Tuesday, September 25, 2012
අහස් ගව්ව සිඹින තරම්... 5 වෙනි දිගහැරුම
කලින් කොටස් මෙතනින් බලන්න
අහස් ගව්ව සිඹින තරම්..4 වෙනි දිගහැරුම
උත්පලගෙ ලියුම මගෙ අතට දී නිමා ගිය පස්සෙ මං ලියුම දිග ඇරියෙ ගොඩක් නොඉවසිල්ලෙන්...
ආදර දිලා,
මට ඔයා එව්ව ලියුම හම්බුනා.ඔයා කිව්ව වගේ මං එන්නම් ඔයාගෙ තාත්තව හම්බෙන්න හැබැයි දිලා මං ඔයාට නොකියපු දෙයක් තියෙනවා කියන්න ඒක මං ඔයාගෙන් හංගන්න හැදුවා නෙමෙයි මට ලබන සතිය වෙද්දි ජපන් යන්න වෙනවා. මගෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් හැම දෙයක්ම කරගත්තෙ ඉතින් මට අවුරුද්දු 2 වත් ඉන්න වෙනවා.ගිහින් ආවට පස්සෙ තමයි මට ඔයාලගෙ ගෙදර එන්න වෙන්නෙ එතකන් පොඩ්ඩක් ඉවසමු .මං එන සිකුරාදා මෙහෙන් පිටත් වෙනවා ඊට කලින් පුලුවන්නම් මාව මීට් වෙන්න .
මීට
උත්පල
මං ඇස් අදහගන්නට නොහැකිව උත්පලගේ අත්අකුරු දිගේ නැවතත් නෙත් යැව්වා.මෙච්චර ලොකු තීරණයක් තනියම ගන්නට තරම් උත්පලට මා නොවැදගත් චරිතයක්දැයි මගෙ හිත කෑ ගැහැව්වා.
කල යුත්තේ මොනාද වෙන්නෙ මොනාද කියලා කිසි නිනව්වක් නැතිව මං කාමරේ එහා මෙහා කැරකුනා. නොනවත්වා උල්පතක් මෙන් ඇසට උනන කදුලු පිසදාමින් අවසානයේ කෙසේ හෝ උත්පලව මුණ ගැහෙන්න මම තීරණය කලා...........
කොහොම හරි ගෙදරින් එලියට පැන ගන්න කොච්චර උවමනා උනත් පහුගිය සති දෙකටම අම්මගෙන් කොහෙවත් යන්න අහන්න හයියක් මට තිබ්බෙ නෑ ඒත් ආයෙත් අවුරුදු ගානකට දකින්න නොලැබෙන ඒ මූණ දැක බලාගන්න ඇති උවමනාව නිසාම අවසානයේ පුස්තකාලයට හෝ යන්නට අම්මගෙන් අහන්න මං ඉටා ගත්තා.
බ්‍රහස්පතින්දා හවස හොර වැඩක් කරන්න යන හිත වේගෙන් ගැහෙද්දි ඇන්තූරියම් මල් වලට සාත්තු කරමින් උන්න අම්ම ලගට මම කිට්ටු උනා.
අම්මා..
ම්ම්..
කම්මැලි අම්මා. කියවන්න පොතක්වත් නෑ පුස්ථකාලෙට ගිහින් එන්නම්.
කර කර උන්න වැඩේ මොහොතකට නවත්තලා අම්මා මං දිහා බැලුවේ සැකෙන් වගේ.
ඇයි තාත්තා ගෙනත් දුන්න පොත් කියවලා ඉවරද?
අනේ අම්මා ඒවා ඉවර කරලා කොච්චර කල්ද
ම්ම්..හරි ගිහිල්ලා එන්න හැබැයි එහෙ මෙහෙ රස්තියාදු වෙලා අහුවෙන්නෙ නෑ
පුංචි තරවටුවක් කරලා හරි මෙච්චර ලේසියෙන් එලියට යන්න අවසර දුන්න එක ගැන හිතින් අම්මට පින් දිදි ඉක්මනටම ඇදුමක් දාගෙන පුරුදු වාහනයෙන්ම මං එලියට බැස්සා.
කෙලින්ම කතා කරලා කියන්න බැරි උනත් නිමාගෙ අතේ උත්පලට කියා යැවූ විදියටම හරියටම 4 වෙද්දි මං පුස්ථකාලයට ආවා.
හතරයි කාල වෙද්දිත් උත්පල නැතුව යද්දි කවදාවත් නොදැනුනු බයක් මගෙ හිත පුරා නලියන්න ගත්තා.
පුස්ථකාල බිමේ කෙලවරකට වෙන්න තිබ්බ බංකුවක වාඩි වෙලා ඉස්සෙල්ලාම උත්පල මට ආදරෙයි කිව්ව තැන දිහා මං බලාගෙනම උන්නා.අපේ ආදරේ පටන් ගත්තු මේ බිමේදිම අපේ ආදරෙත් අවසාන වෙයිදෝ කියන හැගීම මගෙ ඇස් වලට කදුළු ගෙනාව.
දිලා..
උත්පලගෙ හඩින් මං එකවරම ගැස්සී ගියා.
උත්පල..
දෙනෙතට නැගුන කදුලු පිසදමමින් මං හිනා උනා.
ඇයි මේ අඩලා
ආයෙමත් අලුත් කරගත්තු හිනාවකින් මන් උත්පල දිහා බලාගෙනම උන්නා
එන එකක් නෑ කියලා හිතුනා.
පිස්සු ද ළමයො හෙට යන්න ලෑස්ති කරගන්න දේවල් ගොඩක් තියෙන්වා ඒකයි පොඩ්ඩක් පරක්කු උනෙ.
හෙට කීයටද යන්නෙ
අහන්න දේවල් ගොඩක් මුවට ආවත් මං උත්පලගෙන් ඇහැව්වා.
පාන්දර 4 වෙද්දි යනවා මෙහෙන් 7.45 ට ෆ්ලයිට් එක තියෙන්නෙ
ම්ම්..පරිස්සමින් ගිහින් එන්න.
කිව යුතු එකම දේ ඒ යැයි සිතාගෙන මං කිව්වා
දිලා..
මං අහන්නම ආසා හඩින් උත්පල කතා කලා
මා එක්ක තරහා නෑ නේද
අනේ නෑ උත්පල ඔයා කොහොමත් ඔහොම පිලිවෙලක් වෙන එකට මට සතුටුයි.
ඔව් දිලා මෙහෙම ගියෙ නැත්තන් කවදාවත් මට ඔයාව ලං කරගන්න බැරි වෙනවා.
අහන්න දේවල් කොච්චර තිබ්බත් ඒ හැම දෙයක්ම උත්පලගෙ කතාවට යටයි නේද කියලා හිතාගෙන ආයෙත් අවුරුදු ගානකට නොදකින් ඒ මූණ දිහා බලාගෙන මං හිනා උනා.ඕනා වෙලා තියෙන්නෙ අඩන්න උනත් හොද ගමනක් යද්දි එසේ නොකල යුතුයි හිතුන නිසාම අමාරුවෙන් නොහඩ ඉන්න මං වගබලාගත්තා.
කවදාවත් වෙනස් වෙන්නෙ නෑ නේද
උත්පලගෙ උරහිසට ඔලුව තියාගෙනම මං ඇහැව්වා
කවදාවත් නෑ දිලා..මාව විශ්වාස නැද්ද ආ..
විශ්වාසයි දෙයියනේ ඒත් බයයි ඔයා නැති උනොත් මං මැරෙයිනෙ
නොහඩා ඉන්න හිතාගෙනම උන්නත් එක් වරම මට ඇඩුණා.
හරි මං දැන් යන්නම් දිලා.. හෙට යන්න ඕනානෙ අඩන්නෙ නැතුව ඉන්න දැන්.
හා කියනවා ඇර එපා කියන්නට බැරි කොට මං උත්පලගෙ නලලට හාදුවක් දී හිද උන් තැනින් නැගිට්ටෙ තවත් මෙතන හිටියොත් මහ හඩින් හඩන්නට වේ යැයි දැනුනු බයටත් එක්කයි.
නින්දත් නොනිද්දත් අතර වැඩි වේලාවක් අඩමින්ම මම රැය පහන් කරා උදෑසන 5 වෙද්දි තවත් නින්දක්නම් මං අහලකටවත් ආවෙ නෑ.තව පැය දෙක තුනකින් උත්පල මගෙන් ගොඩාක් දුර යනවා කියලා දැනෙද්දි මගෙ ඇස් වල කදුලු ආයෙත් අලුත් උනා.කිව්ව වගේම දවසක මගෙ තාත්තගෙන් උත්පල මාව අහන්න ඒවි කියන බලාපොරොත්තුවෙන් මං මගෙ හිත හදාගන්න උත්සහා කරා.
ඔබ මගෙමයි කියා
හිත හීනයක් හැදුවා
ඒ හීනේ මට තියා
යනවද ඈතට ඔයා..
හිත හදාගන්න විදියක් නැති කොට මගේ ඩයිරියෙ මම ලියා තැබුවා. ඉද හිට හිතට එන දුකක් සතුටක් වචනයට පෙරලන එක මට ඇත්තටම සැනසිල්ලක් උනා.
පොතක් කියවන්නද,මැහුමක් ගොතන්නද අද දවස ගෙවා ගන්න එක මට ලොකු ප්‍රශ්නයක් වෙලා.දවල් 2ත් පහුවෙලා උත්පල දැන් කොහෙ ඇද්ද ජපන් වලින් බහින්න තව කොච්චර වෙලා යයිද කිසිම දෙයක් හිතාගන්න බැරිව මං ඇදටම වෙලා උන්නා.උත්පලගෙ ගෙදර අයවත් අදුන ගෙන නොහිටීම ගැන මුල්ම වරට මට ලොකු පසු තැවීමක් දැනුනා.දැන් ඉතින් උත්පලම කතා කරනකන් මං සිටිය යුතු නොවෙද.
සුදු දූ කන්නෙ නැද්ද ආ
ලගටම ඇවිත් අම්මා කතා කරනකන් මං නොකෑ බව මට ගානක් උනේ නෑ
බඩගිනි නෑ අම්මා
මොකද නැති වෙන්නෙ ආ..උදේට කාලත් නෑ.
අනේ මට කන්න බෑ අම්මා
අම්මාගෙන ගැලවිය නොහැකි බව දැන දැනම මං උත්තර දුන්නා.
කෝ බලන්න සනීප නැද්ද
නලලට අත තබා උන බලමින් අම්මා විමසද්දි අම්මා ගැන් උපන් අසීමිත සෙනෙහසකින් මගෙ හිත පිරී ගියා.
ටිකක් රස්නෙයිනෙ පුතේ..අමාරුද
රාත්‍රිය පුරා අඩපු නිසත් එකපාරම ඔරොත්තු නොදෙන දුක නිසත් මට උණ ගැනීම අරුමයක් නෙමෙයි.
ඇගත් ටිකක් රිදෙනවා අම්මා
ඉන්න මං කොත්තමල්ලි පස් පන්ගුව තම්බන්නම් ..අඩු උනේ නැත්තම බෙහෙත් ටිකක් ගමු .
මොනා හරි කමු දු නැතුව පැනඩෝල් එකක්වත් බොන්න බෑ නෙ.
හම්ම්ම්..කමු අම්මා
තවත් අම්මට කරදර දිය නොහැකිව මං කිව්වා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
සතියකටත් වඩා ගත උනා.තවමත් උත්පලගෙන් ආරංචියක් නෑ විටින් විට නිමා..ගෙන් ඇහැව්වත් නිමාටත් ඒ ගැන කිසි දෙයක් ආරංචි වෙලා තිබ්බෙ නෑ.හිතේ දුකටත් බයටත් මාව තව තවත් අසනීප උනා
පහු උන දවස්වල එක රැයක්වත් හරියට නින්දක් මගෙ අහලකටවත් ආවේ නෑ .
දූ.. මෙන්න යාලුවෙක් ඇවිත්.
කාමරය වී කල්පනා කර කර ඉද්දි අම්මා සාලයේ ඉදගෙන කෑ ගැහැව්වා.
අවුල් වී ගිය කොන්ඩය පීරගෙන මං දඩි බිඩියෙ තරප්පු පෙල බැහැගෙන සාලෙට ආවා
ආනේ තරූ..
උස මහත ලස්සන ඉලංදාරියෙක් එක්ක ඇවිත් උන්න තරූ මාව වැලදගත්තා.
ඇති යාන්තම් උඹට මෙහෙට එන පාර මතක් උනා.
අනේ එහෙම අමතක වෙනවද බං දන්නවනෙ වෙඩින් එක නිසා වැඩ ටිකක් වැඩි නේ
අවුරුදු 3ක ආදරයක ප්‍රතිපලයක් විදියට තරූ ලගදීම විවාහ වෙන බව මං දැනන් උන්නා.
උඹ කෙට්ටු වෙලා දිලා
තරූ මං දිහා අනුකම්පාවෙන් බලන් කිව්වා.
උත්පල ගැන මුකුත් ආරංචියක් නැද්ද තරූ
ඒක කියන්න තමයි කෙල්ලෙ මං මේ දුවන් ආවෙ.
තරූගෙ වචන අදහගත නොහැකිව මං තරූගෙ අත තදින් අල්ලගත්තා.
උත්පල කෝල් කලා දිලා..උඹට කතා කරන්න ඕනා කිව්ව
අනේ මං කොහොමද කතා කරන්නෙ තරූ
ම්ම් මේක තියාගනින්
හෑන්ඩ් බෑගයෙන් පුංචි හෑන්ඩ් ෆෝන් එකක් එලියට ගෙන තරූ මගෙ අතට දුන්නා.
ඕක මගෙ පරණ ෆෝන් එක කෙල්ලෙ උඹ තියාගනින්,උත්පල උඹට කෝල් කරයි .
අනේ උඹට පින් තරූ..
හරි හරි ,එත් උඹ මේ ආදරේට අහිංසක වැඩි දිලා..
හ්ම්ම්,, දැන්නම් මටත් එහෙම හිතෙනවා තරූ.
උත්පල උඹට ඇත්තටම ආදරෙයිද නැද්ද කියන්න මං තාමත් දන්නෙ නෑ බං මොනා උනත් ඕනාවට වඩා අහිංසක වෙන්න එපා කෙල්ලෙ ඒක හැමතිස්සෙම ගැලපෙන්නෙ නෑ.
තරූගෙ කතාවෙ ඇත්තක් ඇතැයි මටද හිතුණා.ඒත් උත්පලට මේ හිතෙ ඇති උන ආදරය කොහොම අඩුතක්සේරු කරන්නද මේ ආදරේ මිරිගුවක් උනත් ඒ පස්සෙම දුවගෙන ගිහින් හති වැටෙන්නට හරි මේ හිත ලෑස්ති වෙලා ඉන්න හැටි මටම පුදුමයි.
එහෙනම් මං යන්නම් දිලා.. වෙඩින් කාඩ් එක දෙන්න මං ආයෙ එනවා හොදෙ.
හා තරූ මොනාහරි වෙන්න තියනවා නම් කියන්න
මට සමුදී කාරයට නැගුනු ආදරවන්තයන් දෙස මං බලාගෙනම උන්නා උත්පලත් එක්ක මේ විදියට යන්න එන්න අපේ වෙඩින් එකට සූදානම් වෙන්න මගෙ හිතෙත් කොච්චර හීනද ,පපුව පුරා හීන් රිදුමක් දැනෙද්දි මං ඉහලට ගත් ලොකු හුස්මක් වාතලයට මුසු උනා.
මුළු දවසම ඔහේ ගෙවිලා ගියා. කොයි මොහොතක හරි උත්පල කෝල් කරයි කියන බලාපොරොත්තුවෙන් මං වෙනදට වඩා සැහැල්ලුවෙන් උන්නා.
රෑට කෑම කාලා ඇවිත් මෙට්ටය යට සගවන් උන්න ෆෝන් එක මං අතට ගත්තෙ උත්පල කතාකරලද කියලා හිත හිත.
පිට රට නොම්මරයකින් ඇවිත් තියෙන මිස්ඩ් කෝල් එක දකිද්දි ෆෝන් එක දමා යන්න උන එක ගැන ඇති උනේ පසුතැවීමක්.
ඇදට වෙලා ෆෝන් එකත් අතේ තියාගෙනම මං ආයෙමත් උත්පලගෙන් ඇමතුමක් බලාගෙනම උන්නා
දන්නෙම නැතුව නින්ද ගිහින් තියෙද්දි ෆෝන් එකේ දෙදරුමට මං ඇහැරුනා.
උත්පල..
උතුරා යන සතුටකින් මම දුරකතනය කනේ තියා ගත්තා.
දිලා..නිදිද
නෑ උත්පල කියන්න ඔයා හොදින්ද
මං හොදින් දිලා.. සොරි කතා කරන්න පරක්කු උනාට
කමක් නෑ උත්පල ඔයා හොදින්ද කියලා දැන ගන්නයි මට ඕනා
මං ගැන බය වෙන්න එපා මෙහෙ කිසි ප්‍රශ්නයක් නෑ..ඔයා හොදින් ඉන්න
ආයෙ කතා කරනවා නේදා ආ..
පුලුවන් විදියට කතා කරන්නම්..
තවත් විනාඩි 15 ක් විතර උත්පලත් එක්ක කතා කර කර උන්නට පස්සෙ කොට්ටෙත් තුරුල් කරගෙන මං දෙනෙත් පියාගත්තෙ සතියක් තිස්සෙ හරි හැටි නින්දක් නොලබපු හැම රැයකටම හරි යන්න අද රැයනම් සුව බර වෙනු ඇතැයි සිතමින්.
මතුසම්බන්ධයි.
Subscribe to:
Post Comments (Atom)
Good Luck Sis....
ReplyDeletetnx sis
ReplyDeleteලස්සනයි... ඊළඟ කොටසත් ඉක්මනට දාමු ... :)
ReplyDeleteස්තුතියි පනුච්චියෙ ඊලග කොටසත් ඉකමනට දාන්නම් .. :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමට කතාව මුල ඉඳල කියවන්න වෙනෝ..නිදහස් වෙලාවක කියවන්නම් හ්ම්ම් :) ජය!
ReplyDeleteඑහෙනම් නිදහස් වෙලාවක් ඉක්මනටම හොයාගෙන කතාව කියවන්නකො හිරු..
Deletelassanama lassanai nishiyo uthpala dilata aththatama adarei wage neda
ReplyDeleteපේන්නෙ නම් ඒ වගේ තමා නේද උමා,,
Deleteවෙනදා වගෙම අපුරුයි ...........
ReplyDeleteවෙනදා වගෙම කියෙව්වට ස්තුතියි.. :)
Deleteයකඩෝ මෙහෙමත් කොල්ලො ..රට යන්න සතියක් තියෙද්දියි තමන්ගෙ කෙල්ලට කියන්නෙ... අනේ මට අහු උනානම් ඔහොම එකෙක් පතුරු ගහනවා
ReplyDeleteඅපරාධෙ බොට අහුවෙන්න තිබ්බෙ උත්පලව,
Deleteමම කිවුවා මේකිට මාව අදරෙස්හෙට ගන්න කියලා ඇහුවේ නැනේ :පි
Deleteඅයි යයියෝ............
ReplyDeleteමක්කෙයි උනේ :)
Deleteතද වෙනවා මේවා දකින කොට, ඇයි මට කලින් නොකිව්වේ. මන් මේ පාර අන්තිම වෙලා නේද. අයියියෝ සංසාරේ කිව්වලු.
ReplyDeleteනිෂියෝ මොකෝ මේ දීලා සහ උත්පල මෙච්චර බයවෙන්නේ. අනේමන්දා මේ කෙල්ල මොන කොරගනිද කියලා.
කථාව බොහොම හොදා දිගටම ලියන්න.
ඔයා පේන්න හිටියෙ නෑ නෙ අයියා එකටම කියන්න.
ReplyDeleteදිලා සහ උත්පල බයවෙලාද?
කෙල්ල නම් මොනා කරගනීද කියන්න බෑ තමා
මං හිතුවා මූ හරියන එකෙක් නෙමෙයි කියලා......
ReplyDeleteකුකුල් නාම්බා..... නොදකින් තමන් ආදරය කරන කෙල්ලට රට යනවා කියලා කියන්නේ මෙහෙමද ? ෂික්....
මෙ ගොන් හටනත් ඉතින් මෙලෝ දානයක් තෙරුම් ගන්න එකක් යෑ....
කතාව හොදා නියමයි දිගටම ලියන්න.. එහෙනම් සුබ ඈ....!!
උත්පලට කුකුල් නාම්බා කිව්වා කියමුකො එතකොට ගොන් හටන දිලාද??? :0 :0
ReplyDeleteහික් .. නම් දෙක ගැලපෙනවාත් වගෙද මන්දා.
දිගටම ලියන්නම් දිගටම බැලුවෙ නැත්තන් සුබ නෑ .. ඈ.. :p
මැද්දෙන් කියවන්න ගත්තොත් කතාව තේරෙන්නේ නැති වෙයි ඒක නිසා හෙමින් සැරේ ඔක්කොම ටික කියවන්නම් කෝ :)
ReplyDeleteහරි මඩයො එහෙනම් අනිවා.. කියවන්නකො :)
Deleteමුල ඉදන්ම කියවන්න ඕනේ
ReplyDeleteඅනිවා.. කියවන්න :)
Deleteඅනේ යකෝ බෝල අක්කේ මගේ අහ පොට්ට කොරන්නද හදන්නේ බොලා (බැක්ග්‍රවුන්ඩ් කලර් එක් වෙනස් කොරන්නකෝ අනි )
ReplyDeleteහොදයි වගේ කතාව මුල ඉදලා බලාගෙන එන්නම් අනි උම්ම්ම්ම්ම්ම්ම්ම්මා හොදේ
බොලාගෙ ඇස්වල අමුතුවෙන් මොනා පොට්ට කරන්නද? :p
Deleteහරි හරි මුලඉදන් බලන්නකො ,තන්කු ඔදෙ
This comment has been removed by the author.
ReplyDelete