Pages

Saturday, March 16, 2013

අහස් ගව්ව සිඹින තරම්... 7වෙනි දිගහැරුම


කතාව අමතක නම් කලින් කොටස් බලලම එන්නකො..
1වෙනි දිගහැරුම                                                            4වෙනි දිගහැරුම
2වෙනි දිගහැරුම                                                            5වෙනි දිගහැරුම
3වෙනි දිගහැරුම                                                             6වෙනි දිගහැරුම

යන්න රට වටේ
එන්න මා.. ප්‍රියේ
ලස්සන ශ්‍රී ලංකාවේ...

මහා හඩින් තාලයට ඇහෙන ගීතයෙ ශබ්දයට තදින්ම පියවී තිබුන මගෙ ඇස් ඇරුනා. පාන්දර 5 වෙද්දි මාවත් අරගෙන යන්න තරූ ලා ආවේ තරමක් විශාල වෑන් රථයකින්.වෑන් රථයට ගොඩ උනාට පස්සෙ මට නින්ද යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ . තරූ.., තරූගෙ පෙම්වතා අසංක අයියා, අසංක අයියගෙ මල්ලි ,අම්මා , තාත්තා,තරූගෙ අයියා ,අම්මා, තාත්තා  .නිමා .. මේ හැමදෙනාගෙනම පිරිලා තිබුන රථය ඇතුලෙ පාන්දරම තිබුන මලානික ගතිය දැන්නම පහ වෙලා ගිහින්.

ඇති යාන්තම් උඹ නැගිට්ටද

නිමා උන්නෙ ගීතයේ තාලයට අත්පුඩි ගහමින්.

මං ගොඩ වෙලා නිදාගත්තද නිමා..

නැතුව උඹ නැග්ග වෙලේ ඉදන්  නිදිනෙ .

ඉතින් ඇහැරවන්න එපැයි බං

පාන්දරම ඇහැරුනානෙ අනික .උඹට මෙච්චර දුර ගමනක් ඔරොත්තු දෙයිද දන්නෙත් නෑ නෙ ඒ නිසා මං ඇහැරෙව්වෙ නෑ පව් නෙ උඹ..

මගෙ සහෝදරියක් තරම්ම නිමා මං ගැන බලන්න පුරුදු වෙලා තියෙන තරම්..

දරුවනේ .. අපි මෙතනින නතර වෙලා උදේට කාලා යමු නේද..

තරූගෙ .. තාත්තගෙ කාරුණික හඩට ගීත ගෝෂාව ඉබේම නතර උනා.

නියම ..අයිඩියා එක අන්කල් මාත් මේ කන වෙලාව එනකන් ඔරලෝසුවෙ කටු කකා හිටියෙ.

 හයියෙන් කෑ ගහලා එහෙම කිව්වෙ අසංක අයියගෙ මල්ලි සුරාජ්.

හරි හරි එහෙනම් උඹට කෑම නෑ පුතා..කටු කාලා බඩ පිරිලා ඇතිනෙ

හයියෙන් පාරක් සුරාජ් ගෙ පිටට ගහන ගමන් තරූගෙ අයියා සුරාජ්ට සරදම් කලා.

 ආ..හ් එහෙම කොහොමද .. මට නැත්තන් කාටත් නෑ හරිය..
විහිලුවට වගෙ ඇගිල්ල දික්කරමින් සුරාජ් කියවද්දි මේත් හොද කටකාරයෙක් කියලා මට හිතුනා.

 මිදුම පිරිච්ච ..කොළම කොළපාට ගස් පිරුනු ලස්සන කදු බෑවුමක ඉදගෙන උදේ කෑම ගන්න එක ඇත්තටම සුන්දර අත්දැකීමක් .

                      පාරෙ අයිනකට වෙන්න නවත්තලා තිබ්බ වෑන් රථයෙන් බැහැලා ඇවිත් ,කට්ටිය කෑමට ලෑස්ති වෙනකන් පැත්තකට වෙන්න තිබුන කලු ගල් බැම්මක වාඩි වෙලා මම උන්නෙ ඈතින් පේන ලස්සන පරිසරයට වශී වෙලා .

