"Hello ..!! dilanjali"
කාලෙකට පස්සෙ මගෙ ෆෝන් එකට sms එකක් ආව.
නිමා කියපු විස්තරත් එක්ක මේ ආකාශ් වෙන්න ඕනෙ.
“දිලා ..මට එද්දි ආකාශ්ගෙ යාලුවෙක් හම්බුනා”
ඊයෙ ඇවිත් ගියාට පස්සෙ නිමා මට කෝල් කරලා කිව්වම මට පුදුම හිතුනා.
“ඒ කොහොමද..? ”
“අපි කෑම කාමරේට ගිය වෙලේ මං ඔයත් එක්ක ඉන්නවා ඒබෝයි දැකලා මං එනකම් බලාගෙනම ඉදලද කොහෙදො කතා කරා. නිලුකා මිස් එයාලා එක්ක ගොඩක් හිතවත්ලු .ඔයා ලග ආකාශ් ඇදපු චිත්‍රය තියෙනවා කියලා මිස් කියලා. ආකාශ් කාලෙකට පස්සෙ කෙල්ලෙක්ගෙ චිත්‍රයක් ඇදලා තියෙන්න එදා උඹ ජනේලය ගාවට වෙලා ඉන්නවා ආකාශ් ගොඩක් වෙලා බලන් ඉන්නවා ඒ බෝයි දැක්කලු පස්සෙ චිත්ත්‍රෙයි නිසදැස් සීන් එකයි දැනගත්තම හිතුනලු ඔයා කවුද කියලා දැන ගන්න”
“ඉතිං චිත්‍රෙ තියන් ඉන්න මමමයි කියලා කොහොමද එයා දන්නෙ.”
“නිලුකා මිස්ගෙන් අහගත්තලු බෙඩ් නම්බර් එක කොහොමත් එදා උඹ උන්න විදියට වෙන්න ඇති දෙන්නගෙන් එක්කෙනෙක්වත් උඹෙ මූණ දැකලා නෑ.”
“ඉතිං එච්චර මහන්සි වෙන්නෙ මොකටද බං”
විස්තර ඔක්කොම අහන් හිටියට පස්සෙ මට හිතුනෙ එහෙමයි .
“මාත් ඒක ඇහුවා ඒක. කකුලක් කඩාගෙන පැත්තකට වෙලා ජීවිතෙ ගැන කලකිරිලා ඉන්න හොදම යාලුවා වෙනුවෙන් මොනා හරි කරන්න ඕනා කියලා හිතුනලු.ඔය දෙන්න අදුනගන්නව නම් හොදයි කියලා හිතෙනවලු”
“ඇත්තටම මාත් කැමතියි නිමා .. ආකාශ්ව අදුනගන්න”
“ගොඩක් දුර හිතලා නෙමෙයි අඩු ගානෙ වෙනස් විදියට හිතන්න යාලුවෙක්වත් උඹට හිටියා නම් හොදයි කියලා මට හිතෙනවා දිලා”
“ම්ම්”
“ඒ බෝයි උඹෙ නම්බර් එක මගෙන් ඉල්ලුවා”
“ඉතිං උඹ දුන්නද”
“ ඒ බෝයිගෙ නරකක්වත් ආකාශ් ගැන අහිතක් වත් හිතෙන්නෙ නැති හින්දා මං දුන්නා දිලා…”
“Hello..!! me akash neda?”
සැකයක් නැති වුනත් මේ ආකාශ් මද කියලා දැනගන්න ඕනා හින්දා මං sms එකට රිප්ලයි කරා.
“Ys, dilanjali mama akash ”
ටික වෙලාවකින් ආයෙත් sms එකක් ආව
නාදුනන ආගන්තුකයෙක් එක්ක sms කරනවා උනත් පුදුමයකට වගේ මට බය හිතුනෙ නෑ.
“Kohomada dan saneepada?”
මොනා sms කරන්නද කියලා තේරුමක් නැතත් මං දිගටම sms කරා.
“Mm.. ow ehema hithamuko ;) Dilanjalita kohomada?”
“Matath saneepai kiyala hithamu. :)”
“Dilanjalita sht nme 1k nadda?”
