ හිත හිතුවක්කාර වෙලා කියලා මට මොහොතකට හිතුණා..
ඒත් හිතේ තිබ්බ සතුටත් හොරු අරන් ගියා වගෙ දැනුනෙ උත්පල ක්‍ලාස් ඇවිල්ලා නෑ කියලා දැන ගත්තමයි.
අද මොකද උත්පල ආවෙ නැත්තෙ වරුණ.
ඉන්ටවල් එක වෙලේ  තරු ගෙනාපු බත්මුලත් ලිහාගෙන වරුණලත් එක්ක කමින් ඉද්දි නිමා වරුණගෙන් ඇහැව්වෙ මගෙ හිත ගැන ඉව වැටුන නිසා වෙන්න ඇති..
කවුද දන්නෙ බං, උත්පලයත්  අපිත් එක්කම හිටියට මහ අමුතු එකානෙ කරන දෙයක් කියන්නෙත් නෑ. කෙරෙන දෙයක් කියන්නෙත් නෑ ඔක්කොම ඌයි ඌගෙ හිතයි තමා.
ගිය සතියෙත් උත්පලව නොදැක හිතට දැනුනු පාළුව නිසාම ඒ මූණ බලලා මොහොතක් හරි සැනසෙන්න හිත මුරණ්ඩුකම්කරා. එත් අනවසරයෙන් බලෙන්ම වගේ   හිතට රිංගලා මෙච්චරම හිත අසරණ කරන උත්පල මං ගැන් පොඩ්ඩක් හරි හිතනවනම් යාලුවෙක් අතේ හරි එන්නෙ නැති හේතුව වත් දනවලා එවන්න තිබ්බ නේද ..හම්ම්ම්. ඒත් එහෙම කරන්න තරම් අපි අතර ඇති බැදීම මොකද්ද  මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කරා..

                                    මතුසම්බන්ධයි..

12 comments:

  1. මට පේන්නේ නොපෙන්නුවට උත්පල ගැන හිතන පාටයි හික් හික්

    ReplyDelete
    Replies
    1. හොර හිතනෙ කවියො ..මෙයාගෙ

      Delete
  2. නියමයි ලස්සනයි ෆුල් ඉන්ට්‍රස් කතාව,,, ටිකක් වැඩියෙන් දැම්මනම් හොදා නේද?
    ( අම්මපා මුන් ක්ලාස් යන්නේ මේවටද? ඉංග්‍රිසි ඉගෙන ගන්නේ මෙහෙමද? ) හැක් අනේ කාලේ වනේ වාසේ....

    ReplyDelete
    Replies
    1. වයසෙ වැරැද්දනෙ බොල ශාවෝ.. මං ඉතින් කියන්නෙ නෑ මෙයා කොරපුවා ඒ කාලෙ..හික්.. අපිට ආරංචි :p

      Delete
  3. uthpalata adarei neda..?wedipura daaaaaaaaannaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
    Replies
    1. ඒ වගෙ තමයි ටුටියො බලමුකො..
      හරියෝ.......වැඩිපුර දාන්නම් ඊලග පාර

      Delete
  4. ලස්සනයි නගා දිගටම ලියන්න

    මන් ඩොක් අයියා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.. මේ පැත්තට ආවට සතුටුයි ආයෙත් එන්න ..

      Delete
  5. මේක ගොඩාක් හොදයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩොකා අයියා...:)

      Delete
  6. oyage kathawa harima lassanai nishiyo mama deparak kiyuwa ikamanata ithuru tika denna hoadada

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උමා.. ඉක්මනටම මං ඉතුරුටික දෙන්නම්..

      Delete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..