අපිට මෙකිව මෙහෙ ආරාමෙකටවත් දාලා යන්න වෙයිද දන්නෙ නෑ බං ..

තරූත් .. නිමාත් මා ලගම උන්නා කියලා මට මතක්  උනෙ තරූ. ටිකක් රිදෙන්ඩ මගෙ පිටට ගහද්දි

ආ..යි රිදුනා බං..

අනේ.. පලයං අපි පොඩ්ඩක් පිට අතගෑවම තමා උබට රිදෙන්නෙ.

තරූගෙ විහිලුවට මට මතක්උනෙ උත්පලව..

ඕං ඕං ඉතින් ඇස් රතු කරගත්තා අදවත් පොඩ්ඩක් සතුටින් හිනා වෙලා ඉන්නකො දිලා..

මගෙ කරට අතක් දාගෙන නිමා මාව සනසන්න පටන් ගත්තා.

අනේ ඔව් ..දිලා උඹව රිද්දන්න මං කිව්ව නෙමෙයිනෙ.

තරූ.. අනිත් පැත්තෙන් මගෙ අනෙක් උරහිසට අත තිබ්බා.

මං මේ ලස්සන ගමනෙ සතුට නැති කරන්න යනව කියලා මට මාත් එක්කම පුංචි තරහක් ආවෙ එතකොටයි.

පිස්සුද බං .. අද මං අඩන්නෙ නෑ හිනාවෙනවා විතරයි හරිද, කෝ බං කන්නෙ නැද්ද බඩගිනී..

මහ ලොකුවට බඩගින්නක් නැත්තත් මං කතාව වෙනස් කරන්න ඕනා හින්දම කිව්වා.

ආ..හ් ඔව්මයි අපි කන්නෙ නැද්ද ..නිමා උඹ හිටපන් මං කන්න අරන් එන්නම් මෙතන්ට..

ගියාටත් වඩා ඉක්මනින්     සීනි සම්බෝල දාපු පාන් අරගෙන තරූ අපි ගාවට ආවේ දුවගෙන .

හා.. හා.. මොකද මේ දෙන්න මගෙ කෙල්ලවත් තියාගෙන අයිනකට වෙලා.

අසංක අයියත් ,සුරාජුත්. කෝසල අයියත් අපි අතරට ආවේ ඒත් එක්කමයි.

ආ.. ඒවා ඔට්ටු නෑ අයියා තාම කෙල්ල අපේ තව මාස 2ක් තියනවා අයිතිය කියන්ඩ හරිද.

නිමා.. අසංක අයියට උත්තර දුන්නෙ තරුගේ අතින් කෑම ටික ගන්න ගමන්මයි.

ආ.. ඒවා කොහෙද ..නෑනා දැන් අපේ හරිය.

සුරාජ් පාන් කෑල්ලක් කටේ දාගෙනම කෑ ගැහැව්වා.

කට්ටියගෙම විහිලු තහලු හිනා මැද පුංචි සැහැල්ලුවක් මගෙ හිතට ගලාගෙන ආව.

 මීට ඉස්සල්ලා කවදාවත් නැති තරමට පුදුම තරම් රසක් ,  තෙල් බහින්න තියලා හදලා තිබ්බ කට දන සීනිසමිබෝල  පාන් කෑල්ලෙන් ආවෙ රංජනී ඇන්ටිගේ අත්ගුණේටද එහෙමත් නැත්තම් මේ සීතල පරිසරයෙ සුන්දරත්වයටද කියලා හිතාගන්න බැරුවම මන් තවත් සීනි සම්බෝල පාන් පෙත්තක් ගත්තෙ කවදාවත් නැති පෙරේත කමකින්.