“Akashta aki vage mata dila kiyanava ;)”
“Dila kohomada danne mata aki kiyanava kiyala :o :o”
“Hik ..!! kohoma hari dannavane ;)”
තව අනං මනං දේවල් ආකාශුයි මායි චැට් කරා .දැන්නම් ආකාශ් අද අදුන ගත්ත ආගන්තුකයෙක් කියලා මට දැනෙන්නෙම නැහැ.
එදා රෑ මං නින්දට ගියෙ හිත පුරා දැනෙන අමුතුම හැගීමකින් ඒත් ඒ හැගීම මොකද්ද කියලා හොයන්න මං වෙහෙසුනෙ නැහැ.
එදායින් පස්සෙ ගෙවුන හැම දවසකම කෑවද? බෙහෙත් බිව්වද? ඩොක්ටර් මොනාද කිව්වෙ? මේ හැම දෙයක්ම ආකාශ් මගෙත් මං ආකාශ් ගෙත් හොයා බැලන්න පුරුදු උනා. ඇත්තටම ඒ හැමදෙයක් එක්කම අපි අපේ සිතුවිලි හැගීම් බෙදා ගත්තා.ඉතින් දැන් කොහෙත්ම අපි අපිට ආගන්තුක නෑ.
“ආකාශ් හොද කොල්ලෙක්, හොද ජොබ් එකකුත් කරනවා”
නිමා ඔක්කොටම කලින් ආකාශ් ගැන හොයාගත්තු විස්තර මට කිව්වා.
“මොනා කරත් මොකටද නිමා මට, මොනා උනත් ආකාශ් හොද යාලුවෙක් ඒක මට තේරෙනවා”
“යාලුකමට මුකුත් කියනවා නෙමෙයි දිලා.ඒත්..”
“උඹ බයයි මං ආයෙත් රැවටෙයි කියලා”
නිමා සම්පූර්ණ නොකරපු වාකය මං සම්පූර්ණ කලා
“එච්චර දුර යන්න එපා නිමා.. ආදරේට මං තාමත් බයයි”
“මං උඹ ගැන හොදට දන්නවා දිලා..මං ආසයි උඹ ආයෙත් හිනාවෙනවට .හැබැයි උඹට ආයෙ විදවන්න දෙන්න බෑ.”
“ඒ දේවල් ගැන මං හිතන්නෙ නෑ නිමා වෙන දෙයක් වෙච්චදෙන් හැබැයි මං මෝඩ වෙන්නෙ නෑ ආයෙ.”
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
“දිලා .. උඹෙ කකුල වෙනුවෙන් උඹට ඉස්සරහට තව පොඩ්ඩක් දුක් විදින්න වෙයි.”
ඩොක්ටර් තාත්තයි අම්මයි එක්ක මගෙ අසනීපෙ තත්වෙ ගැන කතා කරාට පස්සෙ නිමා මට කිව්වා.කොහොමත් හිත හදන්න ඕනා යමක් තියෙනවා නම් අම්මයි තාත්තයි ඒ වැඩේ බාරදෙන්නෙ නිමාට .නිමා ඒ දේ හරියටම කරන බව අත්දැකීමෙන්ම එයාලා දන්නවා.
“ඩොක්ටර් මොනාද කියලා තියෙන්නෙ..? තව ගොඩක් කල් ඒ කියන්නෙ මට මෙහෙම ඉන්න වෙනවද..? ”
“ටිකක් ඉන්න වෙයි, උඹෙ කකුල වෙනුවෙන් හැමදේම එයාලා කරනවා..ඒ දේවල් කොහොම උනත් හැමදේටම මූණ දෙන්න හයියක් උඹට තියෙනවා මං දන්නවා ඒක”
“ඒ කියන්නෙ මට මගෙ කකුල නැති වෙන්නත් පුලුවන්ද ආ..”
නිමා පරිස්සමට කල්පනාවෙන් කතා කරනවා කියලා තේරුන හින්දා මම කෙලින්ම නිමාගෙන් ඇහැව්වා.
“අනේ.. එහෙම වෙන එකක් නෑ දිලා, උඹ එච්චර පව් කරලා නෑ”
අන්තිමට නිමාගෙ උත්තරෙත් එක්ක ඉස්සරහට මොනා වෙයිද කියලා බයක් මගෙ හිතෙ හොල්මන් කරන්න ගත්තා.
“හම්ම්ම් ,බලමු”
ජනේලෙන් පේන වලාකුළු පිරිනු අහස දිහා බලාගෙන මම හීල්ලුවෙ උඹට අඩන්න තව කල් තියෙනවා දිලා .. කියලා මං මටම කියාගෙනයි.
“Gd mrng ..!! dilaa hve a nce dy ”
පුරුදු විදියටම ආකාශ්ගෙ sms එක උදෙන්ම ආවා.
“Gd mrng ..!! aki wsh u da sme ”
“Ithin monada doc thathata kiyala thiyenne?”
තාත්තා ඩොක්ටත් එක්ක කතා කරපු බව මං කලින් ආකාශ්ට කියලා තිබුනා.
“Hmm..samaharavita mata mage kakula nathi wei”
“Ooh .. ai dila ehema kiyanne docter ehema kiyalada”
“Na eth mata hithenava.man kohomath lucky girl kenek neme”
“Pissu kella, ehema hithanna epa oya lucky girl kenek eka oyata therenne na.”
“Hithala neme eth ehema hithenava”
“Pissu nathuva kiyanna doc monada kiyala thiyenne..?”
“Mage kakule bone 1th effect welalu .eyala uparima try karanavalu”
“Moda kella ithin danma baya unada.dnt wry dr,gd alws wth u.”
තවත් ගොඩක් දේවල් කියලා ආකාශ් මගෙ හිත හැදුවා. ඒ වචන වල ලොකු ලෙංගතු කමක් තිබ්බා. මේ අනුකම්පාව නෙමෙයි මට ඒක දැනුනා. ආකාශ් අන්තිමට කියපු එක දෙයක් මගෙ හිතට හොදටම වැදුනා.
“අවසානෙත් එකම නම් යන පාරත් එකම නම් මේ ගමන අපි එකටම යමු දිලා”
“ආසා නැද්ද ආකාශ් ව දකින්න”
නිමා දවසක් ඇහැව්වෙ මං ගැන හුරුපුරුදු ඉව නිසා වෙන්න ඇති.
“ඇයි උඹ දැන් බය නැද්ද මං රැවටෙයි කියලා”
විහිළුවට වගේ උනත් නිමා මං ගැන වද වෙන තරම දන්න නිසාම මං එහෙම ඇහැව්වා.
“මිනිස්සුන්ව කාලා බලන්න බෑ ඒත් ආකාශ්ගෙ නරකක් හොයන්න නෑ”
“ඒ කියන්නෙ උඹ CID වැඩේ කරා.”
“ම්ම් .. මං කිව්වනෙ උඹට ආයෙ විදවන්න දෙන්නෙ නෑ කියලා.”
“තාම නොහිතපු මාතෘකාවක් දිගේ උඹ ගියා වැඩි කියලා හිතෙන්නෙ නැද්ද”
“නොහිතපු නෙමෙයි නොකියපු කියපං උඹෙ ඇස් වල මූණෙ ඒ දේ තියෙනවා ඒත් උඹ දන්නෙ නෑ”
නිමා මගෙ හිත කියවනවා . ඒ කියන දේවල් හරි කියලා මගෙ හිත කියනවා.ඉතිං මං අහන් ඉන්නවා විතරයි වෙන මොනා කරන්නද?
“තාම දැකලවත් නෑ ඒත් පුරුදු කෙනෙක් වගේ”
මමත් මගෙ හිත කියවන්න ගත්තා.
“සංසාර පුරුද්ද වෙන්න ඇති”
නිමා විහිලුවට තමා කිව්වෙ ඒත් එහෙම දෙයකුත් ඇති කියලා මට හිතුනා.
“ඉතිං කියපන් ආසයි නේද දකින්න.”
“ම්ම්.. ගොඩක්”
එහෙම මුමුණද්දි ගොඩක් ආදරණිය රූපයක් මගෙ හිතෙ මැවුනා.
මං මෝඩියෙක්ද? හැගීම් වලට වහල් නොවුනු සිතුවිලි මාව ප්‍රශ්ණ නොකරනවත් නෙමෙයි. දැකලවත් නැති මූණක් ගැන හීන මවනවා. ඒත් හිත පුරා හොල්මන් කරන ඒ හැගීම තාමත් තෝර බේරගන්න මං දගලනවා. ඒ හැගීමට සීමා නෑ මායිම් නෑ රූපයක් ඕනා නෑ හීනෙන්වත් නොවිදපු උනුසුමක් ගැන ගානක්වත් නෑ. ඒත් මේ හිත දැන් මෝඩ නෑ කලින් නොකියවපු හැගීම් කියවන්න මේ හිතට දැන් පුලුවන්. ලග තියෙන රූපයක් ඇස් දෙකෙන් වින්දා උනත් අත්පටලවගෙන කෙතරම් දුර පියමන් කෙරුවත් කලින් මම හැගීම් කියෙව්වෙ නැතැයි දැන් මගෙ හිත කියනවා.
“දිලා අපි යමු කොරිඩෝව පැත්තට.”
දවසක් හැන්දෑවක නිමා මාව රෝද පුටුවෙ තියාගෙන මාව වාට්ටුවෙ පිටතට අරන් ගියා.
ගොඩක් දුර යන්න අවසර නැති හින්දා වාට්ටුවෙන් එහා පැත්තෙම තියන පුංචි සාලයක් වගෙ කොටසෙ නිමායි මායි නැවතිලා කතාවට වැටුනා.
“ආකාශ් කැතම කැත කොල්ලෙක් උනොත් උඹ මොකද කරන්නෙ”
නිමා ඇහැව්වා.
“මං දැන් ලස්සන මනින්නෙ වෙනස් විදියකට .මගෙ හිතෙන් ආකාශ්ගෙ රූපෙ මං දැකලා ඉවරයි. එයා ලස්සනම ලස්සන කොල්ලෙක් නිමා ඒක මට දැනෙනවා.”
“එහෙනම් බලපන් අර එන්නෙ ඒ හිතෙන් දැක්ක ලස්සන කොල්ලමද කියලා”
අපි දිහාවට එන දෙන්නෙක් ඇගිල්ලෙන් පෙන්නලා නිමා මගෙන් ඇහැව්වා.
කිහිලිකරු දෙකකට වාරුවෙලා අපේ දිහාවට එන්නෙ ආකාශ්මයි කියලා මං අනුමාන කරා .ලගින් ඉන්න යාලුවයි නිමායි කලින් කතා වෙලා මාව මෙතනට එක්කන් ආව කියලා තේරුම් ගන්න මට අපහසු උනෙ නෑ.
ඒ ඇස් දෙක තිබ්බෙ මගෙ මූණෙමයි.මග අරින්න බැරි ඒ බැල්මෙ දරාගන්න බැරි දයාබරත්වයක් මට දැනුනා . මං බිම බලාගත්තා.
“මං බලන්න බැරි තරම් කැතද”
ආකාශ්ගෙ කටහඩ මට ඇහුනා. මට නෑ කියන්න ඕනා උනා. ඇස් දෙකෙන් ඒ රූපෙ විදගන්න ඕනා උනා. ඊටත් වඩා ඒ ඇස් දෙක කියවන්න මට ඕනා වුනා. ඒත් මට කිසිදෙයක් කරගන්න බැරි තරමට මාව ගැහෙන්න ගත්තා.
නිමායි ආකාශ්ගෙ යාලුවයි ඈතට වෙලා අපි දිහා බලං හිටියා ආකාශ් මං ලග තියෙන පුටුවක වාඩි වෙලා මං දිහා බලං උන්නා.
“බලන්න බැරි නම් මං යන්නං”
“එපා”
ඇත්තටම ආකාශ් යයි කියන බයට මට කියවුනා. ඒත් ඒ වචන ඇහෙන නොඇසෙන තරම් හෙමීට මගෙ කටින් පිටවුනා විතරයි. මං බිමටම බරවෙන ඇස් උස්සලා ආකාශ් දිහා බැලුවා.
යාන්තමට කැරලිගැහුන කොන්ඩෙ, ඝනකම් ඇහි බැමි, රවුම් මුහුණ මං විදගත්තා ඒත් ඒ ඇස් වල කාන්තිය දරාගන්න බැරි තරම්.
“අද මගෙ ටිකට් කැපුවා දිලා”
ආකාශ් කියද්දි මට බය හිතුන මේ මං ආකාශ් දකින පලවෙනි දවස අන්තිම දවසත් මේකමද..?.
අහන්ඩ ප්‍රශ්ණ හිතේ ගොඩ ගැහුනත් තාමත් මගෙ වචන ගොළුයි.
“දැන් හොදයිද?”
අමාරුවෙන් මං වචන ගැටගැහුවා.
“හොදයි ඒත් මේ දෙන්නා නැතුව ඉන්ඩ බැරි වෙයි”
ආකාශ් මේ දෙන්නා කියලා පෙන්නුවෙ අත්වාරු දෙක.
එහෙම කිව්වම මට හිනාගියා. ඉන්න බැරි ඒ දෙන්නා නැතුව විතරද මට අහන්න ඕනා උනා. ඒත්..
“තව එක්කෙනෙක් නැතුව ඉන්න බෑ”
හරියට ආකාශ් මගෙ හිත කියෙව්වා වගෙ කිව්වා.
“ක..කා..වද ?”
මං ගොත ගැහුවා.
“ඒක කියන්න කලින් දැනගන්න ඕනෙ එයාටත් එහෙමද කියලා”
අකාශ් මගෙ නිකටින් අල්ලලා මගෙ මූණට එබුනා.
“කියන්න මට ආදරෙයිද”
මගෙ මුලු හිතම ගැහෙද්දි කටින් වචන පිට උනෙ නෑ ඔලුව හෙලවුනා විතරයි.
“කියන්න දිලා මට ඒක අහන්න ඕනෙ”
කියාගන්න බැරිව මෙච්චර දවසක් තෙරපුන වචන අන්තිමේදි මට කියවුනා.
“ගොඩාක් ආදරෙයි”
“කියන්න මගෙ කෙල්ලව අම්මගෙනුයි තාත්තගෙනුයි ඉල්ලගන්න මං එන්නද”
“මාව එච්චර වටිනවද”
“ම්ම් ..ගොඩක්”
මගෙ ඇස් දෙක දිහා බලාගෙනම ආකාශ් කතා කරා. ඒ ඇස් වල ,ඒ වචන වල ස්තීරත්වය කවදාවත් නොහැගුනු තරම් විශ්වාසයක් මගෙ හිතට දුන්නා.
“කවදාවත් දාලා යන්නෙ නෑ නේද”
“කවදාවත්ම නෑ මැණික”
ආකාශ්ගෙ දෙතොලෙ උනුසුම මගෙ නලලට දැනෙද්දි මං ඇස් දෙක පියාගත්තා. ඉතිං මං ඒ හැගීම් කියෙව්වා ආයෙ ආදරේ නිසා විදවන්න නෙමෙයි විදින්න විතරක්ම හිතාගෙන. සත්තකින්ම මට දැනුනා මේ ආදරේ .. අහස් ගව්ව සිඹින තරම්.. ම අනන්තයි…
෴නිමි෴
ප.ලි: මම දක්ෂ නවකතාකාරිනියක් නෙමෙයි දක්ෂ රචිකාවියකුත් නෙමෙයි මම අහස් ගව්ව සිඹින තරම් ලියන්න පටන් ගද්දිම ඔයාලට කිව්ව මතක ඇති කිව්ව වගේම මම නවකතාවක් ලියන්න ගත්තෙ ඇත්තටම හිතේ ඇති උන ආසාවටයි.එහෙම පටන් ගත්තට මොකද මේකත් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි කියලා දැනුනෙ වැඩේ පටන් ගත්තට පස්සෙයි.ඉස්සෙල්ලම කියන්න ඕනා මම ආරම්භයේ ඉදන් අවසානයටම බලද්දි අඩු පාඩු අනන්ත මගෙ කතාව ඇතුලෙ දැක්ක ආයෙමත් පුළුවන් විදියට හදාගෙන කොහොමෙන් කොහොම හරි ඔන්න අහස් ගව්ව සිඹින තරම් අද අවසාන කරා.ඒ ගැන විවේචනය කිරීමෙ අයිතිය තියෙන්නෙ කොහොමත් කියවන ඔයාලට. ඒ විවේචනයෙ වටිනාකම තියෙන්නෙ ලියපු මට එහෙම නේද ඒ නිසා මං ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලගෙ වටිනා අදහස් මේ ගැන මට කියලා යන්න.හොදක්ම කියන්න කියනවා නෙමෙයි නරකක් උනත් කියන්න සමහරවිට අවංකවම කියන ඒ වචන ටික වෙනස්ම මගකට මාව අරන් යාවි.
ආහ්.. ඒ එක්කම තව දෙයක් කියන්න ඕනෙ මම සෑහෙන්න කාලෙකට පාරමිතාවෙන් ඈතට යනවා අනේ මන්දා සමහරවිට ඒ සදාකාලයටම වෙයිද දන්නෙත් නෑ.හැබැයි මගෙ මිතුරු බ්ලොග් අඩවිවලට නම් මං අනිවා එනවා.පහුගිය කාලෙත් එහෙම ආවට මොකෝ මට කම්න්ට් එකක්වත් දාන්න උනේ කලාතුරකින් අනේ ඔන්න එහෙම කොරන්න නම් සාධාරණ හේතු තියනවා හොදේ .... :D
කොහොම උනත් පහුගියකාලෙ මගෙ පාරමිතාව ටිකක් පාලුවට ගියා... :( ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි හම්ම්ම්.. හැබැයි ඉතින් ඒකට වැරදිකාරයා මමයි කියලා මං දන්නවා එක එක හේතු නිසා මම ඔයාලත් අතර වැඩියෙ රැදුනෙ නෑ.. ඉහි..ඉහි.. ඒකෙන් මේකෙන් කොහොමත් පාඩුව උනේ මටම තමයි.
කොහොමෙන් කොහොම හරි මෙච්චර කාලයක් මගෙ නිර්මාණය රසවිදපු ඔයාලට මම ගොඩක්.. ගොඩාක් ස්තූති කරනවා ඉඩක් ලැබෙන විදියට ආයෙත් බ්ලොග් ලෝකයේදි හම්බෙමු ..
මගෙ මිතුරු ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා..!!
මෙන්න අහස් ගව්ව සිඹින තරම් නවකතාවෙ pdf එක . අර මං කලින් කිව්ව වගෙ මුල ඉදන් තිබ්බ අඩු පාඩු දැනෙන විදියට හදාගෙන පුංචි පොතක් විදියට ඔයාලට දෙනවා .කියවලා ඔයාලගෙ අදහස් කියන්න කියලා ආයෙමත් ඔන්න මං ඔයාලගෙන් ඉල්ලනවා ...
මුළු කතාවම බලන්න මෙතනින් එන්න
අහස් ගව්ව සිඹින තරම් ..(නවකතාව)
ආහ්.. ඒ එක්කම තව දෙයක් කියන්න ඕනෙ මම සෑහෙන්න කාලෙකට පාරමිතාවෙන් ඈතට යනවා අනේ මන්දා සමහරවිට ඒ සදාකාලයටම වෙයිද දන්නෙත් නෑ.හැබැයි මගෙ මිතුරු බ්ලොග් අඩවිවලට නම් මං අනිවා එනවා.පහුගිය කාලෙත් එහෙම ආවට මොකෝ මට කම්න්ට් එකක්වත් දාන්න උනේ කලාතුරකින් අනේ ඔන්න එහෙම කොරන්න නම් සාධාරණ හේතු තියනවා හොදේ .... :D
කොහොම උනත් පහුගියකාලෙ මගෙ පාරමිතාව ටිකක් පාලුවට ගියා... :( ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි හම්ම්ම්.. හැබැයි ඉතින් ඒකට වැරදිකාරයා මමයි කියලා මං දන්නවා එක එක හේතු නිසා මම ඔයාලත් අතර වැඩියෙ රැදුනෙ නෑ.. ඉහි..ඉහි.. ඒකෙන් මේකෙන් කොහොමත් පාඩුව උනේ මටම තමයි.
කොහොමෙන් කොහොම හරි මෙච්චර කාලයක් මගෙ නිර්මාණය රසවිදපු ඔයාලට මම ගොඩක්.. ගොඩාක් ස්තූති කරනවා ඉඩක් ලැබෙන විදියට ආයෙත් බ්ලොග් ලෝකයේදි හම්බෙමු ..
මගෙ මිතුරු ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා..!!
මෙන්න අහස් ගව්ව සිඹින තරම් නවකතාවෙ pdf එක . අර මං කලින් කිව්ව වගෙ මුල ඉදන් තිබ්බ අඩු පාඩු දැනෙන විදියට හදාගෙන පුංචි පොතක් විදියට ඔයාලට දෙනවා .කියවලා ඔයාලගෙ අදහස් කියන්න කියලා ආයෙමත් ඔන්න මං ඔයාලගෙන් ඉල්ලනවා ...
මුළු කතාවම බලන්න මෙතනින් එන්න
අහස් ගව්ව සිඹින තරම් ..(නවකතාව)