                       විනෝදෙන් කෑ කෝගසමින් සිංදු කියමින් හවස 6 වෙද්දි අපි අපේ ගමනාන්තයට ආවෙ  මගදි බෙලිහුල්ඔයෙන් නා දවල්ටත් කාලා  තවත් වෙලා එතන හිටියටත් පස්සෙයි.

                       චුරු ..චුරු සද්දෙට පාර දෙපස ගලන පුංචි ජල සීරාවන් යන්තමින් බිම් කලුවර වැටී තිබුන පරිසරයට ගෙන ආවෙ අමුතුම සුන්දරත්වයක්. නම නොදන්නා තරමක් උසට වැඩුනු ගසුත් බාලොලියා මල් පදුරුත් අතරින් වැටුනු තරමක් පටු පාරකින් පැමින සොබාවිකවම තිබ්බ කලු ගලක  අපිලිවලට වගේ හදලා තිබ්බ පඩිපෙලක් ලග වෑන් රථය නතර කලා

            රෝස ,බාබන්ඩේසියා තවත් නම නොදන්න මල් පාත්ති දෙකතුනක් අතරින් අපි ඇවිදගෙන ගියා.  අපේ නවාතැන උනෙ තරූලගෙ පුංචිලා ගෙදර .ගොඩක් වත්පොහොසත් කමක් නැති උනත් අමුතු පිලිවලකට  උස් බිමක  ගල් තලාවකට වෙන්න තිබ්බ තරමක් ලොකු ඒ ගෙදර   තියෙන්නෙ සිත් පහන් කරවන නිස්කලංක කමක්.

                අයියලාට .. පාරට වාහනේ දාගන්න අමාරු උනේ නෑ නෙ.

අපි හැමෝවම පිලිගන්නට   ඉස්සරහට ආව තරූ ගෙ පුංචි .ඇහැව්වෙ තරූගෙ තාත්තගෙන්

ඒ හැටි අමාරුවක් උනේ නෑ නංගි .

කෝ පුංචි,... අයියා

තරූ පුංචිගෙන් ඇහැව්වෙ සාලෙ පුටුවක්   උඩ හරිබරි ගැහී ඉදගන්න ගමන්.

 කැම්පස් එකේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් හිටියෙ  දුවලා එනවා කිව්වම අද එනවා කිව්වෙ.

තරු මේ අහන්නෙ පුංචිගෙ පුතා ගැන විය යුතුය.

  කට්ටියට මූණ කට හෝදගන්නත් එක්ක මං උණුවතුරත් ලෑස්ති කලා, ඊට කලින් කෝපි ටිකක් බීලම ඉමු .

ඒක හොදා ..  සීත යන්නත් එක්ක .

 ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

                                            මුලු පරිසරය පුරාම තිබ්බෙ විදගෙන ඉවරයක් කරන්න බැරි තරම් සුන්දරත්වයක්.කුරුල්ලන්ගෙ තරගෙට වගෙ ඇහෙන කෑ ගැහිල්ල. සුදුම සුදු වේල් පටක් වගේ මුලු පරිසරයම වෙලා ගත්තු මී දුම. ඒ හැමටත් වඩා  පහලින් චුරු චුරු ගාගෙන ගලාගෙන යන දිය කඩිත්ත දිහා මං බලාගෙන උන්නෙ ගොඩක් ආසාවෙන්.

මොනාද උඹ කල්පනා කරන්නෙ

පිටිපස්සෙන් ඇවිත් උරහිසේ එල්ලිගෙන නිමා ඇහැව්වෙත් දිය කඩිත්ත දිහා බලාගෙනමයි

මාර ..ලස්සනයි නේ බං. හැමදාම ඉන්න හිතෙනවා

ඉතිං ..ඉදින්කො හැබැයි මට බෑ උඹෙ තනි රකින්න .ඒකට කෙනෙක් මෙහෙන්ම හොයාගනින්.

පිස්සි ..ඔන්න කිව්වා කතාවක් මං ඉතින් කියන්නෙ නෑ කාටද ඕනෙ කියලා.

ගුඩ්මෝනින්.. උඹලා දෙන්නා මට කලින් නැගිටලා ආවා නෙ.

දවස් ගානකට මෙට්ටයක් කොට්ටයක් දැකලා නෑ වගේ නිදන් ඉන්න හැටි දැක්කම ඇහැරවන්න හිතෙනව යැ නැද්ද බං.

දුඹුරු පාට ජර්සි එකක් දාගෙන අත් දෙක පපුවට උන්ඩි කරගෙන අපි දිහාවට එන තරූට නිමා කිව්වෙ මං දිහා බලලා ඇහැක් පුංචි කරන ගමන්.

ඊයෙ මහන්සියටද මන්දා බං පෙරේතයා ගැහැව්වා වගෙ නින්ද ගියා බං

එහෙමද නැත්තන් ඊයෙ වෙන මොනා හරි උනාද කවුද දන්නෙ දැන් ඉතින් පවුල් පංසල් වෙන්න යන උදවියනෙ නේ.

නිමා තරුවව තවත් අවුස්සන්න ගත්තා.

උම්මා එකක්වත් නෑ බං

කට ඇදකරගෙන තරූ කියපු හැටියට අපි තුන් දෙනාටම හිනාගියා.

෴මතුසම්බන්ධයි෴

12 comments:

  1. අඩේ කතාව ආයි කියවන්න ඕනි. මුල ටික කියෝලා එන්නම් ඈ

    ReplyDelete
    Replies
    1. අනිවා..කියවලා එන්න හැබැයි එහෙම කියලා ආයෙත් නෑවිත් ඉන්න ඔට්ටු නෑ

      Delete
  2. ටික කාලෙකින් එන්න බැරි වුනානෙ කතාව මුල ඉදන්ම බලන්න වෙයි වගෙ ජයෙන් ජය....

    ReplyDelete
    Replies
    1. අනිවා කියවන්න හොදෙ..
      මාත් ගොඩ කාලයක් හිටියෙ නෑ නෙ සචිත්..

      Delete
  3. ඔන්න මමත් ආව පාරමිතාව පුරන්න.... :)

    5 කොටසෙ ඉඳන් මේ වෙනකම් එක හුස්මට කියෙව්වා.. අනිත් ටික විභාගෙන් පස්සෙ බලන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා යසිත් ..දිගටම එන්න ඈ..

      ඉතිරි ටිකත් ඉක්මනටම කියවන්නකො

      Delete
  4. ammo math eka husmata kiyawagena giya kathawa kliyawanakotanam mage thiyena oluwe kakumath nathi una aththatama lassanai nishiyo paraklku nokara ikamata ithuru tiak danna asai kiyawanna

    ReplyDelete
    Replies
    1. හී..ඇත්තමද කිව්වෙ උමෝ..
      ඉන්නකො ඉන්නකො මං අනිත් ටික දාන්නම් ඉක්මනට හොදේ

      Delete
  5. mula indala kiyawanan weyi amathakayi. actually who's Uthpala? Unicode naha mama dan inne mac eke nisa niwadu paaduwe anek eken awith balannam :D

    ReplyDelete
    Replies
    1. හපොයි උත්පලව මතක නැද්ද???
      අනිවා..... ආයෙත් ඇවිත් බලන්න කෝරලේ මහත්තයෝ

      Delete
  6. හැමෝම මුල ඉඳන් අගට කියෝන එකේ මං වෙනසකටත් එක්ක අග ඉඳන් මුලට කියෙව්වා :ඩී අනිත් කොටසුත් ඉක්මණට දාන්න.. :)

    ReplyDelete
    Replies
    1. හී..හී රසවිදින්න පුලුවන්නම් එහෙමත් නරක නෑ ..
      ඒක නෙමෙයි කවුද කිරිල්ලිගෙ තටු සින්දේ ආ..

      Delete